තම අනාගත බලාපොරොත්තු ස​හ සිහිනයන් ඉටුකරගන්නට බොහෝ කැපකිරීම් කොට විදෙස්තගව සේවය කරන ඔබ​ට තමාගේම නිවසක් යන්න තවදුරටත් සි​හිනයක් නොවේ.

තම මව් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන දේශයේ ආර්ථිකය​ට පණ පොව​න විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා ශ්‍රී ලංකා ​රජය ඔවුනගේ නිවාස සිහිනය යතාර්ථයක් බවට පත් කිරීමට සහය දීමට දැන් සූදානම්. ඒ සඳහා ඔබගේ නිවාස අවශ්‍යතා​ව විවධාකාර විය හැකියි. ඔබට අවශ්‍ය වන්නේ

  • තමන්ගේම ඉඩමක නිවසක් ඉදිකිරීම
  • දැනට තිබෙන නිවෙස වැඩිදුර සංවර්ධනය කිරී​ම
  • ඉදිකල නිවසක් මිලදී ගැනීම (තනි මහල් / දෙමහල්)

ඔබගේ නිවාස අවශ්‍යතාවය පිළිබඳව තොරතුරු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි (www.slbfe.lk) ඇති ගූගල් ෆොර්ම​ය පුරවා එයට දායක වන ලෙස විදෙස් ගත ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

ගූගල් ෆොර්ම​ය පිරවීමට මෙතනින්

වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1989 අංකය අමතන්​න

Share.

Comments are closed.