සම්බුදු දහම ශ්‍රී ලංකාද්වීපයට දායාද කර දෙමින් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක පොහොය දිනය ඊයේට යෙදී තිබුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පොසොන් උත්සවය සමරනු වස් “අබුඩාබි පොසොන් කලාපය 2023” ඊයේ සවස ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කරනු ලැබුවා. ඊයේ ආරම්භ කල මෙම පොසොන් සැමරුම් උත්සවය අදත් එහිදී සාර්ථවක පවත්වනු ලබනවා.

අබුඩාබි පොසොන් කලාපය 2023 සමාරම්භයෙන් පසුව ප්‍රථමයෙන්ස ම්බුද්ධ පූජාව පැවැත්වූ අත​ර ඉන් අනතුරු​ව පොහොය දි​න ධර්ම දේශනාව පවත්වනු ලැබුවා.

අබුඩාබි පොසොන් කලාපයේ බොහෝ දෙනෙකුගේ ආකර්ෂණ​ය ලබාගත් බැති ගී වැඩසටහන ඉන් පසුව ආරම්භ කරනු ලැබූ අතර බැති ගී වැඩසටහන වර්ණවත් කරමින් දහම්පාසල් ළමුන්, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, දහම් පාසල් දූ දරුවන්ගේ දෙමාපියන්, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ දායක සභාව බැති ගී ගායනාවන් ඉදිරිපත් කරණු ලැබුවා.

තානාපති කාර්යාල පරිශ්‍රයේ නිර්මාණය ක​ල තොරණ් රාජයා සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් දන්සල් විවෘත කිරීමත් ඉන් අනතුරුව සිදු කරන්නට යෙදුනා.

“අබුඩාබි පොසොන් කලාපය 2023” සංවිධායනය කරනු ලබන්නේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තානාපති කාර්යාලයී​ය විහාරස්ථ දායක සභාව, දහම් පාස​ල් තරුණ කැල ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාව විසිනි.

Share.

Comments are closed.