Author: admin

මෙම නෞකාවේ ඇමරිකානු මගීන් 600ක් සහ කාර්ය මණ්ඩලය 400ක් සිටින බව සඳහන්. මෙම නෞකාව ලබන සඳුදා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි.

Read More

සංචාරක වීසා හරහා පුද්ගලයින් විදේශගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට අපොහොසත් වූ විදේශ රැකියා ආයතන 400ක් තහනම් කර ඇති බව විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි.

Read More

ප්‍රථම වරට ලොව විශාලතම නිල් මැණික් වෙන්දේසිය හා ප්‍රදර් ශනය පසුගිය නොවැම්බර් 22 සිට 24 වෙනිදා දක්වා DMCC හිදී පැවැත්විනි. ලෝක නිල් මැණික් වෙන්දේසියේ සහ ප්‍රදර් ශනයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ඩුබායි සහ උතුරු එමිරේට්ස් කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මැතිතුමා ද සහභාගී විය. මෙය නිල් මැණික් කේන්ද්‍ර කරගත් විශේෂිත වෙන්දේසියක් සහ ප්‍රදර්ශනයක් වන අතර මෙම උත්සවයේ අරමුණ වන්නේ වටිනා මැණික් ගල් ගෝලීය වේදිකාවක් මත ප්‍රවර්ධනය කිරීමයි. දුර්ලභත්වය සහ සුවිශේෂත්වය නිසා ලොව ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකේය නිල් මැණික් ප්‍රවර්ධනය කිරීමට මෙම උත්සවය හොඳ වේදිකාවක් වනු ඇත.

Read More

යාපනය සහ චෙන්නායි අතර ගුවන් සේවා දෙසැම්බර් 12 වැනිදා ආරම්භ කෙරේ. 2019 වසරේ විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ Covid-19 වසංගතය හේතුවෙන් 2020 මාර් තු මාසයේදී වසා දමන ලදී. දෙසැම්බර් 12 වැනිදා නැවතත් ගුවන් තොටුපළ විවෘත කෙරේ. එහි මූලික සූදානම සඳහා සංචාරක අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ යාපනය ගුවන් තොටුපළට පැමිණි බව වාර් තා වෙයි. දෙසැම්බර් 1 වෙනිදා සිට ගුවන් ගමන් සඳහා වෙන්කරවා ගත හැකිය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය නිමිතිකොට ගෙනරථවාහන දඩ සඳහා සියයට 50 ක වට්ටමක් ප්‍රකාශයට පත් කළ සිව්වන එමීර් රාජ්‍යය බවට සාජා පත්ව ඇත. මෙමගින් මෝටර් රථ හිමියන්ට 2022 දෙසැම්බර් 1 සහ 2023 ජනවාරි 20 අතර කාලසීමාව තුල අඩු කළ ගාස්තු ලබාගත හැක. වට්ටම් කළ දඩය 2022 දෙසැම්බර් 1 ට පෙර සිදු කරන ලද උල්ලංඝනයන් සඳහා අදාළ වේ. මෙම පියවර 2023 ජනවාරි 20 දක්වා පවතිනු ඇති පරිදි 2022 දෙසැම්බර් 1 දින සිට බලාත්මක වනු ඇත. එවැනි දඩ මුදල් මගින් පුද්ගලයන්ට මූල්‍යමය බර වැඩි වන බව මතක තබා ගනිමින් රියදුරන් නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බව ද සාජා පොලිසිය පවසයි.

Read More

කාලගුණික විපර් යාසයත් සමගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාහන පදවන්නන්ට මීදුම අනතුරු ඇඟවීම සිදුකොට තිබෙනවා.මේ යටතේ මාර්ග වල වේගසීමාවන් අඩු කිරීම සිදුකෙරෙනවා. අලුයම් කාලයේදී මීදුම නිසා දෘශ්‍යතාව අඩු වන විට මාර් ග කිහිපයක වේගය අඩු කිරීම සදහා නිවේදනයක් නිකුත් කර ඇති අතර ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වර් ෂාපතනයක් ද ඇති විය හැකි බව පවසනවා. අබුඩාබි පොලිසිය මීදුම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මාර්ගවල ප්‍රවේශම් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More

රටේ ජාතික දිනයට උපහාර දැක්වීම සඳහා මෙලෙස එම ගොඩනැගිල්ල ආලෝකමත් කරන්නට යෙදුනා.බර් ජ් කලීෆා රතු, කළු, සුදු සහ කොළ වර්ණවලින් ආලෝකමත් වූ අතර ජාතික ගීය පසුබිමින් වාදනය වුනා. සංදර්ශනය නැරඹීමට අමුත්තන් සහ නිවැසියන් විශාල සංඛ්‍යාවක් ජනප්‍රිය එම සන්ධිස්ථානය වෙත පැමිණ සිටියා.

Read More

අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කැරට් 22 කට වැඩි රන් භාණ්ඩ පැලඳ ගුවන් මඟින් පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර් ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමඟින් කිසිදු පීඩාවක් ඇති නොවන බව ඇමැතිවරයා පෙන්වා දෙනවා. ගුවන් මගීන්ට පැලඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්රන් කිලෝ 50 ක් පමණ ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී…

Read More

“මෙම දිනයේ, අපි අපගේ අතීතයේ ජයග්‍රහණ ගැන මෙනෙහි කරන අතර විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් අනාගතය දෙස බලමු. දෙවියන් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව දිගටම ආරක්ෂා කරත්වා” ඔහු වැඩිදුරටත් පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් අබුඩාබි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති ජාතික දින උත්සවය වෙනුවෙන් පැවති දර්ශනීය සංදර්ශනයට සහභාගී වෙමින් මෙලෙස සදහන් කලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, අතිඋතුම් ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන් සිකුරාදා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, එමිරේට්ස් පාලකයන් සමඟ නිල ජාතික දින සැමරුමේදී රටේ ජයග්‍රහණ පිළිබිඹු කරමින් එක්වීම පිළිබඳව තම ප්‍රීතිය ප්‍රකාශ කරණ බවයි. “අපේ ජාතියේ 51 වන…

Read More

සාප්පු සවාරි සදහා ලොව සුප්‍රසිද්ධ ඩුබායි ශොපින් ෆෙස්ටිවල් සැණකෙළිය මෙම මස 15වෙනිදා සිට ජනවාරි 29 වෙනිදා දක්වා ග්ලෝබල් විලේජ් මුල්කොටගෙන ඩුබායි නගරය පුරා පැවැත්වේ.සාප්පු සවාරි යන්නන්ගේ පාරාදීසයක් ලෙසද මෙම සැණකෙළිය හැඳින්වේ. සාප්පු යන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ වට්ටම් සහිත මිල ගණන් යටතේ විවිධ වෙළද භාන්ඩ පිරිනැමීම මෙම සැණකෙළියේ ඇති විශේෂත්වයයි. ගනුදෙනු වලින් සහ ගනුදෙනු කරැවන්ගෙන් පිරී ඇති නගරයක් මේ කාලසීමාවේදී දැක ගත හැකිය. විශාල විකුණුම්කරුවාගේ සිට කුඩා සාප්පු හිමිකරු දක්වා සෑම කෙනෙකුටම පිරිනැමීමට විශේෂ පිරිනැමීම් ඇත. මෙමගින් ඔවුන්ගේ වෙළදාම් වැඩිකරගැනීම මූලික පරමාර්ථ යයි. මෙම කාලසීමාව තුලදී වෙළදාම් වලට අමතරව නගරයම සැණකෙලි සිරියක් ගනී. සාප්පු සවාරි ප්‍රීතිය අත්විඳීමට අමතරව එම…

Read More