Author: kumudika

ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට නිශ්චිත ලෙසම කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන්ද ලබා දිය හැකි උපරිම සහන ප්‍රමාණයක් ජනතාවට ලබා දී ඇතැයිද ඔහු පවසයි. අයවැයෙන් නව බදු කිසිවක් පනවා නැති බවත් පැවසූ ඔහු තෙල් සංස්ථාව අලාභ ලබන තත්ත්වයට පත්කළේ කෙසේද එකල සිටි ඇමැතිවරුන් එය අවභාවිතා කළේ කෙසේදැයි ඉදිරියේදී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය. අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් කොලඹදී අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය. “ඉලක්ක දෙස බැලුවාම මේ වතාවේ ඒ පිළිබඳ වැඩි විශ්වාසනීයත්වයක් තැබිය හැකියි. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාවන් අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක්. ඒ වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටිකාලීනව පැන නගින පීඩනයන් අවශෝෂනය කරගැනීම සඳහා ආරක්ෂණ යෙදීමද වැදගත්. එමගින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවි. ඇතැමුන් කියන විදියට…

Read More

ඩුබායි එහි කීර්තිමත් ගෝල්ඩන් වීසා වැඩසටහන සමුද්‍ර යාත්‍රා හිමිකරුවන් වෙත දීර්ඝ කිරීමෙන් ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයන් ආකර්ෂණය කර ගෙන ඇත. නේවාසික සහ විදේශිකයන්ගේ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය (GDRFA) මෑතකදී නිවේදනය කළේ යාත්‍රා හිමිකරුවන් දැන් UAE හි දිගුකාලීන පදිංචිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට වසර 10ක පුනර්ජනනීය වීසා බලපත්‍රයක් ලබා දෙන බවයි. මෙම මුලපිරීම එමිරේට් හි ප්‍රමුඛ සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස එහි ස්ථානය ශක්තිමත් කිරීම සහ එහි සුඛෝපභෝගී සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ ඉලක්කය සමඟ සමපාත වේ. මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර පෙබරවාරි 19 සිට 23 දක්වා ඩුබායි වරායේදී පැවැත්වීමට නියමිත ඩුබායි ජාත්‍යන්තර බෝට්ටු ප්‍රදර්ශනය 2025 හිදී එළිදක්වනු ඇත. ගෝල්ඩන් වීසා වැඩසටහන ආයෝජකයින්ට,…

Read More

ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුවට (DLD) අනුව, ඩුබායි හි ඉඩම් හිමියන් කුලී ගාස්තු වැඩි කිරීමට අදහස් කරන්නේ නම්, බදු අලුත් කිරීමට අවම වශයෙන් දින 90කට පෙර කුලී නිවැසියන්ට දැන්විය යුතුය. නියමිත වේලාවට දැනුම් දීමට අපොහොසත් වීම යනු කුලිය වැඩි කළ නොහැකි බවය. මෙම යාවත්කාලීනය 2025 ජනවාරි මාසයේ දියත් කරන ලද නව Smart Rent Index සමඟ පැමිණේ. එය කාලීන කුලී වෙලඳපොල දත්ත සැපයීම සහ හදිසි වැඩිවීම් සම්බන්ධයෙන් ඉඩම් හිමියන් සහ කුලී නිවැසියන් අතර ආරවුල් වැළැක්වීම අරමුණු කරයි. Smart Rent Index දැනට අදාළ වන්නේ නේවාසික දේපල සඳහා පමණක් වන අතර, වාණිජ නිශ්චල දේපල සඳහා වෙනම දර්ශකයක් පසුව දියත් කිරීමට බලාපොරොත්තු වේ. නව පද්ධතිය කුලී…

Read More

ඩුබායි හි BurJuman වෙළඳ සංකීර්ණය ළඟදීම ප්‍රවේශපත්‍ර රහිතව ගෙවා වාහන නැවැත්වීමේ පද්ධතියක් ක්‍රියාත්මක කරනු ඇත. ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීමේ (ANPR) තාක්‍ෂණය සමඟ වාහන නැවැත්වීමේ ක්‍රියාවලිය විධිමත් කරයි. Mall of the Emirates සහ Dubai Mall හි සමාන පද්ධතිවල සාර්ථකත්වයෙන් පසුව, BurJuman හි වැඩිදියුණු කිරීම් වත්මන් වාහන නැවැත්වීමේ ගාස්තු පවත්වා ගනිමින් පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම අරමුණු කරයි. පාරිභෝගිකයන්ට තවදුරටත් ටිකට්පත් ලබා ගැනීමට අවශ්‍ය නොවනු ඇත. ANPR කැමරා වාහන නැවැත්වීමේ ගාස්තු ස්වයංක්‍රීයව ගණනය කරමින් ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථානවල අංක තහඩු පරික්ෂා කරයි. වාහන නැවැත්වීමේ ගාස්තු නොවෙනස්ව පවතී. පැය 3ක් නොමිලේ වන අතර සෑම අමතර පැයකටම Dh20ක් සහ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල…

Read More

වැඩ තහනම්ව හෝ සේවය අතහැර ගොස් සිට හෝ විවිධ හේතු මත සක්‍රීය සේවයේ නොසිට යළි සේවයට එක්වීමට නියමිත සියලු පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කරගැනීමේ පරීක්ෂණයකට යොමු වීම අනිවාර්ය කරමින්, වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

වාහන සමග ලංකාවට එන පලවෙනි නැව පෙබරවාරි මස 13 වනදා ජපානයෙන් පිටත් වූ බවත් එම නෞකාව නුදුරේදීම හම්බන්තොට වරායට ළගා වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වාහන ආනයනය කිරීමේ දී ජපානයේ බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි පිලි නොගන්නා බවට පැතිරෙන වාර්තා අසත්‍ය බව ද එම සංගමය පවසයි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්ද 158ක් ලබමින් විශේෂ බහුතරයකින් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) සම්මත විය. පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉල්ලා සිටියේය. ඒ අනුව ඡන්ද විමසීම සිදු කෙරිණි. එසේම පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා ඡන්ද 187ක් හිමිවිය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද ප්‍රකාශ වීමක් සිදු නොවිණ. ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී සභා ගර්භය තුළ මහජන නියෝජිතයන් 37 දෙනකු නොසිටි අතර පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

Read More

2026 වසර වන විට air taxi සේවය ආරම්භ කරන ලොව පළමු නගරය බවට ඩුබායි නගරය පත් වීමට සූදානම් වේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් Saif Mohammed Al Suwaidi මහතා සඳහන් කලේ මෙම ව්‍යාපෘතිය එමීර් රාජ්‍යයේ ප්‍රවාහන ජාලයට නියමු සහ ස්වයංක්‍රීය ගුවන් කුලී රථ ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන පියවරක් බවයි. මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ සම්ප්‍රදායික මාර්ගවල තදබදය අවම කිරීම, සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ වඩා දක්ෂ, වඩා කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමය. මෙහෙයුම් කටයුතු 2026 වසරේ පළමු කාර්තුවේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර අති නවීන ප්‍රවාහන ක්‍රමයට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති, රටේ පළමු වාණිජ vertiport යානා මෙම වසර මුලදී එළිදක්වනු…

Read More

ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන L.M.D. විසින් අඛණ්ඩව සිදු කරමින් පවතින සමීක්ෂණයක ජනවාරි මාසයට අදාල ප්‍රතිඵල ඔවුන් විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, ඉදිරි මාස දොළහ තුළ ආර්ථිකය සුබවාදී අතට වෙනස්වනු ඇති බවට වන විශ්වාසය, සමීක්ෂණය සදහා සහභාගී වූවන්ගෙන් 58% ක පිරිසකට පවතී. මෙහි විශේෂත්වය වන්නේ, පසුගිය වසරේ සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, ආර්ථිකය සුබවාදී වනු ඇතැයි විශ්වාසය පලකර තිබුණේ 8% ක පිරිසක් පමණක් වීමය. ජනවාරි මාසයේ දී ආර්ථිකය පිළිබද සුබවාදී දැක්මක් සහිත පිරිස 58% ක් දක්වා ඉහළ අගයකට පැමිණ තිබෙන්නේ, දෙසැම්බරයේ දී එය පැවති 41% ක අගයක සිට 17% ක වර්ධනයක් සමගිනි.

Read More