Author: kumudika
9 වන වාර්ෂික Souq Al Jubail දින උත්සවයේ ක්‍රියාකාරකම් සාජා හිදී ආරම්භ කරන ලද අතර, එය ලබන සැප්තැම්බර් අවසානය දක්වා පැවැත්වෙනු ඇත. Souq Al Jubail හි ඉඳි අලෙවිසැල් හිමියන්ගේ පුළුල් සහභාගීත්වය සහ බාහිර සහභාගිවන්නන් රැසක් මීට සම්බන්ධ වේ. සාජා සිටි මාකට්ස් හි අධ්‍යක්ෂ ඉංජිනේරු අබ්දුල්ලා අල් ෂම්සි මහතා පැහැදිලි කළේ මෙම උත්සවය එමිරේට්ස් හි ඉතා වැදගත් අලෙවිකරණ ඉසව්වක් සහිත නගරයේ කීර්තිය පිළිබිඹු කරන්නක් බවයි. ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් ප්‍රයත්නයන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් රට තුළ ඉඳි නිෂ්පාදන සමයට සමගාමීව රට ඉඳි ඇතුළු ජාතික නිෂ්පාදන සඳහා සහය දැක්වීමට සහ දිරිගැන්වීමට මෙම වෙළඳ උත්සවය හරහා අරමුණු කරන බව සඳහන් වේ.
හදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි. නාගරික සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව මෙය ක්‍රියාත්මක කරයි.මෙලෙස හදුනාගෙන ඇති වෙරළ කලාප වන්නේ, වනාතවිල්ලුව ගගේ වාඩිය, වනාතවිල්ලුව කලපු දූපත, කල්පිටිය කුඩාව, කල්පිටිය වයිකාල, මීගමු කලපුව, මීගමුව කපුන්ගොඩ, වත්තල ප්‍රීතිපුර, බෙන්තොට වෙරළ, හබරාදුව කොග්ගල කලපුව, දික්වැල්ල සීතාගාල්ල, තංගල්ල රැකව කලපුව, අම්බලන්තොට ලුනම කලපුව, හම්බන්තොට මලල ලේවාය, තිස්සමහාරාම කිරින්ද වැලි කන්ද, ලාහුගල කුණුක්කල වෙරළ, පොතුවිල්…
එමීර් රාජ්‍යය පෞද්ගලික අංශය සඳහා ඉස්ලාමීය අලුත් අවුරුදු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.මානව සම්පත් හා එමිරේටේෂන් අමාත්‍යාංශය (MoHRE) නිවේදනය කළේ 2024 ජූලි 7 වන ඉරිදා (මුහර්රම් 1) එමීර් රාජ්‍යයේ නව හිජ්රි වසර 1446 නිමිත්තෙන් පුද්ගලික අංශයේ සමාගම් සඳහා නිල වැටුප් සහිත නිවාඩු දිනයක් වන බවයි.
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නාගරික ප්‍රවාහන සේවාවන්හි සැලකිය යුතු වැඩිදියුණු කිරීමක් එළිදක්වා ඇති අතර, මේ හරහා තෝරා ගත් මෝටර් රථ හිමියන්ට ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ප්‍රධාන ලේඛන කළමනාකරණය කිරීමට ඉඩ ලැබේ. ජූලි 2 වනදා වන විට, Samsung පරිශීලකයින්ට Samsung Wallet සමඟ ඒකාබද්ධ වීමත් සමඟ RTA යෙදුම හරහා රියදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි කිරීම් බාධාවකින් තොරව අලුත් කළ හැකිය. මැයි මාසයේදී හඳුන්වා දුන් යාවත්කාලීන කරන ලද RTA යෙදුම, තනි පුද්ගලාරෝපිත උපකරණ පුවරුවකට සේවා ඒකාබද්ධ කිරීමට නිර්මාණය කර ඇති පරිශීලක හිතකාමී අතුරු මුහුණතක් දක්වයි. මෙම විධිමත් ප්‍රවේශය බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය, වාහන නැවැත්වීමේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සහ ප්‍රවාහනයට අදාළ…
බොහෝ ඩුබායි වැසියන් නගරයෙන් පිටත සති අන්ත චාරිකා වලට කැමැත්තක් දක්වති. මෙම චාරිකා ඉසව් අතර හත්තා ප්‍රදේශයට මුල් තැනක් හිමි වේ. ඩුබායි සිට හත්තා දක්වා RTA බස් සේවාව ඩුබායි සහ හත්තා සම්බන්ධ කරන මාර්ග දෙකක් සපයයි. ‘හැට්ටා එක්ස්ප්‍රස්’ සෑම පැය දෙකකට වරක් ඩුබායි මාල් දුම්රිය ස්ථානයෙන් පිටත් වේ. Bus Route One (H02) දිනපතා උදේ 7 සිට සවස 7 දක්වා ධාවනය වන අතර එය සතියේ ඕනෑම දිනක දර්ශනීය නිවාඩුවක් සඳහා පහසු වේ. ‘හත්තා හොප් ඔන් හොප් ඕෆ්’ සංචාරක බස් සේවාව ලෙස හැඳින්වෙන මාර්ග දෙක, හත්තා බස් නැවතුම් පොළෙන් ආරම්භ වී අවසන් වන පරිදි චක්‍රාකාරව ක්‍රියාත්මක වේ. දිනපතා උදේ 7 සිට සවස…
රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇතැයි එරට මාධ්‍ය පැවසීය. රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පැවැසුහ. මෙම රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ගුමී නගර බලධාරීහු ප්‍රකාශ කළහ. සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් වාර්තා වේ. මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි…
සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සහ එම පනතට පසුව සිදු කරන ලද සංශෝධන අනුව මෙගාවොට් 10 හෝ ඊට අඩු ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බල ශක්තිය ව්‍යාපෘති වලට අදාලව තාක්ෂණය මුල් කරගත්, පිරිවැය පරාවර්ථක අවශෝෂක ගාස්තු (Feed In Tariff) ක්‍රමවේදයක් යටතේ සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු වන බව රජය පවසයි. ඒ අනුව පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ විචල්‍ය ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-03-13 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, සංවර්ධකයින් කිහිප දෙනකු…
ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර නදීෂානි දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂිට ඒ සඳහා අවස්ථාව හිමිවිණි. එසේම නදීශා කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙ ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්ථානයේ පසු වේ. එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණි.
ශ්‍රී ලංකාවේ ඖෂධ වල උපරිම සිල්ලර මිල තීරණය කරන අති විශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව පසුගියදා (ජූනි 28) නිකුත් කෙරිණි. මීට පෙර ඖෂධ 60ක මිල නියාමනය සිදු කළ අතර ඊට අදාළ ක්‍රමවේදය මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බවත් ඖෂධ ආනයනකරුවන්ගේ ඉල්ලීමකට අනුව මෙම ගැසට් කිරීම සිදු කළ බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමසිංහ මහතා පැවසීය. මෙම අවස්ථාවේ ඖෂධවල අලුතින් මිල නියාමනයක් සිදු නොකරන බවත් මීට පෙර සිදු කළ මිල නියාමනයට අදාළව ගැසට් කළ මෙම ක්‍රමවේදයට අනුව ඉදිරි කාලයේ මිල නියාමනය කිරීම් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඖෂධවල මිල නියාමනය…
ලංකා ඉන්දීය තෙල් සමාගම අද(02) සිට ඔවුන්ගේ IOC බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටේන් 100 වර්ගයේ පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාව තුල මෙම XP100 ඉන්ධන වර්ගය නිල වශයෙන් එළිදැක්වීම ඉන්ධන සහ බලශක්ති අමාත්‍යයවරයා, ඉන්දියානු මහා කොමසාරිස්තුමා සහ ගරු LIOC සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සවස 2.45ට නයින්වේල්ස් ලංකා ඉන්ධන පිරවුම්හලේ (Ninewells LANKA IOC Filling Station)දී සිදු කිරීමට නියමිතය. මේ අනුව ශ්‍රී ලංකාව මෙම පෙට්‍රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත් වේ.නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි. මෙම වර්ගයේ…