Author: kumudika
සංඛ්‍යා ලේඛන මධ්‍යස්ථානයේ අබුඩාබි (SCAD) හි ප්‍රධාන ප්‍රවාහන සංඛ්‍යාලේඛන 2023 වාර්තාවේ අබුඩාබි ගුවන්තොටුපළ විසින් නිකුත් කරන ලද දත්ත මගින් අනාවරණය වූයේ එමිරේට්ස් ගුවන් තොටුපළ හරහා වාර්ෂිකව පැමිණෙන සංඛ්‍යාව මිලියන 11.1 ඉක්මවා ඇති අතර පිටත්වීම් සංඛ්‍යාව මිලියන 11.3 ක් වූ බවයි. වාර්තාවට අනුව, එමිරේට්ස් ගුවන් තොටුපළ හරහා පැමිණීමේ ලැයිස්තුවේ උපන් රට අනුව ඉන්දියානු උපමහාද්වීපය ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, 2023 අවසන් වන විට සංචාරකයින් මිලියන 3.2 ක් පමණ ද, බටහිර යුරෝපය මිලියන 1.9 ක් ද, ආසියාව මිලියන 1.7 ක් ද, ජීසීසී රටවල් අවට සිටින රටවල් ද වේ. මිලියන 1.6 ක් සහ නැගෙනහිර ආසියාවේ සංචාරකයින් 822,777 ක් ඇත. පසුගිය වසරේ එමිරේට්ස් ගුවන්…
මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අධ්‍යක්ෂ ජනරාල් සහ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ගරු Mattar Al Tayer, මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ නියෝජිත පිරිසක් හමුවිය. නිරිතදිග ඔහියෝ ප්‍රාදේශීය සංක්‍රමණ අධිකාරියේ (SORTA) සභාපති ගරු බ්ලේක් එත්‍රිජ් විසින් දූත පිරිස මෙහෙයවන ලදී. රැස්වීමේදී, ප්‍රවාහනය, මාර්ග, ඒකාබද්ධ සහ පරිශීලක හිතකාමී සංචලතා යෙදුම්, සම්බන්ධිත සහ තත්‍ය කාලීන සංචලතා පද්ධති සහ ස්වයංක්‍රීය ප්‍රවාහනය වැනි විවිධ ක්ෂේත්‍රවල RTA සහ එහි ඇමරිකානු සගයන් අතර සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත. මෙම රැස්වීමේදී Al Tayer පොදු ප්‍රවාහන සේවයේ RTA හි හොඳම භාවිතයන්, නවීන සහ තිරසාර ප්‍රවාහන පද්ධති සහ වර්තමාන සහ අනාගත සංචලන සේවා…
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඊයේ (03) පෙරවරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික රෝහලේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය ඒ බව සඳහන් කලාය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර රසදිය භාවිතය සම්පූර්ණයෙන් නැති කර දැමීමේ වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බව ඇය කියා සිටී. මුළු සිරුරෙම රසදිය ප්‍රමාණයක් අලේප කළවිට එය සම හරහා රුධිරයට අවශෝෂණය නොවන බව පැවසීම කිසිදු වගකීමක් නොමැති ප්‍රකාශයක් බව පවසන ඇය රසදියවලින් පිළිකාවලට වඩා වකුගඩු අකර්මන්‍යතා සිදු විය හැකි බව වැඩිදුරටත්…
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ ඇය “හඳ නැන්දා” ලෙස හැඳින් වූවාය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති අය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේය. ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ ආදරණීය බිරිද විය.
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අර්ථනිරූපණයක් ලබා දෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලැබී තිබේ. මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයකු වන චමින්ද්‍ර ඩී. ලේනව මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති. පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ඡේදය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3 වැනි පරිච්ඡේදය මඟින් සංශෝධනය වූ බව ප්‍රකාශ කර ඇති නමුත් එය ප්‍රශ්නගත බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළොස්වන පරිච්ඡේදය සලකා බැලීමේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…
ශ්‍රී ලංකාවේ රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාද වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ජූලි 02 දින ආරම්භ විය.ඒ රේගු ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන වලට විරෝධය පලකිරීමක් ලෙසය. රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කර සිටියේ ආදායම් අධිකාරි පනතට විරෝධය පලකරමින් අදත් හෙටත් වැඩවර්ජනයක නිරත වන බවය.
වසර 51,200 ක් පැරණි, ලෙන් චිත්‍රයක් ඉන්දුනීසියාවෙන් හමුවී තිබේ. පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුව ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනක් තුලිනි. මෙම ලෙන හැඳින්වෙන්නේ ‘ලියං කරම්පුඅං’ නමිනි.ලෙන් චිත්‍රයේ වයස නිර්ණය කිරීම සිදුවූයේ එය පරීක්ෂණවලට යොමු කරමිනි. කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති ලෙන් චිත්‍රයේ මිනිස් රූපයක් සහ වල් ඌරකුගේ රූපයක් දකින්නට ඇත. මීට පෙර ද වසර දහස් ගණනක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සොයා ගෙන තිබේ.කෙසේ නමුත් පුරා විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ට හමුවුණු පැරණිතම ලෙන් චිත්‍රය මෙය බවය.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදි වේගවත්ම ශතකය රැස් කරමින් කුසල් ජනිත් පෙරේරා දියත් කළ විශිෂ්ට ඉනිම සමඟ ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ සුපිරි හඹා යෑමකින් දඹුල්ල කිංග්ස් පිල කඩුලු 4කින් පරාජය කිරීමට සමත් වූහ. LPL තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (03) පස්වරුවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අතර පළමුව පන්දුවට පහර දුන් දඹුලු පිලේ ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිල අවසන් පන්දුවෙන් ජය තහවුරු කර ගත්තේ කඩුලු 6ක් දැවී තිබියදීය. පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 36ක් තුළ දවා ගැනීමට දඹුලු පන්දු යවන්නන් සමත් වුවද සිව්වැනි කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්වූ නායක චරිත් අසලංක…
ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍ය Wang Lingjung මහතා ප්‍රකාශ කර ඇත. චීන උප අමාත්‍යවරයා සහ මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගා කරන තේ, පොල්, අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන වැඩිදුරටත් චීන වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර ඇත. ලංකාවේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පළතුරු මිලදී ගැනීමට චීන රජය ඉදිරි කාලයේ කටයුතු කරන බව ද චීන උප අමාත්‍යවරයා සඳහන්…
ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වන එකොලොස් හැවිරිදි වොරන්ට් සනුහක් පින්නවලගේ එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට සහ විශේෂයෙන්ම දුප්පත් පාසැල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සදහා ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ලෝකයේ මෙතෙක් පැවති යුද්ධ වල දී අසරණ වී සිටින ජනතාවට සනුහක් පින්නවලගේ සිදු කළ උදව් උපකාර සහ සත්කාර අගය කිරීම සදහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සනුහක් පින්නවලගේ වෙත රන් සම්මානයක් ප්‍රදානය කර තිබේ. සනුහක් පින්නවලගේ දෙමාපියන් ඇමෙරිකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටිති. සනුහක් පින්නවලගේ තම පියා සමග ඊයේ (02) රාත්‍රී 08.30 ට ඉතිහාඩ් ගුවන් සේවයේ…