Author: kumudika
ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඔස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ. 2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා ආදී පුළුල් සේවා රැසක් සහිත පරිපූර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ…
ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ තානාපති වැඩසටහන (SLCAP) ආරම්භ කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත්කිරීමෙහිලා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන එකට එක්ව, ව්‍යාපාර ඉසව් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමෙහිලා වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාව මෙය වේ. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර කොංග්‍රස් සහ සම්මේලන සංගමයේ (ICCA) ප්‍රධාන විධායක නිලධාරි සෙන්තිල් ගෝපිනාත් මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන ඇරඹීය. මෙරට සංවිධාන ප්‍රධානින් සහ වෘත්තිකයන් ගෝලීය වේදිකාව මත…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිල්ලර වෙළෙන්දෝ දැවැන්ත රාමසාන් අලෙවිය ආරම්භ කර ඇත. 70% දක්වා වට්ටමක් මෙහිදී හිමි වේ. රාමසාන් සාප්පු සවාරි සමය නිල වශයෙන් ආරම්භ වී ඇති අතර 2024 Statista සමීක්ෂණයකින් හෙළි වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාප්පු සවාරි යන්නන්ගෙන් 60% රාමසාන් සමයේදී සැලසුම් කළ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බවයි. මේ වසරේ පාරිභෝගික පුරුදු යළිත් වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, YouGov වාර්තා කරන්නේ සිල්ලර බඩු සහ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මේ වන විට UAE පාරිභෝගිකයින්ගේ වියදම් කාණ්ඩයේ ඉහළින්ම තිබෙන බවය.
රික්ටර් මාපාංක ඒකක 7.6ක භූ කම්පනයක් කැරිබියන් දූපත් ප‍්‍රදේශයේ ඇතිව තිබේ.එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එහි කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 පමණ දුරින් පිහිටි බවය. මේ නිසා රටවල් කිහිපයක් සඳහා හදිසි සුනාමි අනතුරු ඇඟවීම් තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.
2025 ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් දිවයිනට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව 17.5% ක වැඩිවීමක් බවද සඳහන් වේ. පසුගිය වසරේ (2024) ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.
සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත්තේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි. 2025 ජනවාරි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බවද කම්කරු කාර්යාලය සදහන් කරයි. සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා සේවක අර්ථසාධක අරමුදල යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබේ. ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස…
මේ වසරේ පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ. ඒ අනූව මේ වසරේ ශ්‍රී ලංකාවට දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් ඇත.
ඩුබායි සිට දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ බෙලිඅත්ත, අකුරැස්ස පොලිස්ථාන වෙත භාරදී තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමේ සිද්ධීන් 4 ක් සහ පුද්ගලයෙකුට පහරදී නිවසකට අලාභහානි කිරීමේ සිද්ධියකට සැකකරුවෙකු වූ කදන්ගම දෙණියේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් කොලොන්නාවේ චන්දන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවයි. රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැත්තා අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනයට අදාළ සැකකරුවෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලීසියට භාරදී ඇත. නාඩ කන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැත්තා ද ඊයේ ඩුබායි සිට…
Emirates Central Cooling Systems Corporation PJSC (Empower) හි ප්‍රධාන විධායක නිලධාරී,ගරු අහමඩ් බින් ෂෆාර් මහතා, එක්සත් ජනපදයේ IDEA Campus Energy Conference 2025 අතරතුර ජාත්‍යන්තර දිස්ත්‍රික් බලශක්ති සංගමයේ (IDEA) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Rob Thornton හමුවිය. ඔවුන්ගේ රැස්වීම 2025 දෙසැම්බරයේ ජාත්‍යන්තර දිස්ත්‍රික් සිසිලන සමුළුවේ සිව්වන අදියර සඳහා සත්කාරක ලෙස ඩුබායි හි ඉදිරි භූමිකාව කෙරෙහි අවධානය යොමු කළේය. දිස්ත්‍රික් සිසිලන ක්‍ෂේත්‍රයේ නවතම වර්ධනයන්, එය මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගැනීමේ උපාය මාර්ග පිළිබිඹු කරන ප්‍රධාන තේමාවන් ඇතුළුව, උත්සවය සඳහා සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගත විය. බලශක්ති කාර්යක්ෂමතාව සහ පාරිසරික තිරසාරත්වය ආමන්ත්‍රණය කරමින් දිස්ත්‍රික් සිසිලන සාකච්ඡා සඳහා ප්‍රමුඛ ගෝලීය වේදිකාවක් ලෙස…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) 2024 දී දේශීය හා ගෝලීය වශයෙන් මිලියන 29.224 කට ප්‍රතිලාභ ලබා දෙමින් ව්‍යාපෘති 63 ක් ක්‍රියාත්මක කරමින් සමාජ සහ මානුෂීය හේතූන් සඳහා වන සිය කැපවීම යලි තහවුරු කර ඇත. මෙම ප්‍රයත්නයන් ජාත්‍යන්තර මානුෂීය ආධාර සමඟ අනාථ දරුවන්, අඩු වරප්‍රසාද ලත් පවුල් සහ විශේෂ අවශ්‍යයතා සහිත පුද්ගලයින් සඳහා වන සහයෝගය ඇතුළත් වේ. RTA හි ආයතනික පරිපාලන සහය සේවා අංශයේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල්ලා අල් අලි, ආයතනික සමාජ වගකීම තුළින් සමාජ සහයෝගීතාවය පෝෂණය කිරීමට අධිකාරියේ කැපවීම අවධාරණය කළේය. සහයෝගීතාව සහ තිරසාර දීමනා පිළිබඳ එමීර් රාජ්‍යයේ නායකත්වයේ දැක්ම සමඟ RTA පෙළගැස්ම ඔහු අවධාරණය කළේය. RTA “මව්…