Author: kumudika

ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA), Digital DEWA හි ඩිජිටල් අනුබද්ධිත Moro Hub සමඟ සහයෝගීතාවයෙන්, SAP Hana Enterprise Cloud SAP RISE වෙත සාර්ථකව මාරු වී ඇත. Moro Hub හි පරිසර හිතකාමී දත්ත මධ්‍යස්ථානවල සත්කාරකත්වය දරන මෙම සැලකිය යුතු හුවමාරුව, DEWA හි ඩිජිටල් හැකියාවන්, පරිමාණය, නම්‍යශීලී බව සහ නව්‍යකරණය වැඩි දියුණු කිරීම සඳහා ශක්තිමත් කිරීමට සකසා ඇත. Moro Hub හි හරිත දත්ත මධ්‍යස්ථාන අති නවීන AI සහ IoT තාක්‍ෂණයන් මගින් බල ගැන්වෙන අතර, DEWA හට එහි සයිබර් ආරක්‍ෂාව, දත්ත ගබඩා කිරීම සහ වලාකුළු මත පදනම් වූ සේවා බෙදාහැරීම වැඩිදියුණු කිරීමට හැකි වේ. මධ්‍යස්ථාන ඩුබායි ඉලෙක්ට්‍රොනික ආරක්ෂක මධ්‍යස්ථානය විසින් සහතික කර ඇති…

Read More

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් නිකුත් කරන ලද ‘ගෝලීය නගර දර්ශකය 2024’ වාර්තාවේ මැද පෙරදිග සහ අප්‍රිකාවේ ඉහළම නගරය ලෙස ඩුබායි ශ්‍රේණිගත කර ඇත. ඩුබායි අඛණ්ඩව දෙවන වසර සඳහා කලාපයේ ඉහළම ස්ථානය පවත්වා ගෙන යන අතර, සියලුම ප්‍රධාන කාර්ය සාධන දර්ශක සහ කාණ්ඩ හරහා සුවිශේෂී ලෙස ක්‍රියා කරමින්, කලාපයේ නගරයේ ආර්ථික නායකත්වය නැවත තහවුරු කළේය.නගර 100ක් ඇගයීමට ලක් කළ දර්ශකයේ ඩුබායි ද ගෝලීය වශයෙන් පස්වැනි ස්ථානය දක්වා ඉහළ ගියේ ලකුණු 100 න් 86 ක් සමඟිනි. ඩුබායි සිංගප්පූරුව, ලොස් ඇන්ජලීස්, සිඩ්නි, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ඇම්ස්ටර්ඩෑම් වැනි ප්‍රධාන ගෝලීය නගර අභිබවා ගියේය. ඒවා පිළිවෙලින් හයවන සිට දහය දක්වා ස්ථානගත විය. ඩුබායි හි ඔටුන්න හිමි…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භක නිර්මාතෘවරුන් වන ගරු Sheikh Zayed bin Sultan Al Nahyan සහ ගරු Sheikh Rashid bin Saeed Al Maktoum මහත්වරුන් වෙත කැපී පෙනෙන උපහාරයක් ලෙස, Brand Dubai විසින් DIFC ද්වාරය තුළ මීටර් 50 ක ස්මාරක සේයාරුවක් අනාවරණය කර ඇත. මෙම කලා නිර්මාණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජ දිනය සහ ඊඩ් අල් එතිහාද් ඇතුළු ජාතික අවසාන සැමරුම් ව්‍යාපාරයේ කොටසකි. කීර්තිමත් ඡායාරූප ශිල්පී රමේෂ් ශුක්ලා විසින් ග්‍රහණය කර ගන්නා ලද මෙම කලා කෘතිය එමීර් රාජ්‍යය සමෘද්ධිමත් ජාතියක් බවට පරිවර්තනය කළ මෙම නායකයින්ගේ දැක්ම සහ එකමුතුකම මූර්තිමත් කරයි. මෙහි නිර්මාණ පසුබිම එමිරාති චිත්‍ර ශිල්පී මයිතා දේමිතාන්ගේ නිර්මාණයකි. DIFC හි එළිදැක්වීම…

Read More

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් තරග 300කට සත්කාරකත්වය සැපයූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්විය. එලෙස ඉතිහාසයට එක්වූ වැඩිම තරග ගණනක් පැවති ක්‍රීඩාංගණයේදී එක්දින තරග 252ක්, විස්සයි20 තරග 38ක් සහ ටෙස්ට් තරග 10ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු තරගය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ 1984 වසරේ ආසියානු කුසලාන එක්දින තරගයේදීය. ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය පෙරේදා ආරම්භ වීමත් සමඟ සාජා ක්‍රීඩාංගණයේ නව වාර්තාව නිර්මාණය විය.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ සහ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළ මෙවැනි ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත්තේ වසර අටකට පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එමෙන්ම ඩිජිටල් මුදල් ඒකකයක් ලෙස සැලකෙන ‘බිට්කොයින්’ මුදල් ඒකකය ද ඉතිහාසයේ පළමු වතාවට වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මීට අමතරව ස්ටර්ලින් පවුම්, යුරෝ සහ ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය 1.65% කින් ඉහළ ගිය බවද සඳහන් ය.

Read More

චමරි අතපත්තු දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ බ්‍රිස්බේන් හිට් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 19කින් ජය ගැනීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමත් විය. පර්ත්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිඩ්නි පිල කඩුලු 5ක් දැවී ලකුණු 170ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායමට ඕවර 19.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 151ක් පමණි. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිඩ්නි පිල සමත් වූයේ ජයග්‍රහණ 3ක් සමඟ ප්‍රසාද ලකුණු 6ක් සමඟිනි. බ්‍රිස්බේන් පිළිතුරු ඉනිමේදී චාලි නොට් පන්දු 37කින් ලකුණු 55ක් සහ ග්රේස් හැරිස් ලකුණු 41ක් රැස් කළ…

Read More

රට තුළ විවිධ ස්ථානයන්හි ඉදිකර ඇති ජනාධිපති මන්දිර මහජන සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව නුවරඑළිය, කතරගම, මහනුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඇති ජනාධිපති මන්දිර ඒ වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වේ. රාජකාරී කටයුත්තකට ජනාධිපතිවරයාට කොළඹින් බැහැර වීමට සිදුවුවහොත් ඔහුට ස්ථානයක් වෙන් කරගත හැකි බව රජයේ අදහසය.විශාල මුදලක් වැය කරමින් මෙවන් මන්දිර නඩත්තු කිරීම අපරාධයක් බවද පෙන්වා දේ.

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකතාවන් මත ජාත්‍යන්තර ණය හිමියන් සමග නැවත ණය තිරසර විශ්ලේෂණයකට (DSA) නොයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. එසේ ගියහොත් අවුරුදු එක හමාරක් පමණ කාලයක් ගතවනු ඇති බවත් පවතින තත්ත්වය යටතේ එය දරා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය. එසේ කටයුතු කර දෙසැම්බර් මාසය පමණ විට මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ ඔහු ඉන් අනතුරුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට නැවත බැඳුම්කර නිකුත් කිරීමට හැකි බව බවත් සඳහන් කරයි. ණය තිරසාර විශ්ලේෂණය යනු මධ්‍ය කාලීන හා දිගු කාලීනව තම ණය වගකීම් කළමනාකරණය කිරීමට රටකට ඇති හැකියාව තක්සේරු කිරීමට…

Read More

NRS සමූහ ව්‍යාපාරයට අයත් Naturalz සන්නාමය යටතේ පසුගිය පස් වන දා ඩුබායි ඩෙයිරා හි පිහිටි Pullman හෝටල් පරිශ්‍රයේදී අගය එකතු කල ශ්‍රී ලාංකේය එළවලු පලතුරු ආශ්‍රිත නව නිෂ්පාදන පෙලක් එලි දැක් වීය.  මෙහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පලතුරු පල්ප වලින් සකස් කල අගය එකතු කල නව අයිස්ක්‍රීම් නිෂ්පාදන පෙලක් සමඟ දේශීය පලතුරු ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන රැසක් හඳුන්වා දීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට ඩුබායි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතාද සහභාගී විය. A.K.D.රශ්මි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු NRS සමූහ ව්‍යාපාරය එමීර් රාජ්‍යයට ශ්‍රි ලංකාවේ පලතුරු සහ එළවළු අපනයන කරන දැවැන්ත අපනය සමාගමකි. ඩුබායි හි ප්‍රධාන පෙලේ හෝටල් සහ සුපිරි අලෙවි…

Read More

පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය නියාමනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඊට අදාළව 2016 වසරේ සිට ගැසට් මගින් පැන වූ නීති මහජනතාව විසින් නොසලකා හැරීම හේතුවෙන් මේ වනවිට වැටලීම්ද ඉහළ දමා ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේ ය.

Read More