Author: kumudika

Ras Al Khaimah හි Wynn Al Marjan නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් සෑම සතියකම එක් මහලක් එක් කරමින් වේගයෙන් ඉදිරියට යමින් පවතී. Wynn Resorts පවසන පරිදි දින 100 ක් තුළ නිවාඩු නිකේතන කුළුණ ආසන්න වශයෙන් අඩි 140 ක් දක්වා වර්ධනය වී ඇත. මෙම නිවාඩු නිකේතනය 2027 දී මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතය. ඩොලර් බිලියන 3.9 ක ව්‍යාපෘතියක් වන Wynn Al Marjan, UAE හි පළමු සූදු ක්‍රීඩා නිකේතනය සහ කලාපයේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වනු ඇත. එය Wynn Resorts, Marjan සහ RAK Hospitality Holding අතර හවුල් ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතියේ සියයට 40 ක කොටස් එක්සත් ජනපද සමාගම සතුය. අවසන් වූ පසු, Wynn Al Marjan…

Read More

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි. මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිවේදනයක් නිකුත් කර ඇත. මාධ්‍ය නිවේදනය විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට කරන දේශපාලන පත්කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි.වෘත්තීමය භාවයේ, කුසලතා මත පදනම්ව පත්කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානි (මහකොමසාරිස් හා තානාපති ) ධුර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පත්කිරීම සිදුකොට ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කරයි.…

Read More

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. මෙම දක්ෂතාව එම තරඟ වාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂ වේ. මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයක දී ද ඔහු තත්පර 6.69 කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කළේය. මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය. විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සහාය ලබා දීමට තම සංවිධානය අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය. මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අංශය 2024 දී සැලකිය යුතු වර්ධනයක් අත්කර ගත් අතර, සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරියට (GCAA) අනුව, මගී ගමනාගමනය 2023 දී මිලියන 134 සිට මිලියන 147.8 දක්වා 10% කින් ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ ටොන් මිලියන 3.7 ට සාපේක්ෂව ටොන් මිලියන 4.36 ක් දක්වා 17.8% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය ගෝලීය ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස රට ශක්තිමත් කරයි. ආර්ථික අමාත්‍ය සහ GCAA හි සභාපති Abdulla bin Touq Al Marri එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකයට සහාය වීමේදී ගුවන් සේවා අංශයේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය. “මෙම සංඛ්‍යා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා අංශයේ…

Read More

World Stage Design (WSD) 2025 සඳහා වන තාක්ෂණික නව නිපැයුම් ත්‍යාගය ( Technical Investment Prize (TIP) තරඟ ප්‍රවේශයන් සඳහා දැන් විවෘතය. ලොව පුරා සිටින කාර්මික ශිල්පීන්ට ඔවුන්ගේ නව්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට මේ හරහා ආරාධනා කරයි. OISTAT තාක්ෂණ කොමිෂන් සභාව සහ WSD 2025 විසින් සංවිධානය කරන ලද මෙම තරඟය වත්මන් හෝ හිටපු කාර්මික ශිල්පීන් විසින් සංවර්ධනය කරන ලද නිර්මාණාත්මක, සරල සහ මුල් නිපැයුම් අපේක්ෂා කරයි. මෙම උපාංග විනෝදාස්වාද කර්මාන්තය තුළ වේදිකාවේ, වේදිකාවේ පිටුපස හෝ නිවස ඉදිරිපිට ප්‍රායෝගික අරමුණු සඳහා සේවය කළ යුතුය. ඔක්තෝබර් 18 සිට 25 දක්වා සාජා හි පැවැත්වීමට නියමිත, WSD 2025 TIP තරඟයට සත්කාරකත්වය සපයනු ඇත, නිර්මාණාත්මක ගැටළු විසඳන්නන්…

Read More

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සදහන් කරයි. එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කියා සිටියේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබාදී නොමැති බවයි. ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුද්ගලයෙකු නිරත වීම සපුරා නීති විරෝධී වේ. එවන් කටයුතුවලට හසු…

Read More

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවාව ආරම්භ කිරීම අද (07දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම වැඩසටහන අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 361 පුරා උපකාර්යාල ලෙස ක්‍රියාත්මක කරමින් සේවා සැපයීමට සැලසුම් කර තිබේ. කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයේ සේවා සැපයීම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා පවසයි. මෙය ක්‍රියාවට නැංවීමෙන් පසු ඕනෑම අයකුට තමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ ප්‍රදේශයෙන්…

Read More

නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් ඉවත් වන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. එසේ ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගෙන ඒමට නියමිතව ඇති බවද සඳහන්‍ ය. ඉදිරි දින කිහිපයේ නීතිපතිවරයා ඉල්ලා අස්නොවුනොත් එළවා දැමීමට සූදානමක් ඇති බවද තවදුරටත් වාර්තා වේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඊයේ කැඳවා සාකච්ඡා කර ඇත. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකුමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් මතුව ඇති පසුබිමක් තුළ මෙසේ ජනාධිපතිවරයා ඔහු කැඳවා සාකච්ඡා කර ඇති අතර…

Read More

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, “දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා.”

Read More