Author: kumudika
තායිලන්තයේ පැවැති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් – 2025 ( I am Medel Search Kids International ) රූ රැජන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය එම තරගාවලියේ ජයග්‍රාහී කිරුළ දිනා ගෙන ඊයේ (26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16ක් නියෝජනය කරමින් පැමිණි තරගකාරියන් 42 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි. ඇන්ජලා විමලසූරිය කොළඹ, හැව්ලොක් පෙදෙසේ පදිංචි අතර ඇය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවකි. ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන ඊයේ (26) දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්…
2024 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම නිවේදනය කරයි. ඒ අනුව පසුගිය වසරේ මගී සංචලන මිලියන 8.88කි. එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 17.69ක වර්ධනයකි. ගුවන් යානා සංචලන 56,289ක් වන අතර එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 20.69ක වර්ධනයක් ලෙස දැක්වේ. භාණ්ඩ ප්‍රවාහන මෙට්‍ර්ක් ටොන් 192,498කි. එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 21.13ක වර්ධනයකි. ඒ අනුව ශ්‍රී ලංකාවට සැලකිය යුතු සන්ධිස්ථානයක් ලෙස, මෙරටට පැමිණීමේ ප්‍රධාන දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු රටේ ගුවන්තොටුපළවල…
Tristar සමූහය පෙබරවාරි 23 වැනිදා ඩුබායි හි නාඩ් අල් ෂෙබා සහ මයිඩාන් දිස්ත්‍රික්ක හරහා පැවැත්වීමට නියමිත Tristar Half Marathon තරගය නිවේදනය කර ඇත. පසුගිය වසරේ සාර්ථක ට්‍රයිස්ටාර් ප්‍රජා ධාවන තරඟයේ අනුප්‍රාප්තියක් වන මෙම ඉසව්ව ලොව පුරා සිටින ධාවකයන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන අතර එය උදෑසන 6:30 ට ආරම්භ වේ. අර්ධ මැරතන් තරගය 21.1km, 10km, 5km සහ 3km යන කාණ්ඩ හතරකින් සමන්විතය. 3km ධාවනය සඳහා සහභාගී වීම නොමිලේ වන අතර, අනෙකුත් කාණ්ඩ සඳහා නාමික ලියාපදිංචි ගාස්තුවක් අවශ්‍ය වේ. 21.1km සහ 10km කාණ්ඩවල ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග බලාපොරොත්තු වේ. මෙම ඉසව්ව දැනටමත් පළපුරුදු ධාවකයන්ගෙන් සහ පළමු වරට පැමිණෙන අයගෙන් ලියාපදිංචි වී…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව විසින් සාජා හි පළමු පුස්තකාලය වන සුල්තාන් බින් සකර් අල් කාසිමි පුස්තකාලයේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා රන් සහ රිදී සමරු කාසි එළිදක්වා තිබේ. 1925 දී පිහිටුවන ලද පුස්තකාලය, දුර්ලභ පොත් සහ ඓතිහාසික සිතියම් එකතුවක් සමඟ එමීර් රාජ්‍යයේ සංස්කෘතික ඉතිහාසයේ සැලකිය යුතු ස්ථානයක් හිමිකර ගනී. ඩිරාම් 1,000 ක නාමික වටිනාකමකින් යුත් සහ ග්‍රෑම් 40 බැගින් බරැති මෙම රන් කාසි කැබලි 125 ක සීමිත ප්‍රමාණයකින් සකස් කර ඇත. රිදී කාසි ග්‍රෑම් 60ක් බරැති සහ ඩිරාම් 100ක නාමික වටිනාකමකින් යුත් ඒවා කැබලි 1250කට සීමා විය. සෑම කාසියකම ඉදිරිපස සුල්තාන් බින් සකර් අල් කාසිමි පුස්තකාල ගොඩනැගිල්ල සහ…
කොළඹ සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිර දෙක හැර අනෙක් ජනාධිපති මන්ත්‍ර සියල්ල වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒවා හෝටල් සඳහා හෝ අධ්‍යාපන ආයතන සඳහා ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය. ඒ අනුව ඒවාගේ පිහිටීම් හා යෝග්‍යතාවය අනුව කවර කටයුත්තක් සඳහා සුදුසු වන්නේ ද යන්න ඉතා ඉක්මනින් රජය විසින් තීරණය කිරීමට නියමිතය. ඒ සඳහා තැනටමත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් වාර්තා කැඳවා තිබේ. කොළඹ ජනාධිපති මන්දිරය රාජතාන්ත්‍රික හමු සඳහා යොදා ගන්නා බවත් මහනුවර ජනාධිපති මන්දිරය පෙරහැර චාරිත්‍ර සඳහා අවශ්‍ය වන බවත් එනිසා ඒ දෙක පමණක් තබාගෙන ඉදිරි සියල්ල වෙනත්…
පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබේ. මෙම නඩුවලින් චෝදනා ලබා ඇත්තේ හිටපු රජයන්හි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසකි. මෙකී ලිපිගොනු අතුරින් පූර්ණ සාක්ෂි සහිත නඩු 4 ක් සඳහා වහාම නඩු පවරා අධි චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇත. අයථා ලෙස වත්කම් රැස්කිරීම් ඇතුළු වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 4 ක් අවශ්‍ය විමර්ශන නිමකර නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබේ. ඉතිරි නඩු තුනට අදාළව වැඩිදුරටත්…
පසුගිය දා තමන් මුණ ගැසුණු ලෝක බැංකු නියෝජිතයෝ, ඩොලර් බිලියනයක සහනාධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. හෝමාගම පැවති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව හෙළි කර සිටියේ ය. ඩොලර් බිලියනයක මෙම සහනාධාරය ලබන වසරේ දී ලබා දෙන බව ලෝක බැංකුව පොරොන්දු වී තිබේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ප්‍රධාන අභියෝග සහ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර අදාළ පාර්ශ්වකරුවන් විසින් අදහස් හුවමාරු කර ගැනීම සහ මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් හඳුනා ගැනීමද සිදු විය. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ. ඉන්දියාවේ රෝහිත් ෂර්මාට එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, එංගලන්තයේ ෆිල් සෝල්ට්, පාකිස්තානයේ බාබර් අසාම්, බටහිර ඉන්දීය කොදෙව් හි නිකල්ස් පූරන්, ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්, සිම්බාබ්වේහි සිකන්දර් රාසා ද කණ්ඩායමට ඇතුළත්ය. මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස කාන්තා කණ්ඩායම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද නම් කර තිබේ.ඇය හා ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙසින් නම්කර ඇත. එසේම ඇය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම…
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති අතර අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඊයේ (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේය. 2005/38 දරණ අධිකරණ තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් ලබා දී ඇති බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. එම තීන්දුවට අනුව 2007 /2008 පොලිස් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති බව සඳහන් කළ…