Author: kumudika
බර් ඩුබායි පොලිස් ස්ථානය මෙම වසරේ පළමු භාගය තුළ අධිකරණ බල ප්‍රදේශයේ රථවාහන ආශ්‍රිත මරණ කිසිවක් වාර්තා කර නොමැත.විශිෂ්ටතා සහ පුරෝගාමී කටයුතු පිළිබඳ සහකාර අණදෙන නිලධාරී අතිගරු මේජර් ජෙනරාල් ආචාර්ය අබ්දුල් කුද්දූස් අබ්දුල් රසාක් අල් ඔබයිද්ලි අවධාරණය කර ඇත්තේ බර් ඩුබායි පොලිස් ස්ථානය අඛණ්ඩව එහි ආරක්ෂාව සම්බන්ධයෙන් උසස් හා ප්‍රගතිශීලී පොලිස් ස්ථානයක ආදර්ශවත් ආදර්ශයක් වන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, “බොහෝ මුලපිරීම්, අදහස්, වැඩසටහන් සහ ආරක්ෂක ව්‍යාපෘති ජනනය කර ඇති ප්‍රධාන පොලිස් ස්ථානවලින් එකක් ලෙස එය කැපී පෙනෙන බවයි. මෙම උත්සාහයන් මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම, ප්‍රජාවට සේවය කිරීම, ඔවුන්ගේ සතුට සහතික කිරීම සහ ඔවුන්ගේ සමස්ත ගුණාත්මක භාවය ඉහළ නැංවීම අරමුණු කරයි.බර්…
පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක වනිඳු හසරංගට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් පනවා ඇත.ඊට හේතු වූ වරද වූයේ බංග්ලාදේශය සමග පැවැති එක් දින ක්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩ කිරීමයි. වනිඳු හසරංග අදාළ තරගාවලියේදී විනිසුරු තීරණයට විරුද්ධත්වය පෙන්වීම තුළින් ආචාර ධර්ම කඩ කර ඇතැයි, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ තරග දෙකම ඔහුට තහනම් කළ බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.වනිඳු හසරංග වසර තුනකට පසුව පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූයේ සඳුදා (18) දිනයේදී යි. මේ අතර වනිඳුට තරග ගාස්තුවෙන් සියයට පනහක් දඩ ලෙස නියම කර ඇති අතර, දඬුවම් ලකුණු 3ක්ද ලබා…
පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම සිදු වෙමින් ඇත. මේ නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පසු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි. එසේම කෘෂිකාර්මික සත්ව පාලනයේ නිරත ගොවි ජනතාව ද තම සත්වයන්ට ඇතිවන සංකූලතා පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු බවද ඒ මහතා සඳහන් කලේය. පවතින අධික උෂ්ණත්වය නිසාවෙන් කිකිළියන් බිත්තර දැමීමේ අඩුවක් දකින්නට හැකි බවත් එමෙන්ම ගවයින්ගෙන් දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණයේ අඩුවක් දැකිය හැකි වන බවද ඒ මහතා පැවසීය. ඒ හේතුවෙන් නිවාස වල සහ ගොවිපළවල සිටින සතුන්ට නිරන්තරයෙන් ජලය ලබාදීමට කටයුතු…
තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) සිදු විණි. දිස්ත්‍රික්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20 ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි. මෙම අධ්‍යාපන කටයුතු මාර්ග ගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රොසොෆ්ට් කණ්ඩායමක් සහාය ලබා දීමට නියමිතය.ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම පිණිස දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව රජය මඟින් හඳුනාගෙන ඇත. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඒ අනුව එම කමිටුව මඟින් නිර්දේශ හා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 160 දෙනකු අදාළ…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ‘ඩුබායි ගොඩනැඟිලි සංග්‍රහයේ’ ප්‍රමිතීන්ට අනුකූලව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි ගොඩනැගිලි සහ පහසුකම් නැවත සකස් කිරීමේ ව්‍යාපෘතියක III අදියර සම්පූර්ණ කර ඇත. ප්‍රධාන කාර්යාලය, බස් නැවතුම් පොළවල් 15ක්, බහු මට්ටමේ වාහන නැවැත්වීමේ පර්යන්ත හතරක්, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 2ක්, පරිපාලන ගොඩනැගිලි 5ක් සහ අල් ජඩාෆ් සමුද්‍ර ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළත් ගොඩනැගිලි සහ පහසුකම් 26ක් නියමිත ප්‍රමිතීන් සපුරාලීමට සුදුසුකම් ලබා ඇත. • නවීන සේවා RTA ඔවුන්ගේ ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීමට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ‘ඩුබායි ගොඩනැගිලි සංග්‍රහයේ’ ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා එහි පහසුකම් අඛණ්ඩව පුනරුත්ථාපනය කිරීම, නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කැපවී…
1990 හදිසි ඇමතුම් අංකය මඟින් මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී ඇත. ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ලොව ගිලන් රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ සේවාව පත්වී ඇති බවය. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේය. එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමග…
ඕස්ට්‍රේලියාවේදී හොඳම තරුණ නීතිඥයාට හිමි සම්මාන දෙකක් ශ්‍රී ලාංකික නීතිඥයෙක් වන මනෝජ් ප්‍රනාන්දු මහතාට හිමිව ඇත. 2024 වසරේ “ටස්මේනියාවේ හොඳම තරුණ නීතීඥයා” සම්මානය සහ 2024 වසරේ “සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින තරුණ ඔස්ට්‍රේලියානු නීතිවේදියා” ලෙසට එම සම්මාන ද්විත්වය ඔහුට හිමි වී ඇතැයි සඳහන්. ටස්මේනියාවේ 2024 වසරේ තරුණ නීතීඥයාට හිමි සම්මානය පිරිනමනු ලබන්නේ ටස්මේනියානු නීති වෘත්තියට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් සහ නීතීඥ වෘත්තියට විශිෂ්ට ආදර්ශයක් වන වෘත්තිකයන් වෙනුවෙනි. 2024 වසරේ තරුණ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිවේදියා සම්මානය ඔස්ට්‍රේලියාවේ හෝ ජාත්‍යන්තරව සංක්‍රමණ නීති ක්ෂේත්‍රයේ තරුණ නීතීඥයින්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් ලබා දෙන බව දැක්වේ.ඕස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු…
දැනට අතුරු වගාවක් ලෙස ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි ද ඒ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5ක් බවද අමාත්‍යවරයා කීය. මේ වනවිට මෙරට පුවක් වගාව හෙක්ටයාර් 13,000ක පමණ විසිරී ඇති අතර දේශීය පුවක් විශේෂවලට අමතරව එක් ගසකින් ගෙඩි 1000ක් වශයෙන් වසරකට නෙලා ගත හැකි පුවක් විශේෂ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇතැයි…
ෆෙඩරල් බදු අධිකාරිය (FTA) සංචාරකයින් සඳහා බදු ආපසු ගෙවීමේ ගනුදෙනුවල සියයට 14.41 ක වැඩිවීමක් වාර්තා කර ඇති අතර, 2023 දී ගනුදෙනු මිලියන 4.18 ක් වූ අතර දෛනික සාමාන්‍ය ගනුදෙනු 11,460 කි.FTA හි අධ්‍යක්ෂ ජනරාල් Khalid Ali Al Bustani, ප්‍රකාශ කළේ සංචාරකයින්ට එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය මෑත වසරවල අපේක්ෂාවන් ඉක්මවා ඇති බවත්, බදු ආපසු ගෙවීමේ ගනුදෙනුවල සැලකිය යුතු ඉහළ යාමක් ඇති බවත්ය. 2018 නොවැම්බරයේ පද්ධතිය දියත් කළ දින සිට පෙර වසර අවසානය දක්වා සංචාරකයින්ට බදු ආපසු ගෙවීම සඳහා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු මිලියන 14 ක් පමණ සකසා ඇති බව FTA හි දත්ත පෙන්වා දෙයි. සංචාරකයින්ට බදු ආපසු ගෙවීම…