Author: kumudika

ඉන්දි­යා­වට සහ පැරිස් සමා­ජයේ රට­ව­ලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6 ක සහන කාල­යක් දීම මෙන්ම ණය ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනු­පා­තය පහළ දැමීම සම්බ­න්ධ­යෙන් එම රට­වල අව­ධා­නය යොමුව ඇත. මේ වන විට ණය දෙන පාර්ශ්වය සහ ශ්‍රී ලංකා රජය අතර පව­තින සාකච්ඡා යහ­පත් මට්ට­මක පව­තින බවද ණය නිය­ම­යන් පිළි­බඳ විධි­මත් එක­ඟ­තා­වක් ඉතා ඉක්ම­නින් ලැබෙනු ඇතැ­යිද නිල ණය දීමේ කමි­ටුව (Official Creditor Committee [OCC]) ප්‍රකාශ කරයි. මෙම කමි­ටුවේ සාමා­ජි­ක­යන් අතර පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව ජාත්‍ය­න්තර මාධ්‍ය වෙත ප්‍රකා­ශ­යක් කර­මින් මේ බව සඳ­හන් කර තිබේ. ශ්‍රී ලංකා­වට ණය දී ඇති රට­වල් 17 ක් පසු­ගිය වසරේ ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ සාකච්ඡා…

Read More

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­ම අරමුණු කර ගනිමින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) සඳහා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් මහතා රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් ප‍රිත්‍යාග කර ඇත. ගාසාහි ළමා අර­මු­ද­ලට මේ වන විට රු. 7,136,412ක මුද­ලක් ලැබී තිබෙන අතර, කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් මහ­තාද පසු­ගිය 28 දා  රුපි­යල් මිලි­යන 3ක මුද­ලක් මේ සඳහා පරි­ත්‍යාග කළේය. සියලු අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මේ අර­මු­ද­ලට පිරි­න­මන ලෙසද රජය උප­දෙස් දී ඇත. එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යද අපේක්ෂා…

Read More

දිවයිනේ පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි. වැඩිහිටියන් හා ළමුන් අතරද මෙම රෝගය වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා සඳහන් කරයි. ”ටීනියා” නමින් හඳුන්වන මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යාමේ හැකියාව පවතින බවත් සිරුරේ ඕනෑම ස්ථානයක එම චර්ම රෝගය ඇති විය හැකි බවටත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ දහඩිය වැඩි වශයෙන් රැඳෙන ස්ථාන ආශ්‍රිතව මෙන්ම හිස ආශ්‍රිතව ද මෙම රෝගය ව්‍යාප්ත…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර මට්ටමේ නෙට්බෝල් ලීග් ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමට ඩුබායි Sri Lions සංවිධානය කටයුතු සූදානම් කර ඇත. පැයක තරඟ කාලයක් එක් තරඟයකට වෙන් කරමින් මාර්තු 23, 24 යන දෙදින පුරා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතය. මේ සදහා දේශීය නෙට්බෝල් කණ්ඩායම් හතරක් සමඟ ජාත්‍යන්තර මට්ටමේ නෙට්බෝල් කණ්ඩායම් දෙකක් තරඟ වැදීමට සූදානමින් සිටිති. එම විදේශීය කණ්ඩායම් සඳහා එමීර් රාජ්‍යය, මැලේසියාව හා මාලදිවයින යන රටවල් ඇතුලත් වේ. ජයග්‍රහණය ලබා ගන්නා ක්‍රීඩිකාවන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි වන අතර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට තරඟාවලියේ වීරයාට හිමි කුසලානය වන “තිලකා ජිනදාස කුසලානය” සමඟින් ඩුබායි 7s කණ්ඩායමට ක්‍රීඩා කිරීමට…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Hatta, Oud Al Muteena 1 සහ Al Sufouh 1 හි රථවාහන ව්‍යාපෘතිය අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය ඩුබායි හරහා වැදගත් ස්ථානවල වැඩිදියුණු කිරීම් රාශියක් සිදු කිරීමට RTA හි උපායමාර්ගික සැලැස්මට අනුකූල වේ. ව්‍යාපෘතිය මාර්ග ජාලයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, රථවාහන ගමනාගමනය ලිහිල් කිරීම, මාර්ග තදබදය ඉවත් කිරීම සහ එමිරේට්ස් හි සියලුම මාර්ග භාවිතා කරන්නන් සඳහා ආරක්ෂිත මට්ටම් ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත. ඩුබායි හි දක්නට ලැබෙන සීඝ්‍ර නාගරික ව්‍යාප්තිය පිළිබඳව අවධානයෙන් සිටීමට අපගේ නායකයින්ගේ මඟ පෙන්වීමට ප්‍රතිචාර වශයෙන් ඩුබායි හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට RTA කැපවී සිටී. එබැවින් සුමට වාහන ගමනාගමනය ප්‍රවර්ධනය…

Read More

ශ්‍රී ලංකාව විසින් මෙරට ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කර ගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර එමඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු අවස්ථාවේ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව කී ඒ මහතා ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු,…

Read More

ජනාධිපති අති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා විසින් අබුඩාබියේ පාලකයා ලෙස අබුඩාබියේ පුනරුත්ථාපන සහ විශෝධන මධ්‍යස්ථාන නියාමනය කිරීමේ නීතියක් නිකුත් කර ඇත. අබුඩාබි හි පුනරුත්ථාපන සහ නිවැරදි කිරීමේ මධ්‍යස්ථානවල සාමාන්‍ය ප්‍රතිපත්ති, රැඳවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සුදුසු සමාජ හා සංස්කෘතික පුනරුත්ථාපනය ලබා දීම මෙම නීතිය මගින් ගෙනහැර දක්වයි. නීතියට අනුව, අබුඩාබියේ දඬුවම් සහ නිවැරදි කිරීමේ ආයතන පුනරුත්ථාපන සහ නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන ලෙස නම් කෙරේ.අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව යටතේ, පුනරුත්ථාපන සහ විශෝධන මධ්‍යස්ථානවල කාර්යභාරයන් සහ වගකීම්වලට රැඳවියන් ලබා ගැනීම, රැකවරණය සඳහා සුදුසු රාජකාරි හඳුනා ගැනීම සහ ඔවුන්ගේ වගකීම් සහ අපේක්ෂිත හැසිරීම් පිළිබඳව රැඳවියන් දැනුවත් කිරීම ඇතුළත් වේ. මධ්‍යස්ථානවල භූමිකාවන්ට…

Read More

ඩුබායි හි උප සභාපති සහ පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් ඩුබායි පරිසර සහ දේශගුණික විපර්යාස අධිකාරිය දියත් කරන බව නිවේදනය කළේය. ඩුබායි හි උප ජනාධිපති සහ පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් එමිරේට්ස් හි හරිත ව්‍යාපාරය නංවාලීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට නියෝග කර තිබේ. ඩුබායි පරිසර හා දේශගුණික විපර්යාස අධිකාරියට තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ හරිත අවකාශ සහ ස්වාභාවික සංචිත සංඛ්‍යාව පුළුල් කිරීම සඳහා වගකීම පැවරේ. ෂෙයික් මොහොමඩ් විසින් අලුතින් දියත් කරන ලද ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අහමඩ් මොහොමඩ් බින් තානි නම් කරන ලදී.ප්2040 වන විට එමිරේට්ස් හි හරිත ආවරණය දෙගුණ කිරීම සහ ආරක්ෂිත ප්‍රදේශ සහ ස්වභාවික…

Read More

ශ්‍රී ලංකාවට මුදල් ආධාර ලබා දීමේ වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ සහ කළමණාකාරිත්වයේ අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන්ය. කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බව මුල්‍ය අරමුදල වැඩිදුරටත් දන්වා සිටියි. පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය සහතික සමාලෝචනය…

Read More

කන්කසන්තුරේ වරායෙහි පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට ඉන්දියානු රජය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කලේය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුළු කිරීමට මීටර් 7ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් මහ කොමසාරිස්වරයා පැවසීය. ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය…

Read More