Author: kumudika
මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා සඳහන් කලේය. තානාපතිවරයා සඳහන් කළේ, එම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ එකඟතාවය ලැබීමත් සමග අදාළ සාකච්ඡා ආරම්භ කළ බවයි. මියන්මාරයේ, තායිලන්ත දේශසීමාවේ පිහිටි සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙස හඳුන්වන ස්ථානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව සඳහන්.මියාවෙඩ්ඩි නමැති නගරයේ සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔවුන් මුදා ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරීමට…
ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් පසුගිය දා විවෘත විය. 2017 වසරේදී ඉදි කිරීම් ආරම්භ කළ මෙම කාර්යාල සංකීර්ණය, Surat Diamond Exchange යන නමින් නම් කර ඇති අතර එය ඉදි කර අවසන් වූයේ පසුගිය ජූලි මාසයේදී ය. ජාත්‍යන්තර දියමන්ති සහ ස්වර්ණාභරණ ව්‍යාපාර සඳහා මේ නව කාර්යාල සංකීර්ණය ඉදි කිරීම අරමුණ වී තිබෙන බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ගොඩනැගිල්ල විශාලත්වයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි පෙන්ටගනය අභිබවා යන බවයි. මෙය ඉදි කිරීමට පෙර ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස වාර්තා අතර පැවැතියේ පෙන්ටගන් සංකීර්ණයයි. මෙම කාර්යාල සංකීර්ණය ඉන්දියානු රුපියල් බිලියන 32ක වියදමක් දරා ඉදිකර ඇති අතර, එය…
මෙරට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කර ඇත.බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (20) ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම (2024-2029) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිළිගන්වනු ලැබීය. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ පනතේ නීති ප්‍රකාරව, වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී ඇත. එසේම වෙනස්වන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෑම වසර පහකටම වරක් එම සැලැස්ම යාවත්කාලීන කළ යුතුයි. මෙරට අවසන් වතාවට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් පිළියෙල කරනු ලැබුවේ…
ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලයන 500ක ණය මුදලෙහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට හිමි වන අතර මීට පෙර එහි පළමු වාරිකය ලෙස ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක් ලබා දීමට කටයුතු කර තිබුණි. අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “Sri Lanka Resilience, Stability and Economic Turnaround Development Policy Operation” (RESET DPO) වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය හිමි විය. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල ලබා දීමට කටයුතු කර තිබේ. මේ අතර ලෝක බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ…
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල් සිසිගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ෂීක් මොහොමඩ් සුබපැතුම් පිරිනමා තිබේ.සඳුදා සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ්, ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස එල් සිසි මහතා නැවත තේරී පත්වීම පිළිබඳව ප්‍රශංසා කළ අතර ඔහුට සහ ඔහුගේ රටට තවදුරටත් සාර්ථක වීමට ප්‍රාර්ථනා කළේය. අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව අතර සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේ උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා අඛණ්ඩ සහයෝගීතාව සඳහා ද ඔහු බලාපොරොත්තු විය. ඩුබායි හි උප ජනාධිපති සහ පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ්, එල් සිසි මහතාට සහ ඊජිප්තුවේ ජනතාවට අඛණ්ඩව සමෘද්ධිය සහ ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරමින් එවැනිම සුබ පැතුම් පණිවිඩයක් යවා ඇත. එල් සිසි මහතා සඳුදා අතිවිශිෂ්ට…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මාධ්‍ය නියාමනය පිළිබඳ ෆෙඩරල් ආඥා පනතක් නිකුත් කර ඇති අතර, එහි අරමුණු වන්නේ එමීර් රාජ්‍යයේ මාධ්‍ය ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, ගෝලීය මාධ්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි තත්ත්වය ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය අංශයේ වර්ධනය, සමෘද්ධිය උත්ප්‍රේරක කිරීමට හැකි පරිසරයක් ස්ථාපිත කිරීම වේ. නියෝගයේ විධිවිධාන එමීර් රාජ්‍යයේ මාධ්‍ය සඳහා කැප වූ පුද්ගලයන්, සංවිධාන, මාධ්‍ය ආයතන සහ නිදහස් කලාප සඳහා අදාළ වේ. නිශ්චිත රෙගුලාසි සහ කොන්දේසිවලට අනුකූලව මාධ්‍ය ආයතන සහ අලෙවිසැල් හිමිකර ගැනීමට පුද්ගලයන්ට සහ නීතිමය ආයතනවලට ඉඩ සලසනු ලැබේ. නියෝගයට අනුව, මාධ්‍ය ක්‍රියාකාරකම්වලට මාධ්‍ය අන්තර්ගතය නිෂ්පාදනය, සංසරණය, මුද්‍රණය සහ ප්‍රකාශනය ඇතුළත් වේ. එයට ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ ඩිජිටල් විකාශනය ද ඇතුළත්…
මෙවර සිය නත්තල් ආහාර වේල දිළිදු අය සමග ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (19දා) සවස කොළඹ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.අද රටේ පවතින ආර්ථික දුෂ්කරතා පිළිබඳව අදහස් දැක්වූ කාදිනල්තුමා මෙදා නත්තලෙන් අප ලබාදිය යුතු පණිවුඩය අහිංසක දිළිඳු පවුල්වලට උදව් උපකාර කිරීම යැයි ද සඳහන් කලේය. නත්තල වෙනුවෙන් බොරු වියදම් නොකර අසරණ පවුල්වලට උදව් උපකාර කිරීම නත්තලෙන් දිය යුතු ආදර්ශය බවද කාදිනල්තුමාගේ අදහස් අතර විය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ වාර්තා ගැන ඇමැතිවරයා එක මතයක් ද ජනාධිපතිවරයා තව මතයක් ද දරන බවත් පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් පිළිබඳව කිසිදු විමර්ශනයක් තවමත් ක්‍රියාත්මක කර නොමැති බවත් උන්වහන්සේ දැඩි කණස්සල්ලෙන්…
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට විදේශ රටවල පර්යේෂණ නෞකාවලට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධව අදාළ රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇතැයි එම අමාත්‍යංශ නිවේදන වල සඳහන්ය. නමුත් පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම් දැමිය හැකි බවත් එය වැළැක්විය නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය. මේ තීරණයත් සමඟ චීනය ලබන ජනවාරි 5 වැනිදා සිට මැයි මාසය අවසානය දක්වා දකුණු ඉන්දියානු මුහුදු ගැඹුරු ජලයේ පර්යේෂණ කටයුතු කරන ෂියෑන් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වාරයේ නැංගුරම් ලෑමට කළ ඉල්ලීම…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) ඩුබායිහිදී අද පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඉන්දීය රුපියල් කෝටි 1.5 කට ලබාගත්තේය.තරගාවලි තුනක් සඳහා මෙම ඉන්දීය රුපියල් කෝටි 1.5 ලබා දී ඇති අතර එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි හයකට ආසන්න වේ. දකුණතින් පා දඟ පන්දු යවන්නෙක් මෙන්ම අති වේගකාරී පිතිකරුවෙක් ද වන වනිඳු 2021 වසරේ සිට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන අතර ඔහු මෙම තරගාවලියේ මේ දක්වා කඩුලු 35 ක් දවා ගැනීමට සමත්ව තිබේ.
ඉන්දියාවේ ව්‍යාප්තව ඇති ප්‍රතිශක්තිය මඟ හරින හා වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයක් වන JN.1 වයිරසය ආසාදිත කිසිදු රෝගියකු දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙම නව උප ප්‍රභේදය ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟ මෙරට සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොවිඩ් වයිරසයේ ඔමික්‍රෝන් නව උප ප්‍රභේදයක් ලෙස JN.1 හඳුනාගෙන ඇති අතර එම වයිරසය වැලඳුණු කාන්තාවක කේරළයෙන් වාර්තා වී තිබේ. විදේශයක පැතිර යන ඕනෑම නව රෝගයක් ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බවත් ඒ පිළිබඳ සැම විටම අවධානයෙන් කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. JN.1 වයිරස් ප්‍රභේදය…