Author: kumudika
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර ඇත. ඊයේ (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඇය මේ බව සඳහන් කළාය. තනතුරෙන් ඉවත් වූව ද පක්ෂය තුළ රැඳි සිටිමින් මහමැතිවරණය සඳහා තරග කරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුරටත් කියා සිටියාය.
මේ වසරේ නොවැම්බර් මාසයේ දී ලබන වසර (2025) සඳහා අය වැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත. ඒ අනුව වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමකුත් ඉන් අනතුරුව ජාතික අය-වැය ලේඛනයකුත් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කරනු ලැබේ. නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු බලයට පත්වන රජය, අමාත්‍යාංශ සහ ඊට අදාළ ආයතන ගැසට් කළ යුතුව තිබේ. ඉන් පසු ඒවාට ඉදිරි වසර සඳහා වියදම් සහ සංවර්ධන යෝජනා මෙන්ම ආදායම් ලබා ගැනීම් ඇස්තමේන්තු සකස් කළ යුතුය. මෙම කරුණු ඉතා ඉක්මනින් සපුරාලීමට කාලයක් නොමැතිකම නිසා වසර 2025 මුල් මාස…
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත්බව බුද්ධ ශාසන,ආගමික, සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර තිබේ . රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 14 වනදාත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබුණි. එම උත්සව පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටියි.
ආර්ථික ව්‍යුහයේ සිදුකරන අඛණ්ඩ ප්‍රතිසංස්කරණ (ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ) මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම රඳාපවතින බව ලෝක බැංකුව කියයි. මේ අනුව රටේ අවදානමට ලක්විය හැකි සීමාවක සමස්ත ආර්ථිකයේ ස්ථායිතාව පවතින බවත් ලෝක බැංකුව කියා තිබේ. සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍යකාලීන ආර්ථික වර්ධනය වැඩිකිරීම සහ දුප්පත්කම අඩුකිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත එම ආර්ථික ස්ථායිතාව රඳාපවතින බවටත් ලෝක බැංකුව අනතුරු අඟවයි. ලෝක බැංකුව නිකුත් කළ ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ. ආර්ථිකයේ ප්‍රධාන අභියෝගවලට විසඳුම් සෙවීම ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ වඩා පැතිරුණු සහ තිරසාර වර්ධනයක් සඳහා වැදගත් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ (15) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි. එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට ලංසු කැඳවා ඇත. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364 කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කෙරේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ඇති විය හැකි අයහපත් කලගුණ තත්ත්වය දැනුවත් කිරීමත් සමඟ ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව පියවරගෙන ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය. ඒ අනුව ඇතිවිය හැකි ආපදා පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ස්ථානගත කර ඇත. ඉන් ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, ‘Bell- 212’ වර්ගයේ…
Elon Musk ට අයත් Tesla සමාගම සිය පළමු දුරකථනය වන “Pi” ළඟදීම එළිදැක්වීමට සූදානම් වේ. සෙසු ස්මාර්ට් ජංගම දුරකථන සන්නාම වන Apple, Samsung සහ වෙනත් ස්මාර්ට්ෆෝන් සමාගම් සඳහා දැඩි තරඟයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව, Tesla Pi Phone 2022 දෙසැම්බර් මාසයේදී වෙළඳපොළට පැමිණෙනු ඇත. Elon Musk සමාගමට අයත් සමාගම මෝටර් රථ සහ අභ්‍යවකාශ අංශයේ තම ස්ථානය සාර්ථක කර ගැනීමෙන් පසු සිය ස්මාර්ට්ෆෝන් මාලාව දියත් කිරීමට තීරණය කර තිබේ. Pi phone හි කැපී පෙනෙන ලක්ෂණ තිබේ. අනෙකුත් ස්මාර්ට් ෆෝන් වල නොමැති විශේෂාංග වන්නේ බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය නැත. එය සූර්ය ශක්තිය භාවිතා කරන නිසා, ස්වයංක්‍රීයව ආරෝපණය වීමට…
ලබන වසරේ සිට ජාතික නිදහස් උත්සවය ප‍්‍රභූන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් පවත්වන බව අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. “මෙතෙක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 වසරේ සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස එය සංවිධානය විය යුතුයි.”
ඩුබායි, කලාපයේ විශාලතම තාක්ෂණික ඉසව්ව වන 2024 GITEX Global ඔක්තෝබර් 14-18 දක්වා ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (DWTC) සහ ඔක්තෝබර් 13-16 දක්වා ඩුබායි වරායේ දී පැවැත්වීමට සූදානම් වේ. ප්‍රදර්ශකයින් 6,000 කට අධික සංඛ්‍යාවක් සහ කථිකයන් 1,800 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට අපේක්ෂා කරන අතර, මෙම උත්සවය කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් පරිවර්තනයේ සිට සයිබර් ආරක්‍ෂාව සහ Cloud පරිගණකකරණය දක්වා සෑම දෙයක්ම ආවරණය වන පරිදි විශාලතම ගෝලීය තාක්‍ෂණ ප්‍රදර්ශනවලින් එකක් ලෙස පැවැත් වේ. ලොව පුරා විශාල පිරිසක් මීට එක්වන බැවින් ඩුබායි බලධාරීන් සුමට ගමනාගමනය, කාර්යක්ෂම පොදු ප්‍රවාහනය සහ සෑම කෙනෙකුටම ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සැලැස්මක් ක්‍රියාත්මක කරයි.GITEX Global 2024 සඳහා…
මානව සම්පත් සහ එමිරේෂන් අමාත්‍යාංශයේ (MOHRE) වේදිකා වෙත ප්‍රවේශ වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසර පත්‍රය භාවිතයෙන් ඔක්තෝබර් 18 සිට ලොග් වීමට අවශ්‍ය වනු ඇති බව අධිකාරිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 10) නිවේදනය කළේය. MOHRE හි උපදේශනයට අනුව, පරිශීලක නාම සහ මුරපද වැනි දැනට පවතින සියලුම පිවිසුම් තොරතුරු ඉවත් කර UAE Pass සමඟ ප්‍රතිස්ථාපනය කරනු ඇත. එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රය රටේ පදිංචිකරුවන් සහ පුරවැසියන් සඳහා නිල ඩිජිටල් අනන්‍යතාවය ලෙස ක්‍රියා කරයි. සියලුම රජයේ සේවාවන් සඳහා ප්‍රවේශය සපයයි. යෙදුම Android සහ iOS යන වේදිකා දෙකෙහිම බාගත කිරීම සඳහා ලබා ගත හැකිය. පරිශීලකයින්ට ඔවුන්ගේ එමිරේට්ස් හැඳුනුම්පත සත්‍යාපනය කිරීමෙන් ඔවුන්ගේ ඩිජිටල් අනන්‍යතාවය ඉක්මනින් නිර්මාණය…