Author: kumudika
ඩුබායි වෙත අද (ජනවාරි 3) වසරේ පළමු වර්ෂාව ඇද හැලුණු අතර ඩුබායි නගරය, රාස් අල් ඛෝර් සහ එමිරේට්ස් හි අනෙකුත් ප්‍රදේශ පුරා වැසි තත්තවය පැවතිණි. මේ අතර, Ras Al Khaimah හි Jebel Jais නව වසර සඳහා සුන්දර ආරම්භයක් සනිටුහන් කරමින් හිම කැටිති ඇද හැලිණි. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) සිකුරාදා දිනයේදී කඳුකර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 දක්වාත්, අභ්‍යන්තර ප්‍රදේශවල 5°C දක්වාත්, වෙරළබඩ කලාපවල 11°C දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කරයි. අධික ශීතල 24°C දක්වා ළඟා වනු ඇත. තුහීන තත්වයන්ට වඩා හාත්පසින්ම වෙනස් වේ. සතිය මුලදී සාජා, ෆුජයිරා, අබුඩාබි සහ රාස් අල් කයිමා හරහා වර්ෂාපතනය තීව්‍රතාවයෙන් වෙනස් විය. මෙම තෙත්…
ලබන මැයි මාසයේ දකුණු කොරියාවේ ගූමි නගරයේ පවත්වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ වෛද්‍ය සේවාවල ජාත්‍යන්තර නියෝජිතයා ලෙස ශ්‍රී ලාංකික ක්‍රිඩා වෛද්‍ය ධම්මික සේනානායක මහතා පත්කොට ඇත. ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සිදුකළ එම පත්වීම ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලද පළමු අවස්ථාව වේ. වෛද්‍ය සේනානායක මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වෛද්‍යවරයා වශයෙන් වසර පහළොවකටත් වඩා වැඩි කලක් සේවය කර ඇති අතර ආසියානු කලාපයේ මලල ක්‍රීඩාවේ සිටින ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකි. දැනටමත් ඔහු ආසියානු මලල ක්‍රීඩා සංගමයේ වෛද්‍ය කමිටු විධායක සභාවේ සාමාජිකයෙක් වන අතර, දැනට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සේවය කරනු ලබන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ලෝක පාපන්දු කිරුළ දිනූ ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 650 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 19000ක්) පමණ වෙතැයි ගණන් බලා ඇත. ස්පාඤ්ඤ කොටස් හුවමාරුවක මෙසීගේ සමාගමට අයිති දේපළ ලැයිස්තුගත කොට ඇති අතර, එහි තරු පහේ හෝටල් 7ක්, සාප්පු සංකීර්ණ 3ක්, ස්පාඤ්ඤයේ මහල් නිවාස පහක් මෙන්ම ලන්ඩන් සහ පැරිසියේ මහල් නිවාස ඇති බව ලේඛන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මෙයට අමතරව බාර්සිලෝනා නගරයෙන් පිටත කැස්ටල්ඩෙෆෙල්ස් හි වෙරළබඩ මන්දිරයක් ඇතුළු සුඛෝපභෝගී නිවාස ඇතැයි සඳහන් වේ. ඔහු සතු කෝටි ගණන් වාහනවලට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ගල්ෆ්ස්ට්‍රීම් නම් වූ පුද්ගලික ජෙට් යානයක් ද ඇත. පැයට කිලෝමීටර්…
ගෙවී ගිය 2024 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22,700ක (රුපියල් බිලියන 227) ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවට රජය දී තිබූ ඉලක්කය රුපියල් බිලියන 232කි. 2024 වසරේ ගතවූ මාස 12 තුළ දෙසැම්බර් මාසයේදී වැඩිම ආදායම උපයා ගනිමින් රුපියල් බිලියන 26ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් විය. අඩුම ආදායම වාර්තා වී ඇත්තේ මැයි මාසයේ වන අතර එය රුපියල් බිලියන 14.3කි. අප්‍රේල් මාසයේ රුපියල් බිලියන 23.1ක්, අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 20.3ක් සහ නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 20ක් වශයෙන් ආදායම් උපයා ගැනීමට දෙපාර්තමේන්තුව සමත්ව තිබිණි. නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යෑම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපහසු වී ඇතැයි…
කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝග ලක්ෂණ දක්නට ලැබෙන බව සදහන් වේ. එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ. වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන් වේ. පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ…
සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙරට රජයේ රෝහලක් තුළ ඉදිකළ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (02) මේ බව කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරනවා යැයි හෙතෙම මෙහිදී කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය දානපතියන් හරහා…
2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් 248,592 වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2024 ඉහළ සටහනකින් අවසන් වූ අතර දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් 248,592 ක් වාර්තා කළේය – පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.18% ක කැපී පෙනෙන වර්ධනයකි.
මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “L.M.D” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “LMD” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවයි. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් “L.M.D” සඟරාව පැවැසුවේය. වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම…
රට පුරා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) භෞතික මුදල් භාවිතා කරමින් ගනුදෙනු සිදුකිරීමේදී දළ වශයෙන් 1% සිට 1.5% දක්වා ප්‍රමාණයක් වැය වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අනාවරණය කළේය. මුදල් මත පදනම් වූ ගෙවීම් වංචා සහ දූෂණ වැඩිවීමට මෙන්ම ගනුදෙනු ක්‍රියාවලීන්හි අකාර්යක්ෂමතාවයට දායක වන බව ඔහු පැහැදිලි කළේය. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය රාජ්‍ය ආයතන වෙත සිදුකරන සියලුම ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත. දැනට රාජ්‍ය ආයතන 16ක් සම්බන්ධ කරන GOVPAY (ගවුපේ) යෙදුම හරහා මෙම මුලපිරීම පහසු කරනු…
2025 ජනවාරි 1 වැනිදා සිට ඩුබායි විසින් තනි භාවිත ප්ලාස්ටික් සඳහා පුළුල් තහනමක් ක්‍රියාත්මක කර ඇත. මෙම මුලපිරීම එමිරේට් පුරා අපද්‍රව්‍ය අවම කිරීම සහ තිරසාර භාවිතයන් පෝෂණය කිරීම සඳහා සැලකිය යුතු පියවරක් සනිටුහන් කරයි. ඩුබායි හි පාරිසරික ඉලක්ක තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා රැගෙන යන බහාලුම්වල සිට මේස ආවරණ දක්වා භාණ්ඩ කිහිපයක් නිල වශයෙන් තහනම් කර ඇත. ඩුබායි මහ නගර සභාව තවදුරටත් ඉඩ නොදෙන නිශ්චිත අයිතම ගෙනහැර දක්වා තිබේ. ස්ටයිරෝෆෝම් කෝප්ප, ප්ලාස්ටික් බට, ප්ලාස්ටික් ඇ, ප්ලාස්ටික් කපු පුළුන්, Styrofoam ආහාර බහාලුම්, ප්ලාස්ටික් මේස ආවරණ ඊට ඇතුලත් වේ.මෙම තහනම 2024 ජූනි මස සිට ක්‍රියාත්මක වූ තනි භාවිත ප්ලාස්ටික් බෑග් තහනම් කිරීම…