Author: kumudika

ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති Clean Sri Lanka වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස බස් රථවලට කඩා පැන අඛණ්ඩව සිදුකරන හිරිහැරවලට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට පුද්ගලික බස් රථ රියදුරු සංගම් තීරණය කර ඇත. පොලිසියේ අනිසි මැදිහත්වීම් සම්බන්ධව පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඉදිරි දින දෙක තුළ අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඉඩක් නොලැබුණොත් වැඩ වර්ජනය ආරම්භ කරන බවත් රියදුරු සංගම් නියෝජිතයෝ පිරිසක් පැවසූහ මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ රියදුරන් වැඩ වර්ජනයකට යනවා නම් එය නැවැත්විය නොහැකි බවයි. බස් රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීම සහ අනෙකුත් කරුණු…

Read More

ශ්‍රී ලංකාවේ සරසවි වලට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් සියයට පනහක පමණ ප්‍රමාණයක හිඟතාවයක් ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමේ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.දිවයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාල හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන උසස් අධ්‍යාපන ආයතන දහ අටක් තිබේ. ඒවාට දසදහසක පමණ ආචාර්ය මණ්ඩලයක් අනුමත කර ඇතත් මේ වන විට සේවය කරමින් ඇත්තේ සියයට පනහක ප්‍රමාණයකි.ඉකුත් කාලයේදී පැවති ආර්ථික අර්බුදය මත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දහසක පමණ ප්‍රමාණයක් රට හැරගොස් තිබේ. ඔවුන් නැවත මෙරටට ගෙන්වීම සඳහා වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවේ. මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමට අයදුම්පත් කඳවා තිබුණද ඇතැම් සුදුසුකම් ඇති පිරිස් ඒවාට…

Read More

ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ගලා ඒමට නියමිත බවත් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් තොරතුරු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. රට රැකියාවලට…

Read More

WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබේ. මෙම යාවත්කාලීන කිරීම හරහා WhatsApp යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් (Group Call) ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා ගත හැකිය. ඒ, අනුව අවශ්‍ය අය පමණක් තෝරාගෙන අනෙක් අයට බාධා නොකර ඔබට ඇමතුම් ලබාගැනීමට මේ වනවිට හැකියාව පවති. මේ වනවිට WhatsApp යෙදවුම ලොව පුරා අතිශය ජනප්‍රිය වී තිබෙන අතර දිනකට WhatsApp හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සඳහන් වේ. එමෙන්ම WhatsApp හරහා මේ වනවිට වඩාත් විනෝදජනක වීඩියෝ ඇමතුම් ලබාගැනීමටද හැකියාව පවතිනු අතර ඒ අනුව පරිශීලකයින්ට වීඩීයෝ ඇමතුම් ලබාගැනීමේදී, බලු පැටවුන්ගේ කන් එකතු කිරීමට, ජලය යට සිටින බව…

Read More

පුරෝගාමී හලාල් සහතික ලත් ක්ෂණික ආහාර දාමය වන Chicking, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 21 වන අලෙවිසැල ඩුබායි හි කාර්යබහුල කරාමා දිස්ත්‍රික්කයේ විවෘත කර ඇත. ජනවාරි 3 වන සිකුරාදා විවෘත කිරීමේ උත්සවය එහි නිර්මාතෘ සහ සභාපති ඒ.කේ මන්සූර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. BurJuman Metro Station හි පිටවීමේ දොරටු අංක 2 අසල පිහිටා ඇති මෙම නව ශාඛාව Chicking අත්සන සහිත චිකන්, බර්ගර්, පීසා, පැස්ටා, සහ සහල් ආහාර ඇතුළුව උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාර පිරිනමයි. වසර 23 කට පෙර ඩුබායි හි චිකිං දියත් කළ මන්සූර් මහතා, හලාල් ක්ෂණික ආහාර ගෝලීය වශයෙන් ප්‍රවේශ විය හැකි ඔහුගේ මෙහෙවරේ කොටසක් ලෙස විවෘත කිරීම විස්තර කළේය.…

Read More

සීගිරිය රාත්‍රී කාලයේදීත් සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම වැඩසටහන එළැඹෙන මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිතය.සෑම මසකම පුර පසලොස්වක පොහෝ දින, ඊට පෙර දෙදින සහ පසු දෙදිනක් වශයෙන් සඳ එළියේදී සීගිරිය නැරඹීමේ අවස්ථාව එමගින් සංචාරකයන්ට උදාකර දෙයි. දැනට සීගිරිය නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව දී ඇත්තේ පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා වන කාලයේදී පමණි.

Read More

ඊයේ(03) දහවල් 12.00වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් අසූ අටදහස ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ගෙන්වා ඇති මෙම සහල් තොගය අතරට කැකුලු සහල් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් ටොන් 54,000ක් වන බවය. සහල් ආනයනය එළැඹෙන ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණි.මේ අතර, වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳ සොයා බැලීකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම මස 10 වැනි දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස්…

Read More

හත්තා ධාවන ශූරතාවලිය අද (ජනවාරි 4) හත්තා ක්ලබ් හි සභාපති ගරු ෂෙයික් සයීඩ් බින් හම්දාන් බින් රෂීඩ් අල් මක්තුම් මහතාගේ අනුග්‍රහයෙන් ඇරඹිණි. Hatta Sports, Cultural and Social Club විසින් ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) සහ Hatta ශීත ඍතු උත්සව කමිටුව සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද මෙම ඉසව්වට ප්‍රබල ජාත්‍යන්තර සහභාගීත්වයක් ඇතුළුව සහභාගිවන්නන් 1,000 කට අධික සංඛ්‍යාවක් එක් වෙති. මෙම ශූරතාවලිය Hatta ශීත ඍතු මුලපිරීමේ කොටසක් වන අතර, DSC ප්‍රධාන හවුල්කරුවෙකු වේ.එමිරාති පිරිමි අංශය, කිලෝමීටර 8ක දුර විවෘත අංශය, එමිරාති කාන්තා අංශය සහ කිලෝමීටර 5ක දුර විවෘත අංශය, එමිරාති යොවුන් කාණ්ඩය සහ වයසින් අඩු අය සඳහා විවෘත කාණ්ඩය ඇතුළුව කාණ්ඩ අටක් ඔස්සේ…

Read More

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවය. මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවයි. චීනයේ පැතිර යමින් පවතින්නේ Human Metapneumovirus – HMPV – නමැති වයිරසයයි. මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි. ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට…

Read More

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී පසුගිය 02 වනදා මිය ගොස් ඇති අතර මිය යන විට 103වන වියේ පසුවිය. 1952 වසරේදී පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගත් මෙම හංගේරියානු ජිම්නාස්ටික් ශූරිය රන් පදක්කම් 5ක්ද ඇතුළුව දිනා සිටි සමස්ත ඔලිම්පික් පදක්කම් ගණන 10ක් බවයි වාර්තා වෙයි. කෙ‍ලෙටි 1940දී පළමු හංගේරියානු ශූරතාව දිනාගත් පසු ඇයගේ යුදෙව් සම්භවය නිසා ඇයට සියලුම ක්‍රීඩා කටයුතු කලක් තහනම් වී තිබිණි.

Read More