Author: kumudika

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය.මේ හේතුවෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේය. “සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි…

Read More

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. ලාංකික පුරවැසියන් සිය මව්බිම අනාගත ලෝකය කරා ගෙන යෑමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බවත්, මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රාහණය කිරීම රට පුරා මහජනයා විසින් සිය ඡන්දය අතිශය සාමකාමීව භාවිතය මගින් ඇති කළ වෙනසක් බව තම නිරීක්ෂණය බවත් කථානායකවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ. අනුර කුමාර දිසානායක මහතා…

Read More

විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එක් කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක් කර ගෙන පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට මේ අනුව පියවර ගනු ඇත. ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු විපක්ෂයේ සිටින සියලුම පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. ඊයෙ (23) හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

Read More

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි ව්‍යවස්ථාව සහ 157 අ ව්‍යවස්ථාවේ (7) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උප ලේඛනයේ සහ හත්වන උප ලේඛනයේ දක්වා ඇති ආකාරයට ප්‍රතිඥා දී අත්සන් තැබීම මගින් අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් 23 දිනයේදී වර්ෂ පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරය භාරගත් බව මෙම ගැසට් නිවේදනය මගින් නිවේදනය කරයි. නව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ (23) නිකුත්…

Read More

ශ්‍රී ලංකාවේ නව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. අනුර කුමාර දිසානායක මහතාට අයත් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. මේ වනවිට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටිති. මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම සිව් පුද්ගල කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතය. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව…

Read More

ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය. එසේම නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව, එම අරමුදල සඳහන් කර ඇත. බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලැබීය. කෙසේ වුවද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශවය ප්‍රකාශ කළේ, සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි දුෂ්කරතාවලට තුඩු දී ඇති බව කියන මූල්‍ය අරමුදලේ ගනුදෙනුව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ ගනුදෙනුව සාදරයෙන් පිළිගන්නා බව ද එම අරමුදල ප්‍රකාශ…

Read More

පැවති රජය විසින් පත්කර ලද ආයතන ප්‍රධානීන් රාශියක් සිය ඉල්ලා අස්වීම් මේ වන විටත් භාරදී ඇති බව සඳහන් ය. හිටපු ජනාධිපති රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එවක කැබිනට් මණ්ඩලය යටතේ ආයතන පාලනය කරන ලද සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල ආදී සියලු ම පිරිස් මෙම දින දෙක තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිතය. නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල ආයතන ප්‍රධානීන් පත් කිරීමට ඉඩ සලසා දෙමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. කෙසේ වුවද නව ජනාධිපති අනුර දිසානායක මහතා මේ වන තෙක් කිසිදු ආයතනයක ප්‍රධානියකු අලුතින් පත්කර නැත.

Read More

වත්මන් පාර්ලිමේන්තුව අද රාති‍්‍රයේ විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වේ. ඉන් අනතුරුව දෙසැම්බර් වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කෙරෙනු ඇතැයිද සදහන් වේ. ඊට පෙරා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය ධුර 15ක් නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර පැවරීමට නියමිතය. එම තාවකාලික කැබිනට් මණ්ඩලය අද දිනයේදී පත්කිරීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ. තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 305 ක් රැස් කළ අතර, නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 340 කි. අනතුරුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 309 ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගය ආරම්භ කර මිනිත්තු 15 කට අඩු කාලයකදී ලකුණු 211 කට දැවී යාම විශේෂත්වයකි. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු…

Read More

ඩුබායි මෙට්‍රෝ සංගීත උළෙල ප්‍රධාන මෙට්‍රෝ ස්ටේෂන් පහක් තුල දේශීය හා ජාත්‍යන්තර කලාකරුවන්ගේ සජීවී සංගීත සංදර්ශන සමඟ උණුසුම් ස්ථාන බවට පරිවර්තනය කර ඇත. දින 7 ක් පුරා පවත්වන මෙම උත්සවයේ දෙවන දිනය වන ඉරිදා (සැප්තැම්බර් 22) ඩුබායි සන්නාමය විසින් මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සමඟ සහයෝගයෙන් සංවිධානය කලේය. සාම්ප්‍රදායික තත් වාද්‍ය භාණ්ඩ, බෙර වාදන, සුළං වාද්‍ය භාණ්ඩ සහ නව්‍ය සැකසුම් ඇතුළු විවිධ භාණ්ඩ සහ ප්‍රභේද හරහා දක්ෂ සංගීතඥයින් 20 දෙනෙකු මෙම වසරේ උළෙලේ ඉදිරිපත් කරයි. මෙට්‍රෝ දුම්රිය ස්ථාන The Dubai Mall, Mall of the Emirates, BurJuman, Union සහ DMCC මෙම ප්‍රසංග පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත. දෛනික සංදර්ශන සවස 5 සිට…

Read More