Author: kumudika

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කිරීම සිදුකර ඇත.

Read More

නව ආරක්ෂක ලේකම් වශයෙන් එයාර් වයිස් මාෂල් සම්පත් තුරේකොන්තා මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

Read More

නව ජනාධිපති ලේකම් වශයෙන් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.සනත් නන්දික කුමානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඒ මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අයෙක් වන අතර ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙසද සේවය කර ඇත.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය 2025 දී 4.8% කින් වර්ධනය වනු ඇතැයි Oxford Economics Middle East හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ කළමනාකාර අධ්‍යක්ෂ Scott Livermor මහතා කියයි. 2025 වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය සඳහා 4.8% ප්‍රසාරණයක් පුරෝකථනය කර ඇති අතර එය තෙල් නොවන අංශවල වර්ධනය මගින් මෙහෙයවනු ලැබේ. ලිවර්මෝර් සඳහන් කළේ සංචාරක සහ සංචාරක ව්‍යාපාරය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් 2024 දී තෙල් නොවන ආර්ථිකය 4.6% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ලිවර්මෝර්ට අනුව, ඩුබායි හි නරඹන්නන් සංඛ්‍යාව සහ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (ඩීඑක්ස්බී) හරහා ගමනාගමනය වාර්තාගත මට්ටම් කරා ළඟා වීමට නියමිතව ඇති අතර, මේ වසරේ නරඹන්නන්ගේ වර්ධනය…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) 2024 සැප්තැම්බර් 16-20 දක්වා 30 වැනි ITS ලෝක සම්මේලනය සහ ප්‍රදර්ශනය ගරු. Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum මහතාගේ ප්‍රධානත්වයෙන් ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට රටවල් 100 කින් 25,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එය කොංග්‍රස් ඉතිහාසයේ ඉහළම පැමිණීම සනිටුහන් කළේය. දින පහක උත්සවය අතරතුර, තිරසාර සංචරණය පිළිබඳ ගෝලීය විශේෂඥයින් ඇතුළුව කථිකයන් 800 කට වැඩි පිරිසක්, ස්මාර්ට් ප්‍රවාහනයේ අනාගත වර්ධනයන් කෙරෙහි අවධානය යොමු කළ සැසි 200 කට සහභාගී වූහ. සංචරණය තුළ නව්‍ය තාක්‍ෂණයන් සහ විසඳුම් ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශකයින් 500 කින් සමන්විත ප්‍රදර්ශනයක් සම්මේලනයේ ඇතුළත් විය. RTA අධ්‍යක්ෂ ජනරාල්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොදු සමා කාලයේ සේවාවන් සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතියේ දින 7 ම නැවත විවෘත කෙරේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වාද , සෙනසුරාදා හා ඉරිදා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වාද එම කාර්යාලය විවෘත වේ. සෙනසුරාදා හා ඉරිදා දෙදින තුල කොන්සියුලර් අංශය හරහා පොදු සමාව සම්බන්ධ සේවාවන් පමණක් සිදු කරන බව දන්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.971 – 2631 6444 / 971 – 2634 6481

Read More

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස් වන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබේ. ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය.ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවය. අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවත් වැඩිදුරටත් ඔහු පැවසීය.

Read More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කලේ ව්‍යාස්ථාපිත බලය හිමි වන පලමු මොහොතේම ආණ්ඩුව විසුරු වීමට සූදානම් බවයි. ඇය ශ‍්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස අද දිනයේ දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. ඇය සමග තවත් සිව් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයක් ලෙස දිවුරුම් දීමට නියමිතය. වත්මන් පාර්ලිමේන්තුවද අද දිනයේ නව ජනාධිපති අනුර දිසානායක මහතා විසින් විසුරුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන් වේ.ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් මස අගදී පැවැත්වීමට වැඩි ඉඩකඩක් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනපති ලෙස තේරී පත්වූ අනුර දිසානායක මහතාට සුබ පතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි පතන බවත් ජනතා බලාපොරාත්තු ඉටුකිරීම ඔහුට භාර බවද ඔහු සඳහන් කලේය. ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවලදී සමගි ජනබලවේගය මෙන්ම සමගි සන්ධානය සහාය ලබාදෙන බවට ප්‍රේමදාස මහතා මැතිවරණ කාර්යාලයේදී ඊයේ (22) පැවති උත්සවයේදී පැවසීය.

Read More

සතියක් ඇතුළත පෙළපාලි යාම සම්පූර්ණයෙන් තහනම් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ජයග්‍රහණය සාමකාමීව සමරන ලෙස ජනතාවට දැනුම් දෙන බවයි.

Read More