Author: kumudika
මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ (23) අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කලේය. ජනතාවගේ ජනවරම සුහදව පිළිගනිමින්, මෙම ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් සිදුකළ කැපවීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාමත් අභියෝගාත්මක රටක් තමන්ට ලැබුණු බවයි.පවතින දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතු බවත්, ජනතාව අපේක්ෂා කරන බලාපොරොත්තු වෙනුවෙන් තමන් කැපවන බවටත් දිසානායක මහතා එහිදී සහතික විය. එසේම තමා ඉන්ද්‍රජාලිකයෙකු නොවන බවත්, තමන්ට සිදුකළ හැකි සහ නොහැකි කටයුතු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර…
අභිනව නව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සුබ පැතුම් එක්කර ඇත. ඔහු සිය X ගිණුමේ සටහන් තබමින් සඳහන් කර ඇත්තේ, ඔහු ලද ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පතන අතරම, ඉන්දියාවේ අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවයි. දෙරටේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තුවන බව ඉන්දීය අගමැති මෝදි එහි දක්වා තිබේ. එසේම ඉන්දීය මහ කොමසාරිස්තුමා ද දිසානායක මහතාව හමුවී සුබ පැතුම් එක් කර ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (23) පෙරවරු 10.00 ට දිවුරුම් දීමට නියමිතය. පෙරේදා (21) පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ ඒ මහතාට දේශපාලනඥයන් , විදේශීය රටවල් වල නායකයන් ඇතුළු බොහෝ දෙනකු සුබපැතුම් එක් කර තිබේ.
රට ආර්ථික අභියෝගවලින් ගොඩඑමින් ඉදිරියට යන ගමනේදී නව ජනාධිපතිවරයකු පත්වීම වැදගත් සන්ධිස්ථානයක් බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේය. අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මුල්ම විදේශ රාජ්‍ය තාන්ත්‍රික සුබපැතුම ජපානයෙන් ලැබීම විශේෂත්වයක් වන අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ජපානයේ ජනතාව වෙනුවෙන් හෘදයාංගම සුබපැතුම් පිරිණමන බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් රට මෙහෙයවීමටත් හොඳ සහ තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් අභිනව ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවයි. ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගු…
ශ්‍රී ලංකා ජනරජයේ වත්මන් අගමැති ධූරය දරමින් සිටි දිනේශ් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දන්වා ඇත්තේ නව ජනාධිපතිවරයෙක් පත් වූ බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව 47 (2)අ වගන්තිය ප්‍රකාරව මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවයි.
සැප්තැම්බර් 21 වනදා පැවති 2024 ජනාධිපතිවරණයේ ජය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමත් විය.ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පළමු වටයෙන්ම සියයට පනහක් කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගත් නිසා දෙවැනි හා තුන්වන මනාප ගණන් කිරීමට මැතිවරණ කොමිසමට සිදු විය.ඒ අනුව ඔවුන් දෙදෙනා ලබා ගත් සමස්ථ ඡන්ද ප්‍රමාණය මෙසේයි අනුර දිසානායක මහතා (ජාතික ජන බලවේගය )- 5,740,179 – 55.89%සජිත් පේ‍්‍රමදාස මහතා ( සමගි ජන බලවේගය) – 4,530,902 – 44.11%
මැතිවරණ කොමිසමේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර කැඳවා තිබුනේ මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L රත්නායක මහතා විසිනි. මේ වන විට කිසිදු අපේක්ෂකයෙකු බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා නොමැති හෙයින් දෙවෙනි මනාපය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ඔහු සඳහන් කලේය. ඒ අනුව අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කෙරේ. මෙම කටයුත්ත සිදු කරන ආකාරය පිළිබඳ සභාපතිවරයා මැතිවරණ කොට්ඨාශ භාර තේරිම් භාර නිලධාරීන්ට සියළු උපදෙස් ලබා දී තිබේ. මනාප ගණන් කිරීමෙන් පසු සියළු ප්‍රතිඵල මැතිවරණ කොමිෂම වෙත වාර්තා කල යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
2024 ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බව එහි ඉහල නායකයෙක් මාධ්‍ය වෙත තහවුරු කර ඇත. ඡන්ද ගණන් කරන ස්ථානයේ සිටින නියෝජිතයන්ගේ තොරතුරු උපුටා දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.ඒ අනුව දෙවන මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූව ද දෙවන ස්ථානය හිමි කරගන්නා අපේක්ෂකයා අතර විශාල පරතයක් පවතින බව ද එම ප්‍රකාශකයා අවධාරණය කලේය. අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට සැලැසුම් කර ඇති බව ද සඳහන් වේ. ඒ අනුව ඉරිදා පස්වරුවේ ඔහු දිවුරුම් දෙනු ඇති බවට එම නායකයා ප්‍රකාශ කර ඇත.
ජාතිවාදය ඉස්මතු නොකරමින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගත් අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනි. සිය පක්ෂයේ උපදෙස් මත වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය භාවිත නොකර මැතිවරණ සිතියමේ වෙනසක් පෙන්නුම් කළ උතුරු – නැගෙනහිර ජනතාවට ස්තූතිවන්ත වන බව ද ඔහු අවධාරණය කලේය.
ප්‍රවීන රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 77 වැනි වියේ පසු විය. විසිදැල ඇතුළු චිත්‍රපට රැසක හා දඩුබස්නාමානය ,සිදූ ඇතුළු ටෙලිනාට්‍ය රැසකද වේදිකා නාට්‍ය රැසකටද සිය රංගන හැකියාවෙන් දායක වූ ඔහු සම්මාන රැසකින් පිදුම් ලැබීය.