Author: kumudika

ජාතිවාදය ඉස්මතු නොකරමින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගත් අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනි. සිය පක්ෂයේ උපදෙස් මත වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය භාවිත නොකර මැතිවරණ සිතියමේ වෙනසක් පෙන්නුම් කළ උතුරු – නැගෙනහිර ජනතාවට ස්තූතිවන්ත වන බව ද ඔහු අවධාරණය කලේය.

Read More

ප්‍රවීන රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 77 වැනි වියේ පසු විය. විසිදැල ඇතුළු චිත්‍රපට රැසක හා දඩුබස්නාමානය ,සිදූ ඇතුළු ටෙලිනාට්‍ය රැසකද වේදිකා නාට්‍ය රැසකටද සිය රංගන හැකියාවෙන් දායක වූ ඔහු සම්මාන රැසකින් පිදුම් ලැබීය.

Read More

ඊයේ (21) රාත්‍රී 10 සිට අද (22) උදෑසන 6.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර ඇත. ඒ අනුව අද (22) දහවල් 12.00 දක්වා මෙම නීතිය බලපැවැත්වෙනු ඇත.

Read More

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි විනෝජා වීරසිංහ අද (22) අලුයම දිවයිනෙන් පිටවී ගොස් ඇත. ඇය සහ ඇගේ පියා අද අලුයම 3.30ට ඩුබායි බලා යන එමිරේට්ස් ගුවන් සේවයේ E.K. 649 දරණ ගුවන් යානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

Read More

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත. සාමකාමී තත්ත්වයක් දැනට පවතින නමුත් ජනතාවගේ ආරක්ෂාව පිණිස මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක් වේ.

Read More

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.

Read More

කටුනායක ගුවන්තොටුපළින් විදෙස්ගත වීමට පැමිණි ඩෑන් ප‍්‍රියසාද් ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා ඇත. ඒ ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් හේතුවෙනි. ඩුබායි බලා යාමට ඔහු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. පසුගිය සමයේ අරගලයට පහර දීමේ සිදුවීමේ විත්තිකරුවකු ලෙස නම් කර ඇති ඔහුට රටින් පිටවීම අධිකරණ විසින් තහනම් කර ඇත.

Read More

ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම දහවල් 2.00 පමණ වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත. දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2.00 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙසේයි. ගම්පහ – 52%,යාපනය – 35%,මුලතිව් – 46%,වවුනියාව – 51%,මන්නාරම – 40%,බදුල්ල – 40%,රත්නපුර – 58%,කෑගල්ල – 49%,මඩකලපුව – 23%,ත්‍රිකුණාමලය – 51% කොළඹ – 60%,ගම්පහ – 62%,කළුතර – 60%,නුවරඑළිය – 70%,ගාල්ල – 61%,මාතර – 64%,හම්බන්තොට – 60%,මන්නාරම – 60%,බදුල්ල – 59%,රත්නපුර – 60%,කෑගල්ල – 60%,අම්පාර – 60%,ත්‍රිකුණාමලය – 55%,පුත්තලම – 57%,මොනරාගල – 65%,අනුරාධපුර – 70%

Read More

අද පස්වරු 4.00 න් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් විය. ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 8.00 ත් 9.00 ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කලේය. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා කියා සිටියේ දිවයිනේ සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බවයි. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 712,318 ක් බවද සඳහන් කළ සමන් ශ්‍රී රත්නායක මහතා,…

Read More

එමිරේට්ස් සෞඛ්‍ය සේවයෙන් (EHS) විසින් Spot Vision Screener ලෙස හඳුන්වන ළමුන්ගේ පෙනීමේ ගැටළු කල්තියා හඳුනාගැනීම සඳහා නව්‍ය මෙවලමක් හඳුන්වා දී ඇත. මෙම මුලපිරීම ළමා සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ දරුවන්ට උසස් තත්ත්වයේ රැකවරණයක් ලබා ගැනීම සහතික කිරීම අරමුණු කරයි. මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා නිර්මාණය කර ඇති Spot Vision Screener මගින් විවිධ අක්ෂි තත්ත්වයන් සඳහා වේගවත් හා නිරවද්‍ය පරීක්‍ෂණයක් ලබා දේ. එය EHS ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 20 කදී සාමාන්‍ය පරීක්‍ෂාවන් වලදී භාවිත කෙරේ. මෙම උපකරණයට ලඟ පෙනීම, දුර පෙනීම, ඇතුළු විවිධ අක්ෂි රෝග තත්පර කිහිපයකින් හඳුනා ගත හැක. EHS හි ප්‍රාථමික සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය…

Read More