Author: Stanly Kularathna

ප්‍රථම 100% ශාක පදනම් වූ මස් කර්මාන්ත ශාලාව මැද පෙරදිග ඩුබායි හි විවෘත කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු වන IFFCO සමූහය විසින් දියත් කරන ලද Thryve කර්මාන්ත ශාලාව ඩුබායි කාර්මික නගරයේ පිහිටා තිබෙනවා. අලුතින් දියත් කරන ලද කර්මාන්තශාලාවේ නිෂ්පාදන GCC ජනගහනයෙන් 30% ක් සඳහා සපයනු ලබන අතර, කලාපයේ වඩාත් තිරසාර ආහාර දාමයක් සහතික කිරීමේ ඉලක්කය කරා මැද පෙරදිගට ශක්තිය ලබා දෙනු ඇත. ශාක පදනම් වූ ආහාර නිෂ්පාදන සඳහා කලාපීය වෙළෙඳපොළ සංවර්ධනය ස​හ උත්තේජනය කරන මෙම පියවර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා මැදපෙරදිග තල්ලු කිරීමට ද උපකාරී වනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශගුණික විපර්යාස සහ…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) වසරේ තිරසාර ව්‍යාපාර කාණ්ඩය යටතේ ලෝක තිරසාර නායකත්ව සම්මාන උළෙලේ ජයග්‍රාහකයෙකු ලෙස නම් කර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික කල්බදු කොන්ත්‍රාත්තු සහ ඒකාබද්ධ දත්ත ගබඩාවක් භාවිතා කරමින් වාහන කුලියට දීමේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන එහි මාර්ගගත මෝටර් රථ කුලියට දීමේ පද්ධතියට ඇගයීමක් ලෙස RTA හට මෙම සම්මානය හිමි විය. මෙම ක්‍රමය මගින් 1,500කට අධික අලෙවි නියෝජිතයන් සහ ලීසිං සමාගම් අතර අන්තර් ක්‍රියා නියාමනය කරයි. 2022 දී පමණක් කොන්ත්‍රාත්තු 900,000 කට වඩා නිකුත් කිරීමට පද්ධතිය පහසුකම් සලසා ඇත. ප්‍රවාහන ක්‍රියාකාරකම් කුලියට දීමේ පද්ධතිය (TARS) සංවර්ධනය කිරීමේ දී එහි ජයග්‍රහණ සහ පුරෝගාමී උත්සාහයන් අගයමින් RTA තවත් ජාත්‍යන්තර ඇගයීම් තුනක්…

Read More

එක්සත් ජනපදය පදනම් කරගත් Boston Consulting Group විසින් කරන ලද ‘Cities of Choice’ අධ්‍යයනයේ දී, ඩුබායි ‘සමාජ ප්‍රාග්ධන’ මානයෙන් පළමු ස්ථානයට පත්ව ඇති අතර, Washington, Singapore, San Francisco, Guangzhou, Boston, Seattle, Atlanta, Barcelona, සහ Berlin යන නගර අතර ඉදිරියෙන් සිටී. ඩුබායි, මිලියන 3 ක​ට වැඩි සහ මිලියන 10 ට අඩු ජනගහනයක් සිටින ‘cruiser weight’ නගර ලෙස වර්ගීකරණය කර ඇත. ඩුබායි ලකුණු 100 න් 74 ක් ලබා ගත් අතර, “පදිංචිකරුවන්​ට ඔවුන්ගේ නගරයට අයත් වීම සහ බැඳීම පිළිබඳ දැඩි හැඟීමක් ඇති බවත් ඔවුන් අර්ථවත් සමාජ සබඳතා පවත්වාගෙන යන බවත් පෙන්නුම් කරයි.” ‘සමාජ ප්‍රාග්ධනය’ නගරයක් තුළ සමාජ සම්බන්ධතා සහ ප්‍රජා මැදිහත්වීමේ ශක්තිය මනිනු ලබයි.…

Read More

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුවේට් රාජ්‍යයේ රැකියා ලබා දීම සඳහා පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු, වංචනික ලෙස මුදල් ලබා ගැනීම නිසා පසුගියදා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කුවේට්හි රැකියාවක් ලබා දීම සඳහා රුපියල් 450,000 ක මුදලක් ලබාගෙන ඇත. පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම නිසා එම කාන්තාව කාර්යාංශයට පැමිණිලි කර ඇත. පැමිණිල්ල සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු එදින ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 500,000 ඇප…

Read More

සෞදි අරාබිය රටඉඳි ටොන් 50ක් ශ්‍රී ලංකා රජයට භාරදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞදි තානාපති Khalid Hammoud Alkahtani මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත ඊයේ තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයකදී රටඉඳි තොගය භාර දෙන ලදී. ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් පරිත්‍යාග කළේ සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය මගිනි. මෙම අවස්ථාවට අදහස් දක්වමින් සෞදි අරාබි තානාපතිවරයා, සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ විශිෂ්ට මානුෂීය ප්‍රයත්නයන් ප්‍රශංසා කළ අතර, එය ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකක භාරකරු වන සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞදි රජුගේ සහ අගමැති ඔටුන්න හිමි කුමරුගේ රජයේ උනන්දුව පිළිබිඹු…

Read More

පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා කිසිදු සැඟවුණු න්‍යාය පත්‍රයකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දක්වන බව පලස්තීනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරු අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ට දැනුම් දී තිබෙනවා. කොළඹ සිටින පලස්තීන තානාපති Zuhair M.H Dar Zaid, ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Sulaiman AlAmeri යන මහත්වරු පසුගියදා මහනුවරදී අස්ගිරි මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී මේ බව ප්‍රකාශකොට තිබෙනවා. අරාබි කවුන්සිලය තවත් මුස්ලිම් රටවල් 22ක් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zhair M.H Dar Zaid මහතා පැවසීය. ශ්‍රී ලාංකිකයින්ට…

Read More

ඩුබායි වැසියන් රාමසාන් සමයේදී මහජනතාවට ඉෆ්තාර් ආහාර බෙදා හැරීමට පෙර අවසර ඉල්ලා සිටිය යුතු බව නිල ආරංචි මාර්ග පවසයි. අවසර ලබා ගැනීම සඳහා ඩුබායි හි ඉස්ලාමීය කටයුතු සහ පුණ්‍ය කටයුතු දෙපාර්තමේන්තුව (IACAD) වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. මෙම පියවර පරිත්‍යාග කරන ලද ආහාරවල ආරක්ෂාව සහතික කිරීමට සහ විවිධ ස්ථානවලට ආහාර බෙදා හැරීම සහතික කිරීමට බලධාරීන් දරන උත්සාහයේ කොටසකි. මුස්ලිම්වරුන්, රාමසාන් සමයේදී පුණ්‍ය කටයුතුවලට සහභාගී වීම සිරිතකි. එයට අවශ්‍යතා ඇති අයට ආහාර සහ මුදල් ලබා දීම ඇතුළත් වේ. එසේ වුවද, බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව වැසියන් පුණ්‍ය කටයුතුවල නියැලීම හෝ ඉෆ්තාර් ආහාර බෙදා හැරීම නොකළ යුතු බව බලධාරීන් විසින් නියම කර තිබෙනවා.…

Read More

2023 වර්ශය ​සඳහා ශුද්ධවූ රාමසාන් මාසය තවත් නොබෝදිනකින් උදාවෙනවා. මෙම මාසය ආගමික සහ ප්‍රතිපත්තිමය චර්යාවන්ට මුල්තැන දෙමින් බෙහෙවින් හික්මුණු ජීවන රටාවක් ගත කර​න පරිසරයක් ඇති බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයතුල උත්සව, සැණකෙලි, ප්‍රසංග හා විනෝදජනක ක්‍රියාවන් සඳහා අවසර ලැබෙන්නේ නැහැ. මේ වසරේ රාසමාන් කාලය එළැඹීම​ට පෙර පැවැත්වෙ​න අවසන්දැ වැන්ත සංගී​ත ප්‍රසංග දෙකක් හෙට රාත්‍රියේ ඩුබායි හි පැවැත්වෙනවා. ඉන් පළමුවැන්​න වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් සහභාගීවන “සංඛේ​ත” සංගීත ප්‍රසංගයයි. යුග දෙකකට අයත් ගායක සුසංයෝගයක් එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි. “සංඛේ​ත” සංගීත ප්‍රසංගය – 2023 මාරුතු 18 වෙනිදා Ambassador International Academy හිදී රාත්‍රී 7 සි​ට…

Read More

ඩුබායි පොලිසිය පසුගිය වසරේ රාමසාන් සමයේදී පුද්ගලයින් 604 ක් අත්අඩංගුවට ගෙන ඇති අත​ර එයට යාචකයින් 382 ක් සහ වීදි වෙළෙන්ඳන් 222 ක් ඇතුලත් වෙනවා. 901 ඇමතුම් මධ්‍යස්ථානය හරහා වාර්තා 1,956 ක් සහ “Police Eye” සේවාව හරහා වාර්තා 279 ක් ඇතුළුව යාචකත්වයට අදාළ පදිංචිකරුවන්ගෙන් වාර්තා 2,235 ක් අධිකාරියට ලැබී තිබෙනවා. නීතිවිරෝධී ක්‍රියාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධිකාරිය සිය වාර්ෂික යාචක විරෝධී ව්‍යාපාරය දියත් කිරීමත් සමඟ ඩුබායි පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය. පරිපාලන හා පාලන කටයුතු පිළිබඳ අපරාධ විමර්ශන සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සයීඩ් සුහයිල් අල් අයාලි අවධාරණය කළේ සිඟාකෑම සමාජයට රිංගා ගන්නා අපරාධයක් බවත් එය සාමාන්‍යයෙන්…

Read More

ඩුබායිහි ඊ-ස්කූටර් කුලියට දීමේ සේවාව ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර​න අතර 2022 දී සංචාර මිලියනයක් පමණ වාර්තා වී ඇති අතර එය 2021 දී සිදු කරන ලද සංචාර සංඛ්‍යාව දෙගුණ කරයි, මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කොට තිබෙනවා. පොදු ප්‍රවාහන භාවිතයේදී, ආරම්භ​ක හා අවසාන සැතපුම ගමන් කිරීම සඳහා භාවිතා කරන ඊ-ස්කූටරවල ජනප්‍රියතාවයට අමතරව, කුලියට දීමේ සේවාව ද ආරක්ෂිත බව ඔප්පු වී ඇති අතර, කිසිදු ධාවකයෙකුට මාරාන්තික හෝ දරුණු තුවාල සිදු නොවන බව RTA සඳහන් කළේය. 2023 පළමු කාර්තුවේ සිට, RTA විසින් ඩුබායිහි නව නේවාසික ප්‍රදේශ 11 ක ඊ-ස්කූටර් භාවිතයට අවසර දී ඇති අතර, ඊ-ස්කූටර ක්‍රියාත්මක වීමට අවසර දී ඇති මුලු දිස්ත්‍රික්ක සංඛ්‍යාව…

Read More