Author: Stanly Kularathna

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක ශුභසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලැබුණු අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් අදියරෙන් අදියර සිදු කරමින් පවතියි. ඒ අනුව, දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩි ම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව සඳහන් කළ අමාත්‍යවරයා පිළිවෙළින්…

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීම් සම්බන්ධයෙන් වාර්තා කර තිබූ වැරදි දත්ත නිවැරදි කරන ලෙසට එම සංවිධානයට දන්වා යැවූ බව මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක පැවසීය. ශ්‍රී ලංකාව සිය දිවි නසාගැනීම් අතින් ලෝකයේ 30 වන ස්ථානයේ සිටිය ද පළමු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි ලෙ​ස දත්ත සකස් කර තිබූ බවට අධ්‍යක්ෂවරයා චෝදනා කළේ ය. ඒ අනුව, කඩිනමින් නිවැරදි කිරීම් සිදුකරන ලෙසට දැනුම් දුන් බව පැවැසූ හෙතෙම ලෝකයේ රටවල් අතර ලංකාවේ ස්ථානයේ වෙනසක් ඇතිවුව ද සිය දිවි නසාගැනීමේ ප්‍රවණතාව අඩු වී නොමැති බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා සංවර්ධන…

Read More

2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 1678 දෙනෙකු පිටත් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිවී තිබෙනවා. ඒ අතරට පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයින් 1398ක්ද, හා නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය (Re-entry) පුද්ගලයින් 280ක් අයත් වේ. ඉන් නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා 1490 දෙනෙකු හා ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 188 දෙනෙකු වෙනවා. මෙම පිරිස​ට පිරිමි ශ්‍රමිකයින් 1662 දෙනෙකුගෙන් හා කාන්තා ශ්‍රමිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල නිදහස් කිරීම අනුමත කිරීමත් සමඟ දේශීය ආර්ථික​ය පාලනයට අදාළ සීමා කිහිපයක් පැනවෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. මෙලෙස දැඩි සීමාවලට යටත් පළමු කාරණය වන්නේ මහ බැංකුව මගින් කෙරෙන මුදල් අච්චු ගැසීමයි. ඒ සඳහා මූල්‍ය අරමුදල විසින් සීමාවක් පනවනු ඇතැයි​ද සඳහන්ය. රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් වැය කිරීමද නිශ්චිත සීමාවකට යටත් කෙරෙයි. නිදහසේ රුපියලේ වටිනාකම තීරණය කළ යුතුය යන්න මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියයි. එවිට ඩොලරයක රුපියල් වටිනාකම නැවත ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි. මෙම සීමා කිරීම්වලට අමතරව රජයට දේශීය හා විදේශීය ණය ලබාගැනීම සඳහා ද විශේෂ ණය…

Read More

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධානය කරන Western Breeze Festival – ආහාර පාන සැණකෙළිය ලබන 17 සහ 18 යන දෙදින තුළ වත්තල වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. දේශීය ආහාර පානවලට අමතරව ප්‍රංශ, ඉතාලි, ජර්මන්, චීන සහ තවත් රටවල විවිධ ආහාර පාන මෙහිදී ප්‍රදර්ශනය කිරීම සහ භුක්ති විඳීමේ අවස්ථා​ව සහභාගීවන්නන්​ට සලසා ඇත. සැණකෙළිය ප.ව. 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙයි. කුඩා දරුවන් සඳහා විනෝද ක්‍රීඩා ඇතුළුව විශේෂ ළමා සැනකෙළි කලාපයක් ඉදි කර ඇති මෙම සැණකෙළිය වර්ණවත් කිරීම සඳහා මල්වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන, දැවැන්ත සංගීත සංදර්ශනය ඇතුළුව සංස්තෘතිකාංග රැසක් සංවිධානය කර ඇත. වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය වශයෙන් පැවැත්වෙන…

Read More

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. ඒ සඳහා විකල්ප යෝජනා ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබිණි. රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන නිසා ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව…

Read More

මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාව සඳහා ආරක්ෂක සේවා ක්ෂේත්‍රයේ රැකියා 10,000 ක අමතර කෝටාවක් වෙන් කර ඇති බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. 2022 වර්ෂය තුළ විගමණික රැකියා ක්ෂේත්‍රයට අදාළව විදේශ රැකියාගත කිරීම්, පැමිණිලි, චෝදනා ඇතුළු සියලු කරුණු සලකා බලා, විදෙස් රැකියා ක්ෂේත්‍රයේ ජීවගුණය රැකගනිමින් සාධනීය කාර්යභාරයක් ඉටුකළ රැකියා නියෝජිත ආයතන ඇගැයීම පිණිස කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ‘Golden Award 2022’ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවට දැනටමත් වෙන් කර ඇති රැකියා අවස්ථා 10,000 ක කෝටාවට අමතරව මෙම නව කෝටාව ලබාදෙන බවයි. “මැලේසියානු රජයෙන්…

Read More

දශක ගනනාවක් ගී​ත හා සංගීතය ඔස්සේ අප සිත්වල සංවේදීම තැන් ආමන්ත්‍රණය ක​ල, හෙල සංගීත කලාව සම්භාව්‍යත්වයට පත්කල මහා ගාන්ධර්වයා ​ආචාර්‍ය වික්ටර් රත්නායකයන් සහභාගී වන “සංඛේ​ත” සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 2ක් පම​ණයි. අසූවිය ඉක්මවූවත් තවමත් ගීතයෙන් ඔබ සිත් අමතන්නට වසර ගනනාවකට පසුයි ඔහු නැවත ඩුබායි වෙත පැමිනෙන්​නේ. හෙල සංගීත කලා​වේ සම්භාව්‍යත්වය​ට නව අරුතක් එක් කරන්නට ගීතයෙන් යෞව​න හදවත් ආමන්ත්‍රණය කර​න සංඛ දිනෙත් වික්ටර් රත්නායකයන් හා මෙම සංගීත ප්‍රසංගයට එක් වෙනවා. යුග දෙකකට අයත් මෙම ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි. මෙ​ම ගායක දෙප​ල පසුගිය වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ශ්‍රී ලංකාවේදී ඉදිරිපත් ක​ල…

Read More

UAE හි ඩී.​එස්. සේනානායක සහ මහානාම විද්‍යාලීය ආදි සිසුන් අතර 2වන වාර්ෂික ක්‍රිකට් ගැටු​ම සාජා හි Vision Cricket Centre ක්‍රීඩාංගනයේදී පසුගිය 11 වෙනි සෙනසුරාදා ඉතා උත්කර්ෂවත් අන්දමින් අවසන් වුනා. කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක කණ්ඩායම පළමුව පන්ඳුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් සිය පන්ඳුවාර 20 තුල කඩුළු 4 කට ලකුණු 255ක් රැස්කලා. මෙහිදී ප්‍රභල ආරම්භයක් ලබාගත් සේනානායක කණ්ඩාය​ම පලමු ඕවර 6 තුල ලකුණු 82ක් ලබා ගනිමින් වැඩි ලකුණු ප්‍රමාණයක් ඉලක්ක කොටගෙන තරගයේ වැඩි වාසි ඔවුන් වෙත නතු කරගත්තා. ඩී. එස්. සේනානායක කණ්ඩාය​ම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුවල අර්ශාඩ් ජුනායිඩ් පන්දු 46කින් වේගවත් ලකුණු 100ක්ද ඉම්‍රාන් සම්ශුදීන් පන්දු 49කින් දර්ශනීය…

Read More

“The Gallant Knight 2” මෙහෙයුමේ කොටසක් ලෙස භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සහය දැක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “Bridges of Goodness” සහන ව්‍යාපාරය සිරියාවේ Latakia හි දියත් කොට තිබෙනවා. මෙම ප්‍රචාරණය සංවිධානය කරනු ලබන්නේ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) විසින් හා Syrian Arab Red Crescent (SARC) සහයෝගීතාවයෙනි. Latakia හි ආණ්ඩුකාර ඉංජිනේරු Amer Ismael Hilal, නිලධාරීන් සහ ERC නියෝජිතයින් ගණනාවක් ප්‍රචාරක ක්‍රියාකාරකම්වල කොටසකට සහභාගී වූ අතර, “The Gallant Knight 2” පුනරුත්ථාපනයේ කොටසක් ලෙස ආහාර පාර්සල් ඇසුරුම් කිරීමට ස්වේච්ඡා සේවකයන් දරන උත්සාහයන් පිළිබඳව දැනුවත් කරන ලදී. සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා අතිරේක ගුවන් යානයකින් ආහාර, වෛද්‍ය ආධාර සහ ඖෂධ ලබා දීම…

Read More