Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ඩිරාම් ට්‍රිලියන 32 (ඩොලර් ට්‍රිලියන 8.7) ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කොට තිබෙනවා. මෙම නව ආර්ථික න්‍යාය පත්‍රය, “D33” ලෙස නම් කර ඇති අතර එය ඉදිරි දශකය තුළ වෙළඳාම සහ ආයෝජන දිරිගැන්වීම තුලින් එමිරේට්ස් ආර්ථිකයේ විශාලත්වය දෙගුණ කිරීම සහ ඩුබායි, ලෝකයේ හොඳම ආර්ථික නගර 3 අතරට ගෙනඒම අරමුණු කරනවා. ඉදිරි දශකය තුළ එමිරේට්ස්හි විදේශ වෙළඳාම ඩිරාම් ට්‍රිලියන 25 දක්වා ළඟා වනු ඇති බව ෂෙයික් මොහොමඩ් ට්වීට් නිවේදන මාලාවකින් සඳහන්කො​ට තිබෙනවා. ඩුබායි විසින් ලොව පුරා නව නගර 400 ක් සමඟ වෙළඳ කොරිඩෝවක් ද එක් කිරීමට නියමිතයි.…

Read More

ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ බඳවා ගැනීම් සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව නීතිය – 2022 අංක 9 දරන ෆෙඩරල් ආඥා පනත – 2022 දෙසැම්බර් 15 දින සිට බලාත්මක වූ අතර, එය කම්කරුවන්ගේ සහ සේවා යෝජකයන්ගේ අයිතීන් සුරක්ෂිත බව සහතික කරයි. නීතිය නිවේදන​ය කිරීමෙන් පසුව, කැබිනට් යෝජනාවක් ද ප්‍රකාශයට පත්කරන ලදි. 2022 අංක 106 දරන කැබිනට් යෝජනාව – ගෘහ සේවිකාවකගේ සේවායෝජකයෙකුට දඩ නියම කළ හැකි උල්ලංඝනය කිරීම් 10 ක ලැයිස්තුවක් හා දඩ මුදල් පහත දක්වා තිබෙනවා. 1. ගෘහ සේවිකාවට එරෙහිව වංචනික හෝ ව්‍යාජ තොරතුරු සඟවා සිටීමේ වාර්තාවක් ඉදිරිපත් කිරීම: සෑම ගෘහ සේවිකාවක් සඳහාම ඩිරාම් 5,000ක දඩයකි. 2. සේවාවක් හෝ ප්‍රතිලාභයක් ලබා…

Read More

• විකුණුම් ගනුදෙනුවල 46% ක වැඩිවීමක්, 2013 දී වෙළඳපොලේ පැවති මට්ටමට වඩා 38% කින් ඉහළ​​ට. • මහල් නිවාස සහ විලා/නගර නිවාස සඳහා විකුණුම් ගනුදෙනු මෙතෙක් වාර්තා වී ඇති විශාලතම අගයට ළඟා වේ MENA කලාපයෙහි ප්‍රමුඛතම දේපල සංචිත​ය වන Property Finder හි මෑත කාලීන Zeitgeist 2022 වාර්තාවට අනුව, 2021 වසරේ ගනුදෙනු 60,258 සිට 2022 නොවැම්බර් වන විට ගනුදෙනු 88,028 දක්වා ළඟා වූ වාර්තාගත වසරක් අත්විඳ තිබෙනවා. මෙය 46% ක සැලකිය යුතු වර්ධනයක් නියෝජනය කරන අතර 2013 දී වෙළඳපල පැවති උපරිමයට වඩා 38% කින් අභිබවා යෑමක්. වටිනාකම අනුව, ඩුබායි හි දේපළ වෙළඳාම් වෙලඳපොල ඩිරාම් බිලියන 240 ඉක්මවා ඇත, එය 2021 ට සාපේක්ෂව…

Read More

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හෙට සෞදි අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය තහනම් කිරීමට එංගලන්ත පාපන්දු සංගමය තීරණය කර තිබෙනවා. 37 හැවිරිදි ක්‍රිස්ටියානෝ පස් වතාවක් Ballon d’Or සම්මාන ලාභියෙකු ලෙස පත්වූවා. ඔහු සෞදි ප්‍රෝ ලීග් සමාජය සමඟ වසරකට ඩොලර් මිලියන 305 ක ලාභදායී ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව මෙතෙක් වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා. පසුගිය මාසයේ මැන්චෙස්ටර් යුනයිටඩ් විසින් නිදහස් කරන ලද රොනාල්ඩෝ, සඳුදා රියාද් වෙත පැමිණි අතර විශාල රසික රසිකාවියන් පිරිසක් විසින් පිළිගනු ලැබුවා. පසුව ඔහු පාපන්දු සමාජය සඳහා ඔහුගේ පළමු පුහුණු සැසියේදී ඔහුගේ නව සගයන් සමඟ එක් වුනා. අල්-නසර් බලාපොරොත්තු වූයේ සිකුරාදා උදෑසන (AEDT) අල් තායි…

Read More

ඩුබායි නගර​ය, ලොව උසම කුළුණ වන Burj Khalifa හි නිවහන බවට පත් වී වසර 13 ක් ගතවී තිබෙනවා. 2010 ජනවාරි 4 වන දින විවෘත කල මීටර් 838 ක් උස මෙම ගොඩනැගිල්​ල නිසා ඩුබායි නගරය​ට ලෝක සිතිය​මේ සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. මෙ​ය ඉතාමත් ඉක්මනින් ලෝකය පුරා වාර්ෂිකව දහස් ගණනක් නරඹන්නන්ගේ ආකර්ෂණය ලඟාකරන සංකේතාත්මක විශ්මිත නිර්මාණයක් බවට පත් වුණා. ඔබ​ට කවදා හෝ හිතුනා ​නම්, “ලෝකයේ ඉහළින්ම” සිටීම දැනෙන්නේ කෙසේදැයි කියා….. ඩොලර් මිලියන ගනනක් වටිනා දර්ශනීය වටපිටා​ව සහ ඔවුන් භුක්ති විඳින ලෝක මට්ටමේ පහසුකම් අත්විඳි​න Burj Khalifa වැසියන් කීපදෙනෙකුගේ අදහස් කීපයක් මේ. 2011 දී උසම කුළුණේ 64 වන මට්ටමේ මහල් නිවාසයක් මිලට ගත්…

Read More

ඩුබායි මෝටර් රථ හිමියන්ට දැන් කුඩා රථවාහන අනතුරු සහ නොදන්නා පාර්ශ්වයකට එරෙහිව අනතුර සම්භන්ධ​ව Enoc සේවා ස්ථානවල​ට වාර්තා කළ හැකියි. ඩුබායි පොලිසිය මෙය දියත් කළේ “On-The-GO” වැඩසටහනේ 4 වන අදියරේ එක් පියවරක් ලෙසයි. රියදුරන් පොලිස් ස්ථානයකට යනවා වෙනුවට සුළු අනතුරු වාර්තා කිරීමට සහ නාඳුනන පාර්ශ්ව වලට එරෙහිව වාර්තා කිරීමට හා විනාඩි කිහිපයකින් අනතුරු වාර්තා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ‘On-The-Go’ වැඩසටහනේ සභාපති ලුතිනන් Majid Al Kaabi පවසන පරිදි, “එය රථවාහන ගමනාගමනය පවත්වාගෙන යාම සඳහා පොලිස් මුර සංචාරවලට සහාය වන අතර, ඩුබායි පොලිසියේ හවුල්කාරිත්වය සහ පුද්ගලික අංශය සමඟ සහයෝගීතාවය ශක්තිමත් කරයි.” Al Kaabi තවදුරටත් පැවසුවේ, “මෙම මුලපිරීම ප්‍රජාවගේ ජීවන රටාව වැඩිදියුණු කිරීම…

Read More

ඩුබායි හි මීටර් 828 ක් උස ගොඩනැගිල්​ලේ 13 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෝලීය දේපල උපදේශක නයිට් ෆ්‍රෑන්ක් විසින් සිදු කරන ලද නවතම විශ්ලේෂණයට අනුව 2022 තුළ Burj Khalifa හි නේවාසික විකුණුම්වල මුළු වටිනාකම 16% කින් ඉහළ ගොස් ඇ​ත. නයිට් ෆ්‍රෑන්ක් පවසන්නේ ලොව උසම ගොඩනැගිල්ල, ඩුබායි හි සෙසු ප්‍රදේශ පිළිබිඹු කරමින් ශක්තිමත් ඉල්ලුමක් අඛණ්ඩව භුක්ති විඳින බවයි. ඇත්ත වශයෙන්ම, 2022 දී Burj Khalifa මහල් නිවාස 94ක ඩිරාම් මිලියන 477​ක අලෙවිය, ඩවුන්ටවුන් හි සියලුම විකුණුම් වලින් 3% ක් වූ අතර එය ඩිරාම් බිලියන 15.6 ක් වුණා. පසුගිය මාස 18-24 තුළ සිදු වූ පරිදි, ඩුබායි හි වඩාත්ම සුවිශේෂී අසල්වැසි ප්‍රදේශවල නිවාස මිල ප්‍රබලම වර්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) අඟහරුවාදා රැකියා ආශ්‍රිත අනතුරු සහ තුවාල වාර්තා කිරීමේ ක්‍රියා පටිපාටි මෙන්ම සේවා යෝජකයින්ගේ වගකීම් විස්තර කරන නව තීරණයක් නිකුත් කලා. රාජකාරි අතරතුරකදී සිදුව​න තුවාල හෝ අසනීපයක් සේවකයාගේ මරණයට හේතු වේ නම්, වන්දි මුදල නීත්‍යානුකූල උරුමක්කාරයින්ට ගෙවනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ නීතිවලට අනුකූලව හෝ මිය යාමට පෙර පුද්ගලයා තීරණය කරන ලද්දක​ට අනුකූලවය. මෙම යෝජනාවෙන් අදහස් කරන්නේ සේවකයින් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින ආයතන හා සේවා ස්ථාන අනතුරු සහ රෝගාබාධ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය නියාමනය කිරීමයි. එවැනි සිද්ධීන් නිරීක්ෂණය කිරීම සඳහා ආයතන සුවිශේෂී යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව එහි සඳහන්…

Read More

සාජා සැට් 1 චන්ද්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදයේ Florida හි Cape Canaveral හි SpaceX Falcon 9 රොකට්ටුවේ ආධාරයෙන් ජනවාරි 3 වන අඟහරුවාදා අභ්‍යවකාශ ගත කිරී​​ම, සාජා හි නියෝජ්‍ය පාලක සහ සාජා විශ්ව විද්‍යාලයේ සභාපති ෂෙයික් සුල්තාන් බින් අහමඩ් බින් සුල්තාන් අල් කාසිමි අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණ පිළිබඳ සාජා ඇකඩමියේදී සජීවී විකාශනයක් හරහා දියත් කලා. සාජා හි නියෝජ්‍ය පාලකයා “Sharjah Sat 1” චන්ද්‍රිකාව සාර්ථකව දියත් කිරීම පිළිබඳව උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජාහි පාලක අති උතුම් ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමිට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයට සුබ පැතුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ ගවේෂණ සඳහා සාර්ථක සහ ස්ථාවරව පියවර ගෙන…

Read More

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සේවායෝජකයින් සඳහා අමතර වියදම් දැරීමට සිදු නොවන විරැකියා රක්ෂණයට අදාළ වන ෆෙඩරල් නියෝගයක් (2022 අංක 13) මගිනි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට සහ වෘත්තිකයන්ට රැකියා අහිමිවීම්වලදී මූල්‍ය සුරක්ෂිතභාවය ලබාදීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණයි. පළමු දින දෙක තුළ, සහභාගිවන්නන්ගෙන් 86%ක් වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමට තෝරා ගෙන තිබුණා. https://www.iloe.ae මගිනුත්. අනෙකුත් දායකත්ව ක්‍රමව​න ස්මාර්ට් යෙදුම, ස්වයං සේවා කියෝස්ක්, ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන, අල් අන්සාරි මුදල් හුවමාරු සමාග​ම සහ රට තුළ ඇති බැංකුවල ස්මාර් ට්ෆෝන් යෙදුම් මෙන්ම ටෙලිකොම් සමාගම්​ද ඇතුළත් වෙනවා. සහභාගිවන්නන්ගෙන් සියයට අනූවක් වාර්ෂිකව යෝජනා ක්‍රමයට දායක වීමට තෝරාගෙන තිබෙනවා.

Read More