Author: Stanly Kularathna

වසංගතය හේතුවෙන් වසර දෙකක විරාමයකින් පසු චීන අලුත් අවුරුදු මහා පෙළපාලිය ජනවාරි 14 වන දින නැවත ඩුබායි වෙත පැමිණෙන බව ඩුබායි හි චීන කොන්සල් කාර්යාලය බ්‍රහස්පතින්දා නිවේදනය කලා. ඩුබායි හි එක්ස්පෝ සිටිහි පැවැත්වෙන මෙම මහා පෙළපාලිය චීනයෙන් පිටත විශාලතම සැමරුම ලෙස හුවා දක්වන බව චීන කොන්සල් ජනරාල් ලී ෂුහාන්ග් පැවසුවා “එය චීන සංස්කෘතියේ සම්ප්‍රදායන් සහ නූතනත්වය ඒකාබද්ධ කර​න විශිෂ්​ඨ සංදර්ශනයක් වනු ඇත” ඔහු සඳහන් කලා. සාම්ප්‍රදායික සිංහ සහ මකර නැටුම්, පාගමන, තූර්ය වාදක කණ්ඩායම්, දීප්තිමත් ඇඳුම් වලින් සැරසු​න ප්‍රසංග ශිල්පීන් පමණක් නොව, “නවීන බලශක්ති වාහන සහ චීන අධි තාක්‍ෂණික නිෂ්පාදන” ප්‍රදර් ශනය කෙරෙන මෙම පෙළපාලියට පුද්ගලයින් 2,500 කට වැඩි පිරිසක්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 51 වැනි ජාතික දිනය නිමිත්තෙන් අල් වත්බා හි ජනාධිපති අධිකරණයේදී පැවති මාච් ඔෆ් ද යූනියන් හි සංවිධායක කමිටුව ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් පිළිගන්නා ලදී. මෙම කමිටුව මෙහෙයවනු ලැබුවේ නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණයේ අමාත්‍ය අතිගරු ෂෙයික් මන්සූර් බින් සෙයිඩ් අල් නහියන් විසිනි. Qasr Al Bahr මාලිගාවේ පැවති මෙම හමුවේදී, ජනාධිපති අතිගරු Sheikh Mohamed විසින් කමිටු සාමාජිකයින් පිළිගෙන, ඔවුන් සමඟ සුහද කථා හුවමාරු කර ගත් අතර, වාර්ෂික පාගමන සාර්ථක කර ගැනීමට ඔවුන් දැරූ උත්සාහයට ස්තූතිය පුද කෙරුවා. එමිරාති සමාජයේ සහජීවනය, අයිතිවාසිකම සහ දේශප්‍රේමයේ වටිනාකම් ඉස්මතු කළ අගනා අවස්ථාවක් තුළ පවත්වන ලද ප්‍රධාන…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා පහත් බිම් කිහිපයක ගංවතුර ඇති විය. වර්ෂා කාලවලදී ගංවතුර ඇති ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස බලධාරීන් විසින් නිවැසියන්ට අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබුනා. එහෙත් සමහර රියදුරන් තම ජීවිතය පරදුවට තබා ජලයෙන් යටවී ඇති මාර්ගවල ගමන් කිරීමට උත්සාහ දරනවා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් බෙදාහැරි වීඩියෝ ගනනාවක දැක්වෙන්නේ වේගයෙන් ගලා යන ජලයට ගසාගෙන යාමේ සම්භාවිතාව ඉතා ඉහල ගංවතුර සහිත මාර්ග හරහා වාහන ධාවනය කරන ආකාරයයි. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සහ පොලිසිය වැනි බලධාරීන් දැනටමත් උපදේශන නිකුත් කර ඇති අතර, අස්ථාවර කාලගුණික තත්ත්වයන් රට ග්‍රහණය කර ගන්නා විට ප්‍රවේශම්…

Read More

2023 නව වසර උදාවත් සමග එ​ය ප්‍රීතියෙන් හා සංගීතවත්ව සමරන්නට ඩුබායිහි වෙසෙන ඔබ සැමට මේ සති අන්තයේ උදාවෙන අවස්ථාවන් දෙකක තොරතුරුයි මේ. • Oshi Events ඉදිරිපත් කරන Mega Blast Sri Lankan Day සංගීත ප්‍රසංගය ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස 1 සිට පසුදා උදෑසන 1 දක්වා Etisalat Academy Sports & Leisure Club හිදී සංගීතය සැපයීම Flash Back නිමල්, උද්දික, රංජන්, නාමල්, යාෂ්, සුරණි, සුරේන්ද්‍ර, ගයාන්, නිත්‍යා යන ශිල්පී සහභාගිත්වයෙන් • Colombo Musical Festival ඉදිරිපත් කර​න New Year Fiesta සංගීත ප්‍රසංගය ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස 4 සිට පසුදා උදෑසන 3 දක්වා Bur Dubai – Astoria Hotel – හිදී සංගීතය සැපයීම…

Read More

ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය. ඒ පන්දු 20 කදී අර්ධ ශතකය වාර්තා කරමිනි. මීට පෙර මෙම වාර්තාව ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවන් දෙපළක් වූ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් සමලෙස දරා තිබිණ. ඔවුන් දෙදෙනාම අර්ධ ශතකය වාර්තා කර තිබුනේ පන්දු 21 ක් තුළදීය. අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය යුවරාජ් සිං විසින් වාර්තා කර තිබුනේ 2007 වර්ෂයේදී එංගලන්​තයට ​එරෙහිවයි. ඒ පන්දු 12 කදී අර්ධ ශතකය වාර්තා කරමිනි.

Read More

දසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මේ සමගින් තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 1-1 ක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. පූනේ හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 206 ක් රැස් කළහ. කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවර 8.2 කදී ලකුනු 80 ක සබඳතාවක් පැවැත්වුවද ඉතිරි පන්දු 48 තුළදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 6 ක්ම බිඳ දැමීමට ඉන්දීය…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) ගොඩනැගිලි සහ පහසුකම් මත සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම 75% දක්වා සීමාවකට ළඟා වී තිබෙනවා. ඩුබායි කාබන් විශිෂ්ටතා මධ්‍යස්ථානය සමඟ එක්ව RTA ගොඩනැගිලි සහ පහසුකම් කිහිපයක සූර්ය පැනල සවි කිරීමට ගොඩනැගිලි සහ පහසුකම් දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය මගින් ආරම්භ කර තිබෙනවා. මෙම ‘Shams Dubai’ ව්‍යාපෘතියේ පරමාර් ථයන් ඩුබායි රජයේ දැක්ම, මුලපිරීම සහ ඩුබායි පිරිසිදු බලශක්ති සහ ඒකාබද්ධ බලශක්ති උපාය මාර්ගය සමඟ සමපාත වේ. “සූර්ය බලශක්ති උත්පාදන​ය මාසිකව මෙගාවොට් 21 (21 MWp) දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් ලැයිස්තුගත ගොඩනැගිලි සඳහා විදුලි බිලෙන් 50% ක් පමණ කපා හරිනු ඇත. මෙම ව්‍යාපෘතිය ඩුබායි මධ්‍යස්ථානය…

Read More

ගල්ෆ් ජාතික කාන්තාවක් වැරදීමකින් තම බැංකු ගිණුමෙන් ඩිරාම් 9,200 ක මුදලක් තරුණයෙකුගේ ගිණුමකට මාරු කර ඇත. මෙම පුද්ගලයා කාන්තාවගේ මුදල් ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා ඇය ඔහුව රාස් අල් කයිමා අපරාධ අධිකරණයට ගෙන යාමට තීරණය කළාය. මෙම කාන්තාව තම නඩුවේදී කියා සිටියේ තමා අහම්බෙන් ඔහුට මුදල් මාරු කළ බවත්, එම මුදල ආපසු දෙන ලෙස ඔහු හා සම්බන්ධ වූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත්ය. කාන්තාව ඔහුට එරෙහිව අපරාධ පැමිණිල්ලක් ගොනු කළ අතර, පසුව නීති විරෝධී ලෙස කාන්තාවගේ මුදල් ලබා ගත් බවට පැමිණිලිකරුවන් ඔහුට චෝදනා කළහ. කාන්තාවගේ ගිණුමෙන් මුදල් ලැබුණු බව පිළිගත් පුද්ගලයා ඇයට ආපසු ගෙවීමට අවශ්‍ය බව පවසා ඇත.…

Read More

2009 ජූනි මාසයේදී ෆෙඩරල් නියෝගයක් මගින් ස්ථාපිත කරන ලද එතිහාඩ් දුම්රිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වඩාත්ම උනන්දුවෙන් බලා සිටි​න ව්‍යාපෘතියක් බවට පත්ව ඇත. කිලෝමීටර් 1,200ක් දිග දුම්රිය ජාලය සෞදි අරාබියේ දේශසීමාවේ සිට ඕමාන් දේශසීමා දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා, සෞදි අරාබියේ දේශසීමාවේ සිට ඕමාන් දේශ සීමාව හරහා විහිදෙන කිලෝමීටර් 1,200ක් දිග UAE ජාලයෙන් සියයට 75% සම්පූර්ණ කිරීම ඇතුළුව දුම්රිය ව්‍යාපෘති​යේ සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාර​ය ලාභදායී සහ තිරසාර ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, බොහෝ නිවැසියන් දුම්රිය භාවිතයෙන් රට සැරිසැරීමට සිහින දකිනවා. Etihad Rail 2022 වසරේ ජනවාරි මාසයේදී එහි දුම්රිය එන්ජින් ප්‍රතිනිර්මාණය කරමින්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිරි සති අන්තයේ ශීතල දේශගුණයක් බලාපොරොත්තු වන අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා පහත වැටේ. ගිගුරුම් සහිත වැසි සහ මධ්‍යස්ථ හෝ තද වැසි අපේක්ෂා කෙරෙනවා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ (NCM) ආචාර් ය අහමඩ් හබීබ් බ්‍රහස්පතින්දා පැවසුවේ, “හෙට සිට ඉදිරි දින තුන තුළ රටෙහි උෂ්ණත්වයේ සැලකිය යුතු අඩුවීමක් අත්විඳිය හැකි අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 ක් පමණ වනු ඇති” බවයි. “ජනවාරි 8 ඉරිදා, රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට, විශේෂයෙන් ෆුජයිරා සහ දිබ්බා ප්‍රදේශවලට වළාකුළු පිරි දිනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම ස්ථානවලට උදෑසන සිට දහවල් දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි අතර පසුව දිවා කාලයේදී සිහින්…

Read More