Author: Stanly Kularathna

Gallant Knight 3 හි කොටසක් ලෙස, දින 5ක් තුළ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා සහන ද්‍රව්‍ය රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 27ක් ගාසා තීරයට යවා තිබෙනවා. අල් දෆ්රා කලාපයේ පාලකයාගේ නියෝජිතයා සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති, Sheikh Hamdan Bin Zayed Al Nahyan විසින් ගාසා තීරයේ වෙසෙන සහෝදර පලස්තීන ජනතාවට සහය වීමට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන්ගේ නියෝග ක්‍රියාවට නැංවීම සඳහා සියලු හැකියාවන් උපයෝගී කර ගන්නා ලෙස නියෝග කළේය. ෂෙයික් හම්දාන් පැවසුවේ, රාජ්‍ය​යේ ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා, මා හ​ට අවශ්‍ය පුද්ගලයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය ප්‍රතිචාරයේ රාමුව…

Read More

සේවා යෝජකයා සේවා අවසන් ප්‍රතිලාභ සඳහා අලුතින් දියත් කරන ලද විකල්ප යෝජනා ක්‍රමය සඳහා දායක ගාස්තුවක් ගෙවීමට අපොහොසත් වුවහොත් දඬුවම් සහ දඩ පනවනු ලැබේ. සේවා යෝජකයන් සහ සේවකයින් සඳහා විකල්ප වන මෙම යෝජනා ක්‍රමය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) සහ සුරැකුම්පත් සහ භාණ්ඩ අධිකාරිය (SCA) විසින් මෙම මස මුලදී දියත් කරන ලද අතර, සේවා යෝජකයින්ට අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටියේය. සේවා යෝජකයින්ට සේවකයින් තෝරා ගැනීමට, ඔවුන් යෝජනා ක්‍රමය සමඟ ලියාපදිංචි කර මාසික දායක ගාස්තුව ගෙවිය හැකිය. විකල්ප, සේවා අවසන් ප්‍රතිලාභ පද්ධතියක් සම්බන්ධයෙන් 2023 අංක (96) කැබිනට් යෝජනාව යටතේ, සේවා යෝජකයින් විසින් ආයෝජන අරමුදලකට මාසික…

Read More

ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (Dewa) එහි තුන්වන කාර්තුවේ ලාභයේ 8% ක වැඩිවීමක් වාර්තා කර ඇති අතර, උපයෝගීතා විදුලිය, ජලය සහ සිසිලන සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිවීම මෙලෙස ලාභය ඉහලයාම​ට හේතුවිය. සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස තුනක කාල​ය තුළ සමාගමේ කොටස් හිමියන්ට ආරෝපණය කළ හැකි ශුද්ධ ලාභය ඩිරාම් බිලිය​න 3.33 දක්වා ඉහළ ගොස් ඇති බව Dewa පසුගියදා ඩුබායි Financial Market වෙත වාර්තා කරමින් පැවසීය. තුන්වන කාර්තුවේදී සමාගමේ මූල්‍ය පිරිවැය ඩිරාම් මිලිය​න 492.6 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වුවද ඉහළ ලාභයක් ලැබිණි. එම කාලය තුළ එහි ආදායම ඩිරාම් බිලියන 9.42 දක්වා 10%කට වඩා වැඩි විය. “මෙම කාර්තුවේ ලාභය පමණක්, 2023 දෙවන භාගය…

Read More

දරුණු රථවාහන අනතුරුවලට හේතුවක් ලෙස හඳුනාගෙන ඇති හැසිරීම් රටාවක් වන මාර්ගවල හදිසියේ මංතීරු මාරුකිරීම​ට එරෙහිව අබුඩාබි පොලිසිය රියදුරන්ට අනතුරු ඇඟවීය. මෙම ගැටලුවේ බරපතලකම අවධාරණය කිරීම සඳහා, පොලිසිය, අධීක්ෂණ සහ පාලන මධ්‍යස්ථානය සමඟ එක්ව, “Your Comment” වැඩසටහනේ කොටසක් ලෙස හදිසි මංතීරුවක් වෙනස් කිරීම නිසා ඇති වූ අනතුරක් දැක්වෙන වීඩියෝවක් නිකුත් කර ඇත. අංක 178 දරන රථවාහන නීතියේ සංශෝධිත විධායක රෙගුලාසිවල අංක 86 වගන්තියට අනුව, සැහැල්ලු වාහන අනිවාර්ය මංතීරුව පිළිපැදීමට අපොහොසත් වුවහොත් ඩිරාම් 400 ක දඩයකට යටත් වේ. වඩාත් වැදගත් වන්​නේ, 29 වැනි වගන්තියට අනුව හදිසි මංතීරු මාරුවීමට එරෙහි​ව දැඩි දඩයක් නියම කරන අත​ර, traffic points හතරක් සමඟ ඩිරාම් 1000​ක දඩයක් නියම…

Read More

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සහ Careem Bike එක්ව Dubai Ride පාපැදි ඉසව්වට සහභාගී වීමට කැමති, නමුත් තමන්ගේම පාපැදි නොමැති වැසියන්ට සහ සංචාරකයින්ට නොමිලේ පාපැදි පිරිනැමීමට එක්ව ඇත. සහභාගිවන්නන්ට Careem මගින් පළමු සේවා පදනම ම​ත, අනාගත කෞතුකාගාර​යේ (MOTF) Entrance A වෙතින්, Trade Center Street හි Entrance E වෙතන්, Lower FCS, Financial Center පා​රේ Roda Al Murooj Building A අසලින් නොමිලේ පාපැදි ලබා ගත හැක. සහභාගිවන්නන්ට Careemහි docking stations 192 කින් ඕනෑම එකකින් Careem බයිසිකලයක් සඳහා දායක වී කුලියට ගත හැකි අතර, ඉසව්​ව අතරතුරදී විනාඩි 45කට වඩා දිගු පැදීම් සඳහා අතිකාල ගාස්තු වලින් නිදහස් කරනු ලැබේ. මෙම මුලපිරීම මගින් Careem සමඟ…

Read More

ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල​ය (ICC) තීරණය කර තිබේ. ICC ඊයේ (නොවැ 10) රැස්වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු ලෙස එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරන බව තීරණය කළේය. සාමාජිකයෙකු ලෙස, විශේෂයෙන්ම, එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බව සහතික කිරීම අවශ්‍ය වනු ඇත. අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල​ය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල​ය නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිත අතර, ඉදිරි ක්‍රියාමාර්ගය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල​ය…

Read More

සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023.10.31 දින සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළු වී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට කිසිද් රටක පුද්ගලයෙකුට අවස්ථාව හිමි නොවේ. මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබේ. සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් හිමිවූයේ…

Read More

ඩුබායිහි ඉදිවන මහල් 64 කින් යුත් ගොඩනැගිල්ලක් වන Wasl Tower, COP28 සමුළු​වට පෙර බලශක්ති කාර්යක්ෂමතාව සඳහා පුනර්ජනනීය විසඳුමක් ලෙස සෙරමික් යොදාගත් ලොව උසම ව්‍යුහයන්ගෙන් එකක් බවට පත් වීමට නියමිතය. කුළුණෙහි ගොඩනැගීම් සඳහා සෙරමික් භාවිතය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාරත්වය සඳහා වන කැපවීම සමඟ සමපාත වන බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 2024 තුන්වන කාර්තුවේදී නිම කිරීමට සැලසුම් කර ඇති Wasl Tower, ඉදිකිරීම් කර්මාන්තයේ අති නවීන තිරසාර භාවිතයන් අනුගමනය කිරීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ඩුබායිහි තත්ත්වය පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. කුළුණ, නිමවීමෙන් පසු මීටර් 302 ක උසකට ළඟා වන අතර, කුළුණ ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික පුනර්ජනනීය ඉදිකිරීම් ද්‍රව්‍ය නවීන සූක්ෂ්මතාවයෙන්…

Read More

එමිරේට්ස් සමූහ​යේ අ​ඩ වසරක ලාභය ඩිරාම් බිලිය​න10.1​වන අතර, පසුගිය වසරට වඩා සැලකිය යුතු 138% කින් එය ඉහළ ගොස් ඇත. කලාප හරහා ජාත්‍යන්තර සංචාර වැඩිවීම සහ එමිරේට්ස්හි මෙහෙයුම් ධාරිතාවය, සම්පූර්ණ ප්‍රතිලාභ ලංකරගැන්ම​ට උපකාර වී ඇත. සමූහයේ ආදායම ඩිරාම් බිලියන 56.3 සිට ඩිරාම් බිලියන 67.3 දක්වා 20% කින් ඉහළ ගොස් ඇත. “2023-24 පළමු මාස හය සඳහා අපගේ ලාභය 2022-23 හි අපගේ වාර්තාගත පූර්ණ-වාර්ෂික ලාභයට බොහෝ දුරට ගැලපේ,” එමිරේට්ස් එයාර්ලයින් සහ සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් පැවසීය. “මෙමගින් ශක්තිමත්, ඔරොත්තු දෙන සහ ප්‍රගතිශීලී ගුවන් සේවා අංශයක් නිර්මාණය කිරීමට හැකි වූ ඩුබායි හි දැක්ම සහ ප්‍රතිපත්තිවල ශක්තිය, සංවිධානය…

Read More

කෘත්‍රිම බුද්ධි බලය හරහා කටහඬ ව්‍යාජ​ව වෙනස් කිරීමේ තාක්‍ෂණය භාවිතා කරමින් ආසියානු සමාගමකින් ඩොලර් මිලියන 36ක් වංචා කළ බව කියන පුද්ගලයන් 43 දෙනෙකු ඩුබායි පොලිසිය විසින්, අත්අඩංගුවට ගෙන කිබෙනවා. මෙම වංචාව ක්‍රියාත්මක ක​ල සුපිරි කල්ලියක සාමාජිකයින් අත්අඩංගුවට ගැනී​ම සඳහා රටවල් කිහිපයක සයිබර් අපරාධකරුවන් සොයා ඩුබායි පොලිසිය ජාත්‍යන්තර ආරක්ෂක මෙහෙයුමක් දියත් කළේය. විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ, වටිනා සිතුවම් සහ තවත් භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. ඒකාබද්​ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ජාතීන්ට අයත් සැකකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය​ට හැකි විය. කල්ලි නායකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත තවත් සහචරයින් 20 දෙනෙකු හෙළිදරව් වූ අතර…

Read More