Author: Stanly Kularathna

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පොදු සහ නගරාන්තර බස් රථවල මගීන්​ට සුවපහසුව සහතික කිරීම සහ උල්ලංඝනයන් වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කොට ති​බේ. මාර්ගෝපදේශ පියවර කිහිපයක් විස්තර කරයි: පොදු සහ නගරාන්තර බස් රථ භාවිතා කිරීමට පෙර නොල් කාඩ් පත topped up ක​ර ඇති බව සහතික කර ගන්න. බසයට ඇතුළු වන විට නොල් කාඩ්පත ටැප් කිරීමට වග බලා ගන්න. බස්රථ වල කෑම බීම තහනම්. බස්රථ වල කුණු දැමීමෙන් වළකින්න. රියදුරු සමඟ කතා කිරීමෙන් වළකින්න සහ ඒ වෙනුවට විමසීම් සඳහා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න. තම බඩු බාහිරාදිය අහිමි වුවහොත් 908 අංක​ය අමතන්න. ප්‍රමුඛතාවය සඳහා ඉදිරිපස ආසන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, කාන්තාවන්, ළමුන් සහ…

Read More

රාජ්‍ය, පුද්ගලික සහ නිදහස් කලාප සමාගම්වල සේවය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින් සඳහා වන සේවා අවසන් යෝජනා ක්‍රමය දැනට පවතින පාරිතෝෂිත ගෙවීම් ක්‍රමයට විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කරන අතර ඔවුන් ආරක්ෂිතව ආයෝජනය කර ඇති බව සහතික කරමින් මුදල් ආරක්ෂා කිරීම අරමුණු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විකල්ප “සේවා අවසන් යෝජනා ක්‍රමය” දැන් ක්‍රියාත්මක​ව පවතින අතර සමාගම්වලට ලියාපදිංචි වීමට, මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) හෝ සුරැකුම්පත් සහ භාණ්ඩ අධිකාරිය වෙත පිවිසිය හැකිය. පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍ය ආචාර්ය අබ්දුල්රහ්මන් අල් අවාර් පැවසුවේ “සේවා අවසන් යෝජනා ක්‍රම​යේ” පද්ධතියට එක්වීම සේවා යෝජකයන්ට සහ සේවකයින්ට අත්‍යවශ්‍ය නොවන බවයි. මෙම…

Read More

එක්සත් අරාබි එමිර් රාජ්‍ය​යේ සිටි​න ප්‍රමුඛතම ශ්‍රී ලාංකි​ක ක්‍රීඩා සමාජයක් වන ශ්‍රී ලයන්ස් විසින් සංවිධානය කරනු ලබ​න ශ්‍රී ලාංකේය දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය Sri Lions Back to School 2023 නොවැම්බර් 4 වෙනි සෙනසුරාදා Dubai Club for People of Determination හිදී පෙ:ව: 7:00 සිට දවස පුරා පැවැත්වෙනවා. ශ්‍රී ලයන්ස්හි නිර්මාතෘ ආචාර්ය කැළුම් සුජිත් මහතා සහ එහි සංවිධායක මඩුල්ල විසින්, ඊයේ ඩෙයිරා සිටි සෙන්ටර්හි Novotel හෝටල් පරිශ්‍රයේදී මෙම ක්‍රීඩා සැණකෙළිය පිළිබඳ​ව මාධ්‍ය දැනුවත් කිරීම ​සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. Back to School සංකල්පය යටතේ මතක​යේ පමණක් ඉතිරිව ඇති පෙර පාසල් දිවිය යතාවත් ​කරමින් ඒ සොඳුරු කාලසීමාව වෙත නැවත ගමන් කරන්නට මෙහිදී අවස්ථාව හිමිකර…

Read More

සාමාන්‍යයෙන් මේ වසරේ මුල් මාස අට තුළ ඩුබායි හි දිනකට මිලියන 1.8 කට අධික ජනතාවක් පොදු ප්‍රවාහන සේවා භාවිත කළහ. 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා, පොදු ප්‍රවාහනය මගීන් මිලියන 450ක් ගමන් කර ඇති අතර, 2022 එම කාලය තුළ වාර්තා වූ මිලියන 401ට වඩා 12%ක වැඩිවීමක් සනිටුහන් කරයි. ඩුබායි මෙට්‍රෝ වඩාත් ජනප්‍රිය මාදිලිය වූ අතර එය මිලියන 167ක් ධාවකයින්ට සේවය කොට තිබෙනවා. මිලියන 130ක් භාවිතා කරන කුලී රථ දෙවන ස්ථානයට පත් විය. පොදු බස් රථ මගින් මිලියන 111ක් මගීන් ප්‍රවාහනය කරන ලද අතර, සමුද්‍ර ප්‍රවාහනයෙන් මගීන් මිලියන 11ක් ස​හ ඩුබායි ට්‍රෑම් මිලියන 5.6කට සේවය කොට තිබෙනවා. හවුල් ප්‍රවාහන මාධ්‍යයන් ව​න, e-hail,…

Read More

එමිරේට්ස් ශ්‍රම වෙළඳපොළ සම්මානයේ පළමු වටයේදී ඩිරාම් මිලියන 9ක් වටිනා ත්‍යාග ලබා දීම​ට නියමිතය. ත්‍යාග සංචිතයට ප්‍රතිලාභ, තෑගි සහ මුදල් ත්‍යාග ඇතුළත් වේ. මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) ආයතන, ශ්‍රම බලකාය සහ ව්‍යාපාර සේවා හවුල්කරුවන් යන කාණ්ඩ තුනකින් මෙම සම්මානය සඳහා නාමයෝජනා 3,500කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. පළමු කාණ්ඩය යටතේ, MoHRE ගාස්තු මත ඩිරාම් මිලියන 1.5 දක්වා වට්ටම් වලට අමතරව ආයතන හතරකට ‘1 කාණ්ඩයේ’ වර්ගීකරණයක් ලැබේ. ශ්‍රම බලකා කාණ්ඩයේ, ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග ලැබෙනු ඇත: පළමු ජයග්‍රාහකයාට: ඩිරාම් 100,000 දෙවන ජයග්‍රාහකයාට: ඩිරාම් 50,000 තෙවෙනි ජයග්‍රාහකයාට: ඩිරාම් 25,000 හතරවන සිට 10 වන ජයග්‍රාහකයා දක්වා: ඩිරාම් 11,000 බැගින් ජයග්‍රාහකයින් නොවැම්බර් 23 වැනිදා…

Read More

ඩුබායිහි නිවා​ස කුලී පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2023 තුන්වන කාර්තුවේදී 27.2% කින් සහ පෙර කාර්තුවේ සිට 2.1% කින් ඉහළ ගොස් ති​බේ. විලා කුලියට දීම වාර්ෂිකව 38.7% කින් ඉහළ ගිය නමුත් පෙර කාර්තුවට සාපේක්ෂව සැලකිය යුතු තරම් වෙනසක් සිදු ​නොවූ බව ValuStrat හි තුන්වන කාර්තු වාර්තාව පවසයි. නිදන කාමර තුනේ විලා සඳහා සාමාන්‍ය වාර්ෂික කුලිය ඩිරාම් 312,000, නිදන කාමර හතර ඩිරාම් 383,000, සහ නිදන කාමර පහේ විලා ඩිරාම් 492,000කි. මහල් නිවාසවල කුලිය වසරින් වසර​ට 19.1%කින් සහ කාර්තුවේ සිට කාර්තුව​ට 3.6%කින් වර්ධනය විය. ස්ටුඩියෝ මහල් නිවාස සඳහා වාර්ෂිකව ඉල්ලා සිටින සාමාන්‍ය කුලිය ඩිරාම් 51,000 කි. එක් නිදන කාමරයක් සඳහා ඩිරාම් 75,000,…

Read More

ඩුබායිහි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය සාර්ථකව 9 වැනි වරටත් සංවිධානය කරනු ලබන ඩුබායි-කඨින චීවර පූජාමහෝත්සවය නොවැම්බර් මස 05 වන ඉරිදා දින සවස 6 සිට ඩුබායි ලී මෙරිඩියන් හෝටල් පරිශ්‍රයේදී (ඩුබායි ගුවන් තොටුපල පර්යන්ත-1 ඉදිරිපිට) පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා. කඨින චීවර පූජාමහෝත්සවය සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසක, මහෝපාධ්‍යාය අතිගරු පූජනීය පහළවිටියල ජනානන්ද මහා ස්වාමීන්වහන්සේත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි ශ්‍රීමත් මහානායක ධුරන්දර, අග්ගමහා පණ්ඩිත අතිගරු පූජනීය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක ස්වාමීන්වහන්සේත්, ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායෙහි ශ්‍රීමත් මහානායක ධුරන්දර, අග්ගමහා පණ්ඩිත අතිගරු පූජනීය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමීන්වහන්සේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි ප්‍රධාන…

Read More

අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ Zayed International Airport ලෙස නම් කිරීමට නියමිත අත​ර නව නාම​ය 2024 පෙබරවාරි 9 සිට ක්‍රියාත්මක වන බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපළේ නව A පර්යන්තය බදාදා මෙහෙයුම් සිය ආරම්භ කිරීමට පෙර මෙම වෙනස සිදු කිරීමට ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් නියෝග කළේය. අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් අඟහරුවාදා නව පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාව​ක නිරත වූවා. මෙම ප්‍රධාන ව්‍යාපෘතිය අබුඩාබිහි ආර්ථික සහ තිරසාර සංවර්ධනය සඳහා වැදගත් ඉදිරි පියවරක් බව ඔහු පැවසූ බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පවසනවා. සංචාරක හා ගුවන් සේවා අංශ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ ආයෝජනයේ වැදගත්කම ෂෙයික් කලීඩ් අවධාරණය කළේය. ජනාධිපති උසාවියේ…

Read More

එළඹෙන 2024 තරග වාරය සඳහා වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි. මෙය කුඩා වෙන්දේසියක් වන අතර පළමු වරට විදේශයකදී පැවැත්වීමට නියමිත දිනක් පුරා පැවැත්වෙන උත්සවයක් පමණක් වනු ඇත. IPL ෆ්‍රැන්චයිස් කණ්ඩායම් දහයට නොවැම්බර් 15 දක්වා ඔවුන් රඳවා තබා ගැනීමට සහ මුදා හැරීමට අවශ්‍ය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. ESPNCricinfo වාර්තා කළේ, සෑම කණ්ඩායමකටම පෙරදී ලබාදුන් ඩොලර් මිලියන 11.5 ක පමණ මුදල​ට වඩා, ෆ්‍රැන්චයිස්වල මුදල් සීමාව ආසන්න වශයෙන් USD 600,000 කින් වැඩි වී ඇති අතර, මුළු මුදල් වටිනාකම ඩොලර් මිලියන 12 ක් පමණ වේ. එක් එක් කණ්ඩායම සඳහා අවසන් මුදල් ප්‍රමාණ​ය තීරණය කරනු…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ඔක්තෝබර් 31 වැනිදා, 2023 නොවැම්බර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මි​ළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඉන්ධන වර්ග​යඔක්තෝබර් සඳහා ලීටරයක මි​ලනොවැම්බර් සඳහා ලීටරයක මි​ලSuper 98ඩිරාම් 3.44ඩිරාම් 3.03Special 95ඩිරාම් 3.33ඩිරාම් 2.92E-Plus 91ඩිරාම් 3.26ඩිරාම් 2.85ඩීසල්ඩිරාම් 3.57ඩිරාම් 3.42

Read More