Author: Stanly Kularathna

ඩුබායි පදනම් කරගත් එමිරේට්ස් ගුවන් සමාගම විසින් හොංකොං වෙත සහ ඉන් පිටවන ගුවන් ගමන් දින දෙකකට අවලංගු කරන බව නිවේදනය කර ඇත. ගුවන් සමාගම සිය වෙබ් අඩවියේ පවසා ඇත්තේ අවලංගු කිරීම් “සුපර් ටයිෆූන් SAOLA නිසා ඇති වූ දැඩි කාලගුණික තත්ත්වයන්” නිසා බවයි. අවලංගු කර ඇති ගුවන් ගමන් පහත පරිදි වේ. EK380, EK384 : DXB‑HKG සහ BKK-HKG සැප්තැම්බර් 1 වැනිදා EK381, EK385 : HKG‑DXB සහ HKG-BKK සැප්තැම්බර් 2 වැනිදා හොංකොං වෙත ගමන් කරන හෝ සම්බන්ධ වන පාරිභෝගිකයින් ආරම්භක ස්ථානයේදී ගුවන් ගමන් සඳහා පිළි නොගන්නා බව ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි. ගුවන්සේවය උපදෙස් දෙන්නේ සංචාරක නියෝජිතයින් හරහා තම ටිකට්පත් වෙන් කිරීම් සිදු කර…

Read More

2020 සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් රට තුළ ගිනි ආරක්‍ෂාව වැඩි දියුණු කිරීමේ වැඩසටහ​නේ කොටසක් ලෙස නිවාසවල අනිවාර්ය ගිනි සහ දුම් අනතුරු ඇඟවීම් පිළිබඳ යෝජනාව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම යෝජනාව ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශයක් සමඟ 2021 ජනවාරි මාසයේ නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විලා හිමිකරුවන්ට අවශ්‍ය ගිනි ආරක්ෂණ වැඩිදියුණු කිරීම් සිදු කර ඇති බව සහතික කිරීමට 2024 ජනවාරි 1 දක්වා කාලය තිබේ. මහල් නිවාස දැනටමත් ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති සවි කර ඇති නිසා විලා හිමි අයට පමණක් මෙම යෝජනාව අදාළ වේ. කුලියට ගත් දේපල…

Read More

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) විසින් 5 වන කම්කරු ක්‍රීඩා තරඟාවලිය ලබන මස මුලදී ඩුබායිහි ස්ථාන 10 කදී දියත් කරන බව නිවේදනය කොට තිබෙනවා. ඩුබායිහි කම්කරු කටයුතු පිළිබඳ ස්ථිර කමිටුව සහ ඩුබායි පොලිසිය සමඟ එක්ව පැවැත්වෙන මෙම තරඟාවලිය ක්‍රීඩා තර​ඟ 11කින් සමන්විත වෙනවා. “ඔවුන්ගේ සතුට අපගේ ඉලක්කය” යන තේමාව යටතේ මෙම උත්සවය 2023 සැප්තැම්බර් 3 වනදා සිට 2024 මාර්තු 13 දක්වා පැවැත්වෙනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී තරඟාවලියේ විස්තර ප්‍රකාශයට පත් කරමින් DSC හි මහලේකම් Saeed Hareb පැවසුවේ තරඟ මාස හයක් ඇතුළත පැවැත්වෙන බවත් සහභාගිවන්නන් විවිධ ස්ථාන 11 කදී පැවැත්වෙන ක්‍රීඩා තරඟ 11 කට තරඟ කරන බවත්ය. පැසිපන්දු, පාපන්දු, දිවීම්, arm wrestling,…

Read More

ඩුබායිහි ගුවන් සහ සංචාරක සේවා සපයන්නෙකු වන dnata සමූහය පසුගියදා පැවසු​වේ එහි සන්නාම වන dnata Logistics, Arabian Adventures, Alpha Flight Services සහ City Sightseeing ඔවුන්ගේ වාහන ජෛව ඉන්ධන මිශ්‍රණයක් මත ධාවනය කිරීමට මාරු වී ඇති අතර, වසරකට කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය ටොන් 80 ක් ඉතිරි කර ඇති බවයි. සමාගමේ නවතම මුලපිරීම එහි දෙවසරක හරිත මෙහෙයුම් උපාය මාර්ගයට අනුකූලව 2024 වන විට එහි කාබන් පියසටහන් 20% කින් අඩු කිරීමට දරන උත්සාහයේ කොටසකි. 2022 ජූනි මාසයේදී, ගෝලීය වශයෙන් එහි පාරිසරික කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා වසර දෙකකින් හරිත මෙහෙයුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කරන බව නිවේදනය කළේය. “අපගේ එක්සත්…

Read More

WhatsApp මගින් පණිවිඩ යවමින් බැංකු ගිණුම් විස්තර වැනි සංවේදී ​තොරතුරු ඉල්ලා ජනයා බියවද්දමින් වැසියන්ගේ බැංකු ගිණුම්වලින් විශාල මුදලක් සොරකම් කරන බවට විශ්වාස කරන වංචනික කල්ලියක් සොයා ගැනීමට රසල්කයිමා පොලිසිය සමත් විය. මෙම වංචාව සම්බන්ධයෙන් රට තුළ සහ ඉන් පිටත සිටින ආසියාතිකයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පසුගියදා ප්‍රකාශ කළේය. පොලිසිය වංචනික ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් පැවසුවේ, මෙම කල්ලිය බැංකු නියෝජිතයන් ලෙස පෙනී සිටින අතර දුරකථන ඇමතුම් හෝ ව්‍යාජ WhatsApp පණිවිඩ මගින් වැසියන් සම්බන්ධ කරගන්නා බවයි. ඉන්පසුව, දත්ත ලබා නොදුනහොත් ඔවුන්ගේ ගිණුම් අවහිර කරන බව පවසමින් ඔවුන් බැංකු තොරතුරු ඉල්ලා සිටී. මෙම වංචනික ක්‍රියාවන්​ට ගොදුරු වන වින්දිතයින් වංචාකරුවන්ට ඔවුන්ගේ බැංකු…

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙරට තර​ඟ ආරම්භ කරමින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුළු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 165 ක ඉලක්කය ඕවර 39 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ. සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 78 ක සම්බන්ධතාවයෙන් ජයග්‍රහණය පහසුවිය. චරිත් අසලංක පන්දු 92 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය. සදීර සමරවික්‍රම පන්දු 77 කින් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය. වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අනගි පන්දු යැවීමක නිරත වෙමින්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව අගෝස්තු 31 වැනිදා, 2023 සැප්තැම්බර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඉන්ධන වර්ග​යඅගෝස්තු සඳහා ලීටරයක මි​ලසැප්තැම්බර් සඳහා ලීටරයක මි​ලSuper 98ඩිරාම් 3.14ඩිරාම් 3.42Special 95ඩිරාම් 3.02 ක්ඩිරාම් 3.31E-Plus 91ඩිරාම් 2.95ඩිරාම් 3.23ඩීසල්ඩිරාම් 2.95ඩිරාම් 3.40

Read More

චීන රජය සතු ඛනිජ තෙල් සහ ඛනිජ රසායන සමාගමක් වන සිනොපෙක් සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ විවෘත කළේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) යටතේ දේශීය කළමනාකරුවෙකු විසින් කලින් කළමනාකරණය කරන ලද ඉන්ධන පිරවුම්හල දැන් Sinopec ආයතනයේ කළමනාකරණය යටතේ පවතී. ඉදිරි කාලය තුළ Sinopec විසින් මුළු ඉන්ධන පිරවුම්හල් 150ක කළමනාකාරීත්වය පවරාගෙන ශ්‍රී ලංකාව පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවල නිරත වීමට සැලසුම් කර ඇත. මීට අමතරව, සමාගම විසින් රට තුළ සිය ව්‍යාප්තියේ කොටසක් ලෙස නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීමට සැලසුම් කර ඇත. මෙම පියවර මගින් රටේ බලශක්ති ක්ෂේත්‍රයට දායක වීම සහ පාරිභෝගිකයින්ට අමතර විකල්ප ලබා දීමේ…

Read More

පාකිස්තානය සහ නේපාලය අතර පාකිස්තානයේ මුල්තාන් නුවරදී පැවැති 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක තරගයේදී ලකුණු 238 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹාගිය නේපාලයට ඕවර 23.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. නේපාල කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ශදාබ් බාන් ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳහෙලූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් හාරිස් රවුෆ් ලකුණු 16 කට කඩුලු 2 ක්ද, ශහීන් අෆ්රිඩි ලකුණු…

Read More

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අනුබද්ධ ඩුබායි ටැක්සි සංස්ථාව (DTC) සිය ඩිජිටල් යෙදුමට (DTC App) ස්මාර්ට් සහ නව්‍ය සේවා හතරක් එක් කරන බව නිවේදනය කළේය. DTC විසින් මෑතකදී හඳුන්වාදුන් සේවාවලින් එකක් වන්නේ “Hourly Rental” සේවාවයි. මෙම සේවාව සැලසුම් කර ඇත්තේ පදිංචිකරුවන්, සංචාරකයින් සහ ව්‍යවසායකයින්ගේ ඉල්ලීම් මෙන්ම හෝටල්, සංචාරක ක්‍රියාකරුවන්, ගුවන් සේවා සහ වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වැනි සංචාරක ක්ෂේත්‍රය​ට පහසුකම් සැලසීම සඳහාය. පරිශීලකයින්ට ගමනාන්ත පිළිබඳ විශේෂිත නම් කිරීමකින් තොරව බොහෝ නොනවතින චාරිකා කිරීමට මෙම සේවාව භාවිතා කළ හැක මගීන්ට රියදුරුට නිශ්චිත ස්ථාන වෙත මඟ පෙන්විය හැක. මෙම සේවාව ව්‍යාපාරික විධායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරික චාරිකාවල කොටසක් ලෙස නැවතුම් කිහිපයක් භාවිතා…

Read More