Author: Stanly Kularathna
ජුනි මාසයේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එම මාසයේ දක්ෂතම ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි. වනිඳු හසරංගට අමතරව සිම්බාබ්වේ ක්‍රීඩක ෂේන් විලියම්ස් සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ජුනි මාසය සඳහා නිර්දේශිත සෙසු නම් අතරට ඇතුළත්ව තිබේ. සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් වනිඳු මෙලෙස දක්ෂතම ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී තිබේ. එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වෙමින් ඔහු විසින් බිඳ…
සාජාහි විධායක සභාව විසින් ව්‍යාපාර සඳහා බලපත්‍ර අලුත් නොකිරීමට අදාළ දඩ මුදල් සඳහා 50% ක වට්ටමක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ජූලි 10 සිට ආරම්භ වන මාස හතරක කාලයක් තුළ ව්‍යාපාර හිමිකරුවන් තම තත්ත්වයන් නිවැරදි කරගැනීමේ කොන්දේසිය මත මෙම වට්ටම හිම්වේ. සාජාහි නියෝජ්‍ය පාලක සහ විධායක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති අතිගරු ෂෙයික් අබ්දුල්ලා බින් සාලෙම් බින් සුල්තාන් අල් කාසිමිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය අනුමත කරන ලදී. මෙම මුලපිරීම පැමිණෙන්නේ ප්‍රශස්ත ආර්ථික දිරිගැන්වීම් ලබාදීමට සහ දේශීය වෙළඳපොලේ වර්ධනය ශක්තිමත් කිරීමට සාජා හි කැපවීමේ කොටසක් ලෙස ය. මීට අමතරව, කර්මාන්ත හා උසස්තාක්ෂණ අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කවුන්සිලය ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුමැතිය…
ඩුබායි හි ඔටුන්න හිමි කුමරු වන අතිගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ඊයේ ඩිරාම් බිලියන 4 ක ආයෝජනයකින් වෝර්සාන්හි ලොව විශාලතම අපද්‍රව්‍ය-බලශක්ති මධ්‍යස්ථානය විවෘත කළේය. එය තිරසාර යටිතල පහසුකම්වල ගෝලීය ප්‍රමුඛයා ලෙස ඩුබායි තත්ත්වය තහවුරු කරන විශිෂ්ට ව්‍යාපෘතියක් බව ඔටුන්න හිමි කුමරු පැවසීය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙසේ සඳහන් කලේය: “මෙගාවොට් පැය 220 ක පුනර්ජනනීය බලශක්තිය ජනනය කිරීමට මෙම පහසුකම සමත් වන අතර එමඟින් නිවාස ඒකක 135,000 ක් බල ගැන්විය හැකිය. “මෙම පහසුකම මගින් කිසිදු අහිතකර පාරිසරික බලපෑමක් නොමැතිව වසරකට ටොන් මිලියන 2 ක අපද්‍රව්‍ය සැකසීමට හැකිය. මෙම සුවිශේෂී ව්‍යාපෘතියට සම්බන්ධ වූ සුවිශේෂී කණ්ඩායම්වලට අපි සුබ…
ඉස්ලාමීය උත්සවයක් වන ඊද් අල් අදා සැමරීම සඳහා UAE වැසියන්ට දින හයක සති අන්තයක් ලැබුණ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජූලි 3 සඳුදා නැවත කාර් යාලයට පැමිණියා. මෙම නිවාඩුව ඉස්ලාමීය හිජ්රි දින දර්ශනයේ අවසාන මාසය වන සුල් හිජාහ් හි යෙදී තිබුණා. හිජ්රි අලුත් අවුරුද්දට ඇත්තේ තව දින කිහිපයකි, එනම් තවත් දින තුනක සති අන්තයකි. එමිරේට්ස් තාරකා විද්‍යා සංගමයේ (ESA) සභාපති ඉබ්‍රාහිම් අල් ජර්වාන්ට අනුව නව හිජ්රි වර්ෂය (Muharram 1) ජූලි 19 බදාදා වීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නිකුත් කරන ලද නිල නිවාඩු ලැයිස්තුවට අනුව, නව වසර සනිටුහන් කිරීමේ නිවාඩුව ජූලි 21 සිකුරාදා වේ. මෙය දින තුනක…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ආයෝජන අමාත්‍යාංශයක් පිහිටුවීමට පසුගියදා අනුමත කළේය. ආයෝජන අමාත්‍යවරයා ලෙස මොහොමඩ් හසන් අල් සුවයිඩි පත් කළ බව ෂෙයික් මොහොමඩ් පැවසීය. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන දැක්ම වර්ධනය කිරීම, ආයෝජන පරිසරය උත්තේජනය කිරීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස සහ ජාත්‍යන්තර ආයෝජන ප්‍රවාහයේ ක්‍රියාකරුවෙකු ලෙස පවතින බව සහතික කිරීම සඳහා නීති සම්පාදනයේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් අමාත්‍යාංශය පිහිටුවා ඇත” යනුවෙන් ෂෙයික් මොහොමඩ් ට්වීටර් පණිවිඩයක් මගින් පැවසීය. බලශක්ති ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වෙනස්කම්වලට මුහුණ දීම සඳහා සහ ඉදිරි වසර හත තුළ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මාර්ගවල ස්වයංක්‍රීයව ධාවනය වන වාහන සඳහා පළමු ජාතික බලපත්‍රය අනුමත කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ට්විටර් වෙබ් අඩවියේ පළ කළේ WeRide හට මූලික බලපත්‍රය ලබා දී ඇති බවයි. මෙය සිදු වූයේ පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමක දීයි. “සමාගම රටේ අනාගත සංචලන රටාවේ වෙනසක් පිළිබිඹු කරමින් රට තුළ සියලු වර්ගවල ස්වයංක්‍රීය වාහන පරීක්ෂා කිරීම ආරම්භ කරනු ඇත,” ඔහු ට්වීට් කළේය. වෙබ් අඩවියට අනුව, සමාගමේ මූලස්ථානය චීනයේ Guangzhou හි පිහිටා ඇති අතර අබුඩාබිද මධ්‍යස්ථානයක් ඇත. එය…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට ඊයේ සමත් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබූහ. වර්ෂාවෙන් තරඟයට බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 31 කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් රැස් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ඩක්වත් ලුවිස්…
ඩුබායි මහ නගර සභාව වෙරළ තීරයේ පිරිසිදුකම සහ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා අපද්‍රව්‍ය එකතු කිරීමේ පහසුකම් 216 ක් එක්කොට තිබෙනවා. ඒ සමගම වෙරළ තීරයේ පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා පිරිසිදු කරන්නන් 72 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැය විසිහතරේම කටයුතු කරනු ලබනවා. ඩුබායි මහ නගර සභාව විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එමීර් රාජ්‍යයේ සුන්දරත්වය, තිරසාරභාවය සහ සෞන්දර්යය ආරක්ෂා කිරීම සඳහා දැවැන්ත වෙරළ පිරිසිදු කිරීමේ සැලැස්මක කොටසක් ලෙස සේවකයින් 12 දෙනෙකු කණ්ඩායම අධීක්ෂණය කරනු ඇති බවයි. ඩුබායි නගරය ජීවත්වීමට සහ සංචාරය කිරීමට ලෝකයේ හොඳම නගරය බවට පත් කිරීම සහ සනීපාරක්ෂාව පිළිබඳ ලොව පුරෝගාමී නගරවලින් එකක් බවට පත් කිරීම ද මෙම සැලැස්මේ අරමුණයි. “අපි…
නව WhatsApp විශේෂාංගය මගින් පරිශීලකයින්ට iCloud හෝ Google Drive හි back up කිරීමකින් තොරව නව උපාංගයකට කතාබස් මාරු කිරීම පහසු කරයි. මෙම WhatsApp විශේෂාංගය ක්‍රියා කරන්නේ එකම මෙහෙයුම් පද්ධතිය සහිත උපාංග අතර පමණි, එබැවින් Android සිට Android හෝ iOS සිට iOS දක්වා වේ. මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් හරහා නව කතාබස් හුවමාරු විශේෂාංගය නිවේදනය කළේය. සකර් බර්ග්ගේ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් WhatsApp පැවසුවේ “දත්ත බෙදාගනු ලබන්නේ ඔබගේ උපාංග දෙක අතර පමණක් වන අතර, එය මාරු කිරීමේදී සම්පුර්ණයෙන්ම සංකේතනය මගින් ආරක්ෂා කොට ඇත.” මෙම විශේෂාංගය ලබා ගත හැකි වූ පසු, පරිශීලකයින්ට පැරණි උපාංගයේ Settings > Chats > “Chat transfer” ක්ලික් කිරීමෙන්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බෙදාහැරීමේ යතුරුපැදි ධාවකයින් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විවේක ස්ථාන ආරම්භ කොට තිබෙනවා. කලාපයේ ඔවුන් සඳහා එවැනි ආකාරයේ පළමු වැඩසටහනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි දියත් කෙරුණා. මෙම පියවර ක්‍රියාත්මක කෙරුණේ ‘Your Summer with Us’වැඩසටහනේ කොටසක් ලෙස සහ තලාබාත් සමඟ සහයෝගීතාවයෙන් අබුඩාබි හි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (ITC) රථවාහන ආරක්ෂාව සඳහා වූ තාක්ෂණික කමිටුවේ මෙහෙයවීමෙනි. මීට අමතරව, අබුඩාබි හි බෙදා හැරීමේ රියදුරන් සඳහා ප්‍රසිද්ධ ස්ථානවල ජංගම වායු සමීකරණය කළ බස් රථ ද ඇත.