Author: Stanly Kularathna

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා. ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06දෙනා තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එම දඩ මුදල නියම කර ඇති බවයි වාර්තා වෙන්​නේ. අදාළ තරගයේදී වනිඳු හසරංග දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමේදී තම පිත්තෙන් හතරේ සීමාවට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව, එය චර්යා ධර්ම පද්ධතියේ පළවන මට්ටමේ කඩකිරීමක් බවට තහවුරු වී ඇති අතර ඔහුට තරග ගාස්තුවෙන් 50%ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇති බව වාර්තා වෙයි. වනිඳු හසරංග වසරක් තුළ සිදුකළ මෙවැනි ආකාරයේ…

Read More

සාජාහි වාර්ෂික සිල්ලර වෙළ​ඳ දින දර්ශනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන මෙම වසරේ වැඩසටහ​න “Ya Hala Bsaifna in Sharjah”යන තේමා පාඨය යටතේ සාජා Summer Promotion 20 වැනි සංවත්සරය සමරයි. මෙම සන්ධිස්ථානය සැමරීම සඳහා, වැසියන්ට සහ සංචාරකයන්ට සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම සඳහා 25 %සිට 75% දක්වා ආකර්ෂණීය වට්ටම් සාජා පුරා පිහිටි සාප්පු සංකීර්ණ සහ වෙළඳසැල් වලින් ලැබෙනු ඇත. සාජා Summer Promotion 2023 සාජා Summer Promotions 2023හි ඩිරාම්100 හෝ ඊට වැඩි මුදලක් වැය කරන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් සමඟින් ත්‍යාග පිරිනමයි. මෙම ව්‍යාපාරය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SCCI) විසිනි. වාණිජ මණ්ඩලය විසින් ඩිරාම් 100,000 කට වඩා…

Read More

එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරයන්හි වර්ධනය වේගවත් කරන්නක් ලෙස රසල් කයිමා ආර්ථික කලාපයහි භූමිකාව තවදුරටත් තහවුරු කරන අතර ආයෝජන හිතකාමී වාතාවරණයක් පෙන්නුම් කරනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කලාප වර්ධනය RAKEZ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Ramy Jallad පැවසුවේ, “2023 දෙවන කාර්තු​වෙහි අපගේ ශක්තිමත් කාර්ය සාධනය, නව සමාගම් 1,500කට අධික සංඛ්‍යාවක් අප හා එක්වීම, අපගේ ප්‍රගතිශීලී ප්‍රවේශය, කර්මාන්තයේ ප්‍රමුඛ ව්‍යාපාරික විසඳුම් සහ විවිධ පරිමාණයේ ව්‍යාපාර පෝෂණය කිරීමට ඇති නොසැලෙන කැපවීමේ ප්‍රතිඵලයකි. “සාමාන්‍ය වෙළඳාම සහ ඊ-වාණිජ්‍යය සිට මාධ්‍ය, සේවා සහ නිෂ්පාදන දක්වා විවිධ අංශ හරහා ඇති වර්ධනය ගෝලීය ව්‍යවසායකයින් සඳහා අන්තර් ගත සහ තිරසාර ආර්ථික භූ දර්ශනයක් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම…

Read More

සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇතම් ප්‍රධාන මාර්ගවල අනපේක්ෂිත රථවාහන ප්‍රමාදයන් පිළිබඳව ඩුබායි හි මෝටර් රථ හිමියන්ට අනතුරු අඟවා තිබෙනවා. ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා රථවාහන අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, ජූලි 1 සහ 2 දිනවල රාත්‍රී 7 සිට අළුයම 2 දක්වා Al Safa Street, Happiness Street සහ Al Badaa Street හි අනපේක්ෂිත ප්‍රමාදයන් පිළිබඳව රියදුරන්ට අනතුරු අඟවා තිබෙනවා. ප්‍රමාදයන්ට හේතුව ලෙ​ස Coca-Cola Arena හි සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිසා වන බව අධිකාරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. රියදුරන්ට වේලාසනින් පිටත් වන ලෙසත්, තම ගමන් සැලසුම් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

Read More

මෙම වංචනික යෙදුම කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍යයන්ට සම්බන්ධ නොවේ, නමුත් ඇත්ත වශයෙන්ම එය දුරකථන භාවිතා කරන්නන්​ට වංචා කිරීමට නව ක්‍රමයකි. ස්ථාපනය (install) කළ පසු, මෙම යෙදුම දුරකථනයේ ගබඩා කර ඇති සියළුම දත්ත වෙත ප්‍රවේශය ලබා ගනී. එයට බැංකු විස්තර, ඡායාරූප, මුරපද මෙන්ම වෙනත් අය අතරට​ද ප්‍රවේශ විය හැක. ඇතැම් රටවල් එවැනි සබැඳිවලින් පරිස්සම් වන ලෙස පරිශීලකයන්ගෙන් ඉල්ලා තිබු​ණ අතර මිනිසුන් රැවටීමට ලක් වූ බව වාර්තා වීමෙන් පසුව අනතුරු ඇඟවීම් පවා නිකුත් කර ඇත. මෙයින් ආරක්ෂා වීමට ඔබට ගත හැකි පියවර කිහිපයක්: 1. ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් තිබේ නම්, ඔබ Google Play Store වැනි බලයලත් ස්ථානවලින් පමණක් යෙදුම් බාගැනීමට වග බලා ගන්න.…

Read More

මුදල් ඉතිරි කිරීම සඳහා එක් මාර්ගයක් වන්නේ වියදම අඩුකිරීම හා නාස්තිය සීමා කිරීම වන අත​ර ඩුබායිහි විදුලි හා ජල පරිභෝජනය හොඳින් අවබෝධ කර ගැනීමත් එ​ය කළමනාකරණය කිරීමත් මගින් සැලකිය යුතු ප්‍රමාණයකින් මුදල් ඉතිරිකර ගැන්මට හැකියාව ලැබෙනවා. Dewa විසින් හඳුන්වා දී ඇති ස්මාර්ට් යෙදුම භාවිතා කිරීමට Dewa ඔබ​ව උනන්ඳු කරවන අත​​ර ඔබ නිවසෙන් බැහැරව සිටියත් ඔබ​ගේ උපයෝගිතා පරිභෝජනය පිළිබඳ සීමාවන් තබා ගත හැක. ජල කාන්දුවීම් හඳුනා ගැනීමට ඔබට ඉහළ භාවිත ඇඟවීමක් පවා ලබා ගත හැකියි. ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (Dewa) මෑතකදී සිය ස්මාර්ට් යෙදුම හරහා ඔවුන්ගේ විදුලිය සහ ජල පරිභෝජනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා පාරිභෝගිකයින් දැනුවත් කිරීම​ට “Small Summer…

Read More

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ බුලවායෝහිදී සහභාගි වූ පළමු තරගයේදී නෙදර්ලන්තය ලකුණු 21 කින් පරාජය කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පි​ල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47.4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 213ක් ලබා ගත්තා. මෙහිදී ධනංජය ද සිල්වා පන්ඳු 111කදී ලකුණු 93ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න පන්ඳු 51කදී ලකුණු 33ක් රැස් කළේය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් මහේෂ් තීක්ෂණ 28, වනිඳු හසරංග 20 සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ලබා ගත්හ. නෙදර්ලන්තය වෙනුවෙන් Logan van Beek සහ Bas de Leede කඩුලු 03 බැගින් දවාගත්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ජුනි 30 වැනිදා, 2023 ජුලි සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කළේය ඉන්ධන වර්ග​යජුනි සඳහා ලීටරයක මි​ලජුලි සඳහා ලීටරයක මි​ලSuper 98ඩිරාම් 2.95ඩිරාම් 3.00Special 95ඩිරාම් 2.84 ඩිරාම් 2.89 E-Plus 91ඩිරාම් 2.76ඩිරාම් 2.81ඩීසල්ඩිරාම් 2.68ඩිරාම් 2.76

Read More

අබුඩාබි සහ ඩුබායි 2023 දී මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ (MENA) වඩාත්ම ජීවත්වීමට සුදුසු නගර ලෙස පැවති බව ඉකොනොමිස්ට් බුද්ධි අංශ වාර්තා නිවේදනය කරතිබෙනවා. අබුඩාබි සහ ඩුබායි එම ලැයිස්තුවට පිට පිට ඇතුළත් වූ පස්වැනි වසර මෙයයි. ප්‍රථම ස්ථානය අබුඩාබියට හිමි වූ අතර ඩුබායි දෙවන ස්ථානයට පත්විය. ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල අබුඩාබි 75 වන ස්ථානයේ පසුවූ අතර ඩුබායි 76 වන ස්ථානයට පත්ව ඇත. වර්ගීකරණය පදනම් වී ඇත්තේ යන කාණ්ඩ පහක් හරහා නගර 173 ක ජීවන තත්ත්වයන් පරීක්ෂා කිරීම මතය. 2023 දී MENA හි වඩාත්ම ජීවත්විය හැකි නගර 10 2023 දී ලොව ජීවත්වීමට සුදුසුම නගර

Read More

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය ඊද් උත්සව සමයේදී පර්යන්ත අං​ක 3 හි සාර්ථක​ව දියත් කිරීමෙන් පසුව මෙවර ඊද් අල් අදා දිනට පෙර පර්යන්ත අං​ක 1 සහ පර්යන්ත අං​ක 2 හි පැමිණීමේ ශාලා තුළ නව ළමා විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටර විවෘත කරන ලදී. විදේශ ගමන් බලපත්‍ර මුද්‍රා තැබීමේ ක්‍රියාවලිය තමන් විසින්ම අත්විඳීමට ඉඩ සලසා දීම සහ සංස්කෘතික බැඳීම් පෝෂණය කිරීම මගින් ළමා මගීන් කෙරෙහි කල්පවත්නා හැඟීමක් ඇති කිරීම මෙම මුලපිරීමේ අරමුණයි. විදේශ ගමන් බලපත්‍ර පාලන ප්‍රදේශයේ වැඩ කටයුතුවල ප්‍රගතිය දැක බලා ගැනීම සඳහා ඩුබායි හි නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් මොහොමඩ් අහමඩ් අල් මාරි පසුගියදා නිරීක්ෂණ…

Read More