Author: Stanly Kularathna
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (DXB) ගමන් බලපත්‍ර පාලනය (passport control) හරහා මේ වසරේ මුල් භාගයේදී මගීන් මිලියන 26 කට අධික පිරිසක් ගමන්කොට ඇත. ඔවුන්ගෙන් 36% ක් එනම් මිලියන 9 කට වැඩි පිරිසක් තත්පර කිහිපයකින් එම ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීමට ස්මාර්ට් ගේට්ටු භාවිතා කර ඇති බව සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි. ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වෙබ් අඩවියට අනුව, ලියාපදිංචි වී ඇති මගීන්ට “ලේඛනයක් scan කිරීමකින් තොරව, සරලව හරිත (කොළ) එළිය දෙස බැලීමෙන්” ගමන් බලපත්‍ර පාලන කටයුතු අවසන් කල හැකි ක්‍රමවේදයක් මගින් සම්බන්ධතා රහිත ක්‍රියාවලියක් එලිදක්වයි. හරිත ආලෝකය කැමරාවට ඉහළින් දක්නට ලැබෙන අතර මගීන් මුහුණු ආවරණ, ඇස්කන්ණාඩි සහ තොප්පි ඇතුළුව ඔවුන්ගේ මුහුණු ආවරණය…
Eid Al Adha නිවාඩු කාලය පුරාවට නගරය අලංකාරව තබා ගැනීම සඳහා ඩුබායි පුරා පිරිසිදු කරන්නන් සහ පරීක්ෂකවරුන් 3,000 කට වැඩි පිරිසක් යොදවනු ඇත, ඩුබායි මහ නගර සභාව (DM) දිගු සති අන්තය සඳහා එහි සූදානම පසුගියදා නිවේදනය කරන ලදී. සාමාන්‍ය ක්ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ මහජන සනීපාරක්‍ෂක පහසුකම් පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් හදිසි අවස්ථා සඳහා පැය විසිහතර පුරා කටයුතු කිරීමට යන්ත්‍ර සහ වාහන 747ක් සූදානම් කර ඇති බව ප්‍රජා ආයතනය පවසයි. මහ නගර සභාවේ අපද්‍රව්‍ය මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ඉංජිනේරු සයීඩ් අබ්දුල් රහීම් සෆාර් පැවසුවේ “වීදි, පොදු ස්ථාන, අසල්වැසි සහ වෙරළ තීරයන්හි පිරිසිදුකම ආරක්ෂා කිරීම සඳහා ඩුබායි මහ නගර සභාවෙහි සියලුම ක්ෂේත්‍ර…
තාක්‍ෂණය මත පදනම් වූ අනාගතයක් කරා යාමේදී ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමග ඩුබායි, කෘත්‍රිම බුද්ධිය සඳහා වූ ඩුබායි මධ්‍යස්ථානය (DCAI) මෑතකදී කල දියත් කිරීමත් සමඟ තාක්‍ෂණික දියුණුව සඳහා වූ සිය නොසැලෙන කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කර ඇත. ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක කවුන්සිලයේ සභාපති අතිගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් විසින් දියත් කරන ලද මෙම මුල් පියවර ඩුබායි, ලෝකයේ තාක්ෂණික වශයෙන් දියුණු නගරවලින් එකක් ලෙස ඩුබායි එහි තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරයි. විශ්වාසදායිතාව ඉහළ නැංවීමට සහ රාජ්‍ය සේවා ප්‍රශස්ත කිරීම සඳහා කෘතිම බුද්ධියෙහි පරිවර්තන බලය සහ කෘතිම බුද්ධි මෙවලම් වැලඳ ගැනීමට රාජ්‍ය ආයතන සවිබල…
එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව අද (25) පැවැත්වේ. බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරඟය බී කාණ්ඩය යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ මේ දක්වා මූලික වටයේ සහභාගි වූ තරඟ දෙකම ජය ගනිමිනි. අයර්ලන්ත පිල මේ දක්වා සහභාගි වූ තරඟ දෙකම පරාජයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ අද තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවේ. බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අපරාජිතව පෙරමුණේ පසුවන අතර අයර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ සිටී. බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන…
ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුව (DCD) විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව අබුඩාබි වැසියන්ගෙන් 93%කට වැඩි පිරිසකට රාත්‍රියේ තනියම ඇවිදීමේදී ආරක්ෂිත බවක් දැනෙන බව හෙලිවී තිබේ. ප්‍රජා සාමාජිකයින් 82,761ක් පමණ ජීවිත තත්ත්ව සමීක්ෂණයේ (QOLS) තුන්වන චක්‍රයට සහභාගී වූ අතර, පෙරවට දෙකෙහි ප්‍රතිඵල මත පදනම්ව සංවර්ධනය කරන ලද ප්‍රධාන දර් ශක කිහිපයක් ඇතුළත් විය. දර්ශක වන්නේ නිවාස, රැකියා අවස්ථා, ආදායම්, පවුලේ ධනය, රැකියා-ජීවිත සමතුලිතතාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ කුසලතා, ආරක්ෂාව සහ පුද්ගලික ආරක්ෂාව, සමාජ සබඳතා, සිවිල් සහභාගීත්වය සහ පාලනය, පරිසරයේ ගුණාත්මකභාවය, සමාජ හා සංස්කෘතික ඒකාබද්ධතාවය, සමාජ හා ප්‍රජා සේවය, ඩිජිටල් ජීවන තත්ත්වය, සතුට සහ යහපැවැත්මයි. සමීක්ෂණයට පදනම් වී ඇත්තේ ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ…
ඊද් අල් අදා වෙනුවෙන් සිරකරුවන් 988 දෙනෙකු නිදහස් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මීට පෙර නියෝග කොට තිබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඊද් අල් අදාට පෙර ඩුබායි හි විවිධ ජාතීන්ට අයත් සිරකරුවන් 650 දෙනෙකු නිදහස් කිරීමට නියෝග කොට තිබුණා. ඒ සමගම සාජා හි උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජා පාලක අතිගරු ආචාර්ය සුල්තාන් බින් මොහොමඩ් අල් කාසිමි විසින් විවිධ නඩු සඳහා වරදකරුවන් වූ සාජා හි සිරකරුවන් 390 දෙනෙකු නිදහස් කිරීමට නියෝග කොට තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශවල පාලකයින් ආගමික හා විශේෂිත රාජ්‍ය උත්සව…
තම සේවා ස්ථානයෙන් මුදල් ගසාකන රාජ්‍ය අංශයේ සේවකයින්ට දඩුවම සිරදඬුවමක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්ථමේන්තුව මතක් කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වංචා කිරීම සඳහා වන දඬුවම පිළිබඳව මතක් කිරීමට අධිකාරිය සමාජ මාධ්‍ය වෙත යොමු වී තිබෙනවා. රාජ්‍ය සේවකයෙකු රැකියාවේ යෙදී සිටියදී හෝ පැවරුමක යෙදී සිටියදී මුදල් ගසාකෑමට හසු වුවහොත්, එම අපරාධය සඳහා ව්‍යාජ ලේඛනයක් භාවිතා කිරීම හෝ නිල ලේඛනයක ව්‍යාජ පිටපතක් ළඟ තබා ගැනීම හෝ අපරාධයකට සම්බන්ධ නම්, දඬුවම අවම වශයෙන් වසර 5ක සිර දඬුවමකි. මෙය ෆෙඩරල් ආඥා පනතේ 260 – 2021, 31 වැනි වගන්තියට අනුව බව නීතිපති දෙපාර්ථමේන්තුව පැවසීය.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර බුලවායෝ හී දී පැවැති එම තරගයේ ජයග්‍රහණයත් සමග “බී” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕමානයට ලබා දුන් අතර වනිඳුගේ සහ ලහිරුගේ පන්දු හමුවේ අසරණ වූ ඔවුහු පන්දු වාර 30.2 ක් අවසානයේ ලකුණු 98 කට සියලු දෙනා දැවී ගියහ. ලකුණු 13 කට කඩුලු 5ක් දවා ගත් වනිඳු හසරංග ගේ සහ ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් ලහිරු කුමාරගේ පන්දු හමුවේ හිස ඔසවන්නට ඉඩක්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේපල වෙලඳපොල මෑතකදී දියත් කරන ලද ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති සමඟ දැවැන්ත පුනර් ජීවනයක් අත්විඳිමින් සිටින අතර එමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූ දර්ශනය නැවත හැඩගස්වා සංචාරක ක්ෂේත්රයේ තරඟකාරී ශ්‍රේණිගත කිරීම් මත රට ඊටත් වඩා ඉහළින් තබනු ඇත. රට පුරා විසිරී ඇති, මෙම ව්‍යාපෘති හරහා වැඩි විදේශිකයන් ගනනක් රටට ආකර්ණෂය කර ගැන්ම, දේශීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, රටේ වෙරළ තීරය පුළුල් කරන අතර දැවැන්ත හරිත අවකාශයන් එකතු කරනු ඇත, මේවාට ගෘහස්ථ උද්‍යාන, ඇළ මාර්ග, විශාලතම නාගරික උද්‍යානය, උස් පාපැදි ධාවන පථ, ඇවිදීම සඳහා කඩොලාන පරිසරය, විශාලතම තරංග තටාකය සහ තවත් බොහෝ පහසුකම් ඇතුළත් වේ. මෙම ඩිරාම්…
ඉදිරි මාස දෙක තුළ, ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා කොරියානු රජය සමඟ සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කොරියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 470 දරන ගුවන්යානය මෑත දිනකදීත් පැය 12ක් පමණ ප්‍රමාද වී ඇති අතර, මෙය බරපතළ තත්ත්වයක් බව ද ඇමැතිවරයා පැවසීය. එබැවින් මෙම අර්බුදය විසඳීම සඳහා කඩිනමින් මැදිහත් විය යුතු බැවින් කොරියාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා කොරියානු රජය සමඟ සාකච්ඡා කළ බව ඇමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව…