එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරණු ලබන ශ්‍රී ලාංකික වෘත්තීයවේදී සංගම් හතරකගේ මූලිකත්වයෙන් 2019 මැයි 28 වන දින ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය (SLPA) පිහිටුවාගන්නා ලදි.
මේ වන විට ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය සංගම් අටක් දක්වා වර්ධනයවී ඇති අතර එම සංගම් වන්නේ
- ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (IIESL-UAE)
- ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (IQSSL-UAE)
- පශ්චාත් උපාධි කළමණාකරන ආයතනයේ විද්‍යාර්ථිකයන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (PIMA-UAE)
- ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (SLQS-UAE)
- මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (QSUM-UAE)
- ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (SLITPA-UAE)
- ශ්‍රී ලංකා ආගන්තුක සත්කාරය වෘත්තීයවේදීන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (SLHPA-UAE)
- ශ්‍රී ලංකා බැංකු වෘත්තිකයන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛාව (SLBA-UAE)
ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ හතර වෙනි මහ සභා රැස්වීම ඩේරා සිටි සෙන්ටර්හි නෝවොටෙල් හෝටලයේදී ඊයේ පවත්වනු ලැබූ අතර එහිදී ඉදිරි වසර දෙක සඳහා නව නිලධාරී මඩුල්ල පත්කරගැනීම සිදුකරනු ලැබුවා.
- නව සභාපති ලෙස සභාපති ජගත් කීර් තිසූරිය මහතාත් (SLQS)
- උප සභාපති ලෙස කුමින්ද ලියනගේ මහතාත් (SLITPA)
- ලේකම් ලෙස බුවනක හපුආරච්චි මහතාත් (QSUM)
- භාණ්ඩාගාරික ලෙස සුදේශ් සුදාර් මහතාත් (SLHPA)
- සහකාර ලේකම් ලෙස ජනක එදිරිසිංහ මහතාත් (IIESL)
- සහකාර භාණ්ඩාගාරික ලෙස රංජිත් පුෂ්පකුමාර පෙරේරා මහතාත් (IQSSL)
- අභ්‍යන්තර විගණක ලෙස තරංග පෙරේරා මහතාත් (IIESL)
- සංස්කාරක ලෙස හුසේන් මුල්ලා මහතාත් (SLQS)
- මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ප්‍රසාදි සමරසිංහ මහත්මියත් (PIMA)
මණ්ඩල සාමාජිකයන් ලෙස
- අරිසානන් රාමනාදන් (IIESL)
- KAC ප්‍රසාද් (SLHPA)
- දයා ද සිල්වා(SLHPA)
- රෝහණ අබයගුණවර්ධන (IQSSL)
- අසංක රාජවීර (IQSSL)
- අංජුල මල්ෂාන් (SLITPA)
- පෙට්රා ජෙසිකා සැමුවෙල් (SLITPA)
- රනිල් ද සිල්වා (PIMA)
- රොෂාන් විජේතිලක (SLQS)
- උත්පලා ජයවීර (QSUM)
- බන්දුල කොඩිප්පිලි ආරච්චි (QSUM)
- ඉස්තියාක් රාසික් (SLBA)
- එම්.අයි. රැස්මිඩීන් (SLBA)
- සැවන්ති ප්‍රනාන්දු (SLBA)
- රෙනිල් නලවංශ (PIMA) යන මහත්ම මහත්මීන් තේරී පත්වූවා.
ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ මූලික පරමාර්ථ අතර ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ඉහළම වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලබාදීම, ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ප්රගමනය සඳහා අවස්ථා ප්‍රවර් ධනය කිරීම, වෘත්තිකයන් අතර සම්භන්ධීකරණය සහ අන්තර් ක්‍රියා සඳහා පහසුකම් සැපයීම සහ ශ්‍රී ලංකා සන්නාමය වැඩිදියුණු කිරීම තුලින් ශ්‍රී ලංකා රජයට සහය ලබා දීම ඇතුලත් වෙනවා.