එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට තුළ ගෘහ සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බැවින් බඳවා ගැනීමේ ආයතන දෙකක බලපත්‍ර අවලංගු කර තිබේ. ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන සඳහා බලපත්‍ර ලබා දීම සහ නියාමනය කිරීම පිළිබඳ 2022 අමාත්‍ය යෝජනාව 676ට අනුව එහි විධායක රෙගුලාසි පිළිබඳ 2022 ෆෙඩරල් නීතිය 9 හි දක්වා ඇති බැඳීම්වලට අනුකූල වීමට අපොහොසත් වීම නිසා මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ආයතන දෙකක බලපත්‍ර අවලංගු කර ඇත.
එම ඒජන්සි දෙක වන්නේ ඩුබායි හි ෂම්මා අල් මහයිරි ගෘහ සේවක සේවා මධ්‍යස්ථානය සහ අජ්මාන් හි අල් බාර්ක් ගෘහ සේවක සේවා මධ්‍යස්ථානයයි.
මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය මෙසේ පැවසීය: “මෙම පියවර, අදාළ සියලුම පාර්ශවයන් නීතියට අනුකූල බව සහතික කිරීම සඳහා ගෘහ සේවක බඳවා ගැනීමේ ආයතනවල මෙහෙයුම් නියාමනය කිරීම සහ සංවිධානය කිරීම සඳහා අමාත්‍යාංශයේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි. මෙම කාර්යාලවල පැහැදිලි නීතිමය උල්ලංඝනයන් සිදු කර ඇති බව සොයා ගෙන තිබෙනවා. ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමත් සමග සේවකයින්ගේ තත්ත්වයන් නිරාකරණය කිරීම, ගෘහ සේවිකාවන්ගේ සහ සේවා යෝජකයින් යන දෙඅංශයේම වගකීම් ඉටු කිරීම සහ මේ දිනය දක්වා ගෙවිය යුතු දඩ මුදල්ද ගෙවීමට සිදුවේ.”
මෙම ආයතනවලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යාංශය අදාළ පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ඇත.
ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ආයතනයක් සම්බන්ධයෙන් නීතිය කඩ කරන බවට අනාවරණය වුවහොත් එම උල්ලංඝනය කිරීමේ ස්වභාවය අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය අවධාරණය කර ඇත. “අපි මෙයට සම්බන්ධ වී සිටින සියලුම පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සඳහා ඔවුන්ට සහයෝගය දැක්වීමට, කාර්යක්ෂමතාවයේ සහ විනිවිදභාවයේ ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව මෙන්ම අදාළ ජාතික හා ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමට කැපවී සිටිමු,”
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඇති බලපත්‍රලාභී ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන එහි අධීක්ෂණය යටතේ පවතින අතර “සියලු පාර්ශ්වයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා පැහැදිලි රෙගුලාසි සහ නීති පද්ධති යටතේ ක්‍රියාත්මක වන අතර ඒකාබද්ධ මිල ගණන් ඇතුළුව සේවාලාභීන්ට සේවා කිහිපයක් සැපයීමට කටයුතු කලයුතුය” මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන පිළිබඳ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 600 590 000 ට සිය ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමටත් බලපත්‍රලාභී ආයතන ලැයිස්තුව සඳහා www.mohre.gov.ae යන වෙබ් අඩවියට පිවිසෙන ලෙසත් අමාත්‍යාංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.