අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය “ජීවිත හා දේපලවල ආරක්ෂාව රැකගැනීම සඳහා” ගෘහස්ථ ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් ආරක්ෂක මාර්ගෝපදේශ නිකුත් කොට තිබෙනවා.
අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය X හි, සිය නිල ගිණුම හරහා නිවේදනයක් පළ කරමින් මෙසේ පැවසීය: “අබුඩාබියේ නිවාස වල ගෑස් සිලින්ඩර භාවිතා කිරීමේදී, ජීවිත හා දේපලවල ආරක්ෂාව රැකගැනීම ගැනීමට දායක වන මාර්ගෝපදේශ ගැන දැනගන්න.”
ආරක්ෂිත මාර්ගෝපදේශ:
- උපරිම වශයෙන් සිලින්ඩර දෙකක් පමණක් ප්රවාහනයේදී යොදාගන්න
- සිලින්ඩර් තිරස් අතට නොතබන්න
- සෘජු හිරු එළියෙන් ඈත්ව හොඳින් වාතාශ්රය ලැබෙන වියළි ප්රදේශයක සිලින්ඩර් තබන්න
- ගිනි හෝ තාපය ඇති ඕනෑම ප්රභවයකින් සිලින්ඩර ඈත් කරන්න
- උපකරණය නිවා දමන්න, විවෘත ගිනිදැල් හෝ ගිනි ප්රභවයන් නොමැති බවට වග බලා ගන්න
- ගෑස් රෙගියුලේටරය නිවැරදිව ස්ථාපනය කර ඇති බවට වග බලා ගන්න
- සිලින්ඩරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රෙගියුලේටරය සහ ගෑස් බටය පරීක්ෂා කරන්න
- බිම සිට සෙන්ටිමීටර 30 ක් උසින් ගෑස් සිලින්ඩරය සහ පිසීමේ උපකරණ අසල සංවේදක සවි කරන්න
- ආරක්ෂිත විකල්පයක් ලෙස විදුලි කුකර් සලකා බලන්න