ලොව ඉහලම මට්ටමේ ඉංජිනේරුවරුන් සහ විද්‍යාඥයන් බිහි කරන ලොව කීර්තිමත් විශ්ව විද්‍යාලයක් ලෙස ප්‍රකට ස්විට්සර්ලන්තයේ සූරිච් තාක්ෂණ විශ්වවිද්‍යාලයට චීනය ඇතුළු විදෙස් රටවල සිසුන් ඇතුළත් කරගැනීම සීමා කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ස්විට්සර්ලන්තයේ ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන ඇතැයි ද, එය දැඩි විවේචනයට ලක්වී ඇතැයි ද එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සූරිච් තාක්ෂණ විශ්වවිද්‍යාලය ගත් මේ පියවර දැඩි විවේචනයට ලක් කරමින් වසර ගණනාවක් පුරා ස්විට්සර්ලන්තයේ සේවය කළ චීන විද්‍යාඥයකු එම තීරණය වෙනස් කොට සැලකීමක් බවට හඳුන්වා දී ඇතැයි ද වාර්තා වේ.
සිය නවතම ආරක්ෂක පිරික්සුම් ප්‍රතිපත්තිය පසුගියදා ප්‍රකාශයට පත් කරමින් සූරිච් තාක්ෂණ විශ්වවිද්‍යාලය ගත් මේ පියවර ආචාර්ය උපාධි හා ශාස්ත්‍රපති උපාධි අපේක්ෂාවෙන් පසුවන නවක සිසුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවත් වාර්තා වේ.
රටේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන විදෙස් රටවල සිසු සිසුවියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුළත් කර ගැනීම සීමා කරමින් සූරිච් තාක්ෂණ විශ්වවිද්‍යාලය ඇගැයීම් නිර්ණායක 4ක් හඳුන්වා දී ඇති අතර, එම නිර්ණායක අනුව උපන් රට, ජාතිකත්වය සහ පදිංචි ස්ථානය, මීට පෙර අධ්‍යාපනය ලැබූ ආයතන මෙන්ම සම්බාධක පනවනු ලැබූ රටකින් ශිෂ්‍යත්වයක් ලැබී තිබේදැයි යන්න එම නිර්ණායකවලට ඇතුළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.