මෙම මාසයේ මුල් දින 21 තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් දිවයිනට පැමිණ ඇති බවය.

ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ අනුව මේ වසරේ දැනට දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988, 669 දක්වා ඉහළ ගොස් ඇත.