තම සේවා ස්ථානයෙන් මුදල් ගසාකන රාජ්‍ය අංශයේ සේවකයින්ට දඩුවම සිරදඬුවමක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්ථමේන්තුව මතක් කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වංචා කිරීම සඳහා වන දඬුවම පිළිබඳව මතක් කිරීමට අධිකාරිය සමාජ මාධ්‍ය වෙත යොමු වී තිබෙනවා.

රාජ්‍ය සේවකයෙකු රැකියාවේ යෙදී සිටියදී හෝ පැවරුමක යෙදී සිටියදී මුදල් ගසාකෑමට හසු වුවහොත්, එම අපරාධය සඳහා ව්‍යාජ ලේඛනයක් භාවිතා කිරීම හෝ නිල ලේඛනයක ව්‍යාජ පිටපතක් ළඟ තබා ගැනීම ​හෝ අපරාධයකට සම්බන්ධ නම්, දඬුවම අවම වශයෙන් වසර 5ක සිර දඬුවමකි.

මෙය ෆෙඩරල් ආඥා පනතේ 260 – 2021, 31 වැනි වගන්තියට අනුව බව නීතිපති දෙපාර්ථමේන්තුව පැවසීය.

Share.

Comments are closed.