අබුඩාබි සහ ඩුබායි 2023 දී මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ (MENA) වඩාත්ම ජීවත්වීමට සුදුසු නගර ලෙස පැවති බව ඉකොනොමිස්ට් බුද්ධි අංශ වාර්තා නිවේදනය කරතිබෙනවා.

අබුඩාබි සහ ඩුබායි එම ලැයිස්තුවට පිට පිට ඇතුළත් වූ පස්වැනි වසර මෙයයි. ප්‍රථම ස්ථානය අබුඩාබියට හිමි වූ අතර ඩුබායි දෙවන ස්ථානයට පත්විය. ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල අබුඩාබි 75 වන ස්ථානයේ පසුවූ අතර ඩුබායි 76 වන ස්ථානයට පත්ව ඇත.

වර්ගීකරණය පදනම් වී ඇත්තේ

  • ස්ථාවරත්වය
  • සෞඛ්‍ය සේවා
  • සංස්කෘතිය සහ පරිසරය
  • අධ්‍යාපනය
  • යටිතල පහසුකම්

යන කාණ්ඩ පහක් හරහා නගර 173 ක ජීවන තත්ත්වයන් පරීක්ෂා කිරීම මතය.

2023 දී MENA හි වඩාත්ම ජීවත්විය හැකි නගර 10

  • 1. අබුඩාබි
  • 2. ඩුබායි
  • 3. ටෙල් අවිව්
  • 4. කුවේට් නගරය
  • 5. දෝහා
  • 6. බහරේනය
  • 7. මස්කට්
  • 8. රියාද්
  • 9. ඕමානය
  • 10. ජෙඩා

2023 දී ලොව ජීවත්වීමට සුදුසුම නගර

  • 1. වියානා
  • 2. කෝපන්හේගන්
  • 3. මෙල්බර්න්
  • 4. සිඩ්නි
  • 5. වැන්කුවර්
  • 6. සූරිච්
  • 7. කැල්ගරි
  • 8. ජිනීවා
  • 9. ටොරොන්ටෝ
  • 10. ඔසාකා
Share.

Comments are closed.