ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලූත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නියෝගය පරිදි නව ගාස්තු ජූලි මස 01වැනි දා සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 17,928 සිට රුපියල් 21,467 ක් දක්වා ද, ලියාපදිංචිය නැවත අලූත් කිරීමට රුපියල් 3,774 ක්ව පැවැති ගාස්තුව රුපියල් 4,483 ක් දක්වා ද, ඉහළ දමා තිබෙනවා.
විදේශ රැකියා නියෝජිතායතනයක බලපත්‍ර අලූත් කිරිමේ ගාස්තුව රුපියල් 58,974 සිට රුපියල් 117,949 ක් දක්වා ඉහළ දැමීමටයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

Share.

Comments are closed.