ඩුබායි හි වෙසෙන සියයක් ගැබිණි මව්වරු වෙනුවෙන් ටැප්රොබේන් ඉවෙන්ට් ආයතනය තුන්වන වරටත් සංවිධානය කෙරුණු, දානමය පුන්‍යකර්මය 2023 ජූලි මස 01 දින දහවලදී සාර්ථකව පවත්වනු ලැබුවා.

ඉතාමත් පිරිසිදුව සහ ප්‍රණීතව පිළියෙල කොට, නැවුම් බව සුරැකෙන ලෙ​ස කෙසෙල් කොලයේ ඔතා මෙම ආහාර පාර්සල් ලබාදීමට සංවිධායකයන් කටයුතු කොට තිබුණා. ටැප්රොබේන් ඉවෙන්ට් ආයතනය වෙත මව්වරු විසින් කලින් ලබාදුන් පදිංචි තොරතුරු අනුව ඔවුන් වෙසෙන නිවෙස් වලට​ම මෙම ආහාර පාර්සල් බෙදාදීම​ට කටයුතු සලසනු ලැබුවා.

දානයේදී ලබාදුන් ආහාර වල ප්‍රමිතිය හා ​ප්‍රණීත බව සඳහා මව්වරුන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් හා ඇගයීමක් ලැබුණා.

Share.

Comments are closed.