ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරඟාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

එක්දින ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ සුපිරි හය දෙනාගේ වටයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ස්කොට්ලන්තය සමග පැවැති තර​ඟයෙන් ස්කොට්ලන්තය කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය.

මෙම තරගයේ පරාජයත් සමගින් කොදෙව්වන්ට එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය. ඒ අනුව මෙවර ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව්වන් තර​ඟ නොකරන එක්දින ලෝක කුසලානයක් පැවැත්වෙනු ඇති අතර කොදෙව්වන් මීට පෙර අවස්ථා දෙකකදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබුණි.

Share.

Comments are closed.