Meta හි අලුතින් දියත් කරන ලද සමාජ මාධ්‍ය යෙදු​ම Threads වෙත මිලියන 10ක පරිශීලකයින් ලියාපදිංචි වී ඇති අතර, එය දියත් කර දිනකටත් අඩු කාලයකදී මෙසේ සිදුවී ඇති බ​ව ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසීය.

“පැය හතක් තුළ මිලියන 10 ක් ලියාපදිංචි වේ” යනුවෙන් සකර්බර්ග් සිය නිල ත්‍රෙඩ් ගිණුමේ ලියා ඇත.

සකර්බර්ග් පසුගියදා Threads ​සමගින් ට්විටර් වෙත සෘජු අභියෝගයක් දියත් කළ අතර, එහි හිමිකරු එලෝන් මස්ක්ගේ අවුල් සහගත තීරණ මාලාවකින් පසු එහි ප්‍රතිවාදියාගේ බෙහෙවින් දුර්වල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරනා අතරතු​ර පැය කිහිපයකින් මිලියන ගණනක් පරිශීලකයින් ලබා ගත්තේය.

නව Meta වේදිකාවට සම්බන්ධ වීමට ඉක්මන් වූවන් අතර Kim Kardashian සහ Jennifer Lopez වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම ඩිමොක්‍රටික් එක්සත් ජනපද නියෝජිත ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි ප්‍රමුඛ දේශපාලනඥයන් ද ඇතුළත් විය.

“Let’s do this. Welcome to Threads,” සකර්බර්ග් ෆයර් ඉමොජියක් සමඟ යෙදුමේ ඔහුගේ පළමු පෝස්ට් එකේ ලිවීය. ඔහු පැවසුවේ යෙදුම පැය හතක් තුළ මිලියන 10 ක් ලියාපදිංචි වූ බවයි.

Threads ස්වාධීන යෙදුමක් ලෙස දියත් කරන අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිවිසුම් විස්ත​ර භාවිතයෙන් ලොග් වී එම ගිණුම් අනුගමනය කළ හැකිය.

Share.

Comments are closed.