සාජාහි පදිංචිකරුවන්ට සහ සංචාරකයන්​ට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම සහතික කිරීම සඳහා සාජා මහ නගර සභාව විසින් එහි හරිත ප්‍රදේශවල හැසිරීම් 10 ක් තහනම් කොට තිබෙනවා.

උල්ලංඝනය කිරීම් හෝ වගකීම් රහි​ත හැසිරීම් සම්බන්ධයෙන් නගර සභාව පවසා සිටියේ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව සියලු පරිපාලන හා නීතිමය පියවර ගන්නා බවයි.

ශිෂ්ටසම්පන්න සහ සෞන්දර්යාත්මක පෙනුම වැඩිදියුණු කිරීම සහ මහජනතාවගේ සතුට හා තෘප්තිය ළඟා කර ගැනීම මෙහි අරමුණ බව නගර සභාව පවසයි.

මහ නගර සභාව සිය අධීක්‍ෂණය සහ දැනුවත් කිරීම තීව්‍ර කර ඇති අතර හරිත පෘෂ්ඨයන් නිරීක්ෂණය කිරීම සඳහා පරීක්ෂකවරුන් 60 දෙනෙකු යොදවා ඇත, අඛණ්ඩ නිරීක්ෂණ චාරිකා සංවිධානය කිරීම, නීති සහ මාර්ගෝපදේශ පිළිපැදීම තහවුරු කිරීම සහ පෙනුම විකෘති කරන කිසිදු ඍණාත්මක ක්‍රියාවක් සිදු නොකරන ලෙස ඉල්ලා සිටිමින් දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා හැරීම​ද සිදු කොට තිබෙනවා.

එම හැසිරීම් 10 මෙසේය.

  • අපද්‍රව්‍ය විසි කිරීම හෝ තණකොළ මත එය අත්හැරීම
  • ඕනෑම පොදු දේපලක් විනාශ කිරීම හෝ උත්සා​හ කිරීම
  • බාබිකියු දැමීම සහ ගිනි සහිත කඳවුරු බැඳී​ම
  • හරිත ප්‍රදේශයේ පන්දු ක්‍රීඩා කිරීම
  • සතුන් ගෙන ඒම
  • තණකොළ හෝ මල් වලට හානි කිරී​ම
  • බයිසිකල් සහ යතුරුපැදි භාවිතය (ඒවා භාවිතය ඔවුන් සඳහා නම් කර ඇති ස්ථානවලට සීමා වේ)
  • ෂීෂා දුම් පානය
  • පටිගත කිරීමේ උපාංගවල ශබ්දය ඉහළ නැංවීම සහ ඒ හා සමාන ​දේ
  • බලපත්‍රයක් නොමැතිව උද්‍යානවල සහ පොදු ස්ථානවල කඳවුරු බැඳීම හෝ නිදාගැනීම ඇතුලත් වෙනවා
Share.

Comments are closed.