ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ස්කොට්ලන්තයට එරෙහිව ඊයේ පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගත් නෙදර් ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.

තර​ඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon McMullen හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමග ලකුණු 106ක් රැස්කළේය. නායක Richie Berrington ස්කොට්ලන්තය වෙනුවෙන් ලකුණු 64ක් රැස්කර ගැනීමට සමත්විය.

අගනා පන්දු යැවීමක නිරත වූ Bas de Leede කඩුලු 5ක් බිඳහෙළීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 278ක් රැස්කරගනිමින් තර​ඟයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය. එහිදී මෙම තර​ඟය පුරා අනසක පතුරමින් තරගයේ වීරයා වූ Bas de Leede පිත්තෙන් ද දස්කම් දක්වමින් හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සම​ඟ ලකුණු 123ක් රැස්කළේය.

Vikramjit Singh ලකුණු 40ක් රැස්කිරීමට සමත්විය.

අවසානයේ පිටියට පිවිසි Logan van Beek කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයමින් ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත්විය.

Share.

Comments are closed.