Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2050 වන විට මාර්ගයන්හි විදුලි වාහන 50%ක් ඉලක්ක කරයි
Environment

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2050 වන විට මාර්ගයන්හි විදුලි වාහන 50%ක් ඉලක්ක කරයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වර්ධනය වන විද්‍යුත් වාහන (EV) කර්මාන්තයට සහාය වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා වාහන ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් හඳුන්වා දීමට නියමිතය. බලශක්ති සහ යටිතල පහසුකම් අමාත්‍ය සුහෙයිල් බින් මොහොමඩ් අල්මස්රොයි විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී අනුමත කරන ලද ජාතික විදුලි වාහන ප්‍රතිපත්තියේ විස්තර ගෙනහැර දැක්වීමෙදී මෙම තොරතුරු හෙලිවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි වාහන

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සඳහා වන ප්‍රමිතීන් පෙළගැස්වීමට මෙන්ම රට පුරා සිටින පාර්ශ්වකරුවන් අතර ඒකාග්‍රතාවයට පහසුකම් සැලසීමේ ප්‍රයත්නයන්​ට මඟ පෙන්වීම සඳහා මෙම ප්‍රතිපත්තිය නියාමන රාමුවක් ලෙස ක්‍රියා කරයි.

බලශක්ති සහ යටිතල පහසුකම් අමාත්‍යාංශය (MoEI) විසින් වැඩි දියුණු කරන ලද මෙම ප්‍රතිපත්තිය Global EV Market පරිවර්තන ව්‍යාපෘතියේ ප්‍රතිඵලයකි. ප්‍රවාහනය ඇතුළු දැඩි අවශ්‍යතා ඇති අංශවල බලශක්ති පරිභෝජනය අවම කිරීම සඳහා දියත් කරන ලද ජාතික බලශක්ති හා ජල ඉල්ලුම කළමනාකරණ වැඩසටහනේ අරමුණු සඳහා එය සහාය වේ.

අමාත්‍යවරයා මෙසේ පැවසීය: “මෙම ප්‍රතිපත්තිය දේශීය වෙළඳපල නියාමනය කිරීම, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ඒවායේ අලෙවිය වැඩි කිරීම සඳහා සමතුලිත ආර්ථික, පාරිසරික සහ සමාජ දිරිගැන්වීම් ඇති කිරීම තුළින් හරිත සංචලනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරනු ඇත.

“මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, 2050 වස​ර වන විට ප්‍රවාහන අංශයේ බලශක්ති පරිභෝජනය 40% කින් සහ කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් 10 කින් අඩු කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇත, එසේම අපගේ මාර්ගවල 2050 වස​ර වන විට මුළු වාහනවලින් 50% දක්වා විදුළි වාහනවල නියෝජනය වැඩි කරයි.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ප්‍රතිපත්තිය මගින් විද්‍යුත් සහ දෙමුහුන් වාහන විනිවිද යාම වේගවත් කරනු ඇත, ලෝක මට්ටමේ විද්‍යුත් වාහන යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට සහ දේශීයව විද්‍යුත් වාහන බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ තාක්ෂණික රාමු සැකසීමට උපකාරී වනු ඇත.”

“මෙය හරිත සංචලනය දියුණු කිරීමේ අරමුණින් විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථානවල ආයෝජනය කිරීමට ව්‍යාපාරික අංශය දිරිමත් කරනු ඇත.”

ජාතික විදුලි වාහන ප්‍රතිපත්තිය මගින් ෆෙඩරල් සහ පළාත් පාලන සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමඟ එක්ව විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීම, අදාළ දර්ශකවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය වංචනික පණිවිඩවලට එරෙහිව අනතුරු අඟවයි
Next Article පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කරයි
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.