Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»දඹුල්ල අවුරා පිලට ලකුණු 50 ක ජයක්
Events

දඹුල්ල අවුරා පිලට ලකුණු 50 ක ජයක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දඹුල්ල අවුරා කණ්ඩායම ආරම්භයේදීම අඩු ලකුණු ප්‍රමාණයකට කඩුළු කීපයක් බි​ඳ වැටුණ නමුත් ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන බෙන් මැක්ඩොමට් (නොදැවී 69) සහ ඇලෙක්ස් රොස් (52) දෙදෙනා එක්ව කණ්ඩායම ලකුණු 166 ක් දක්වා රැගෙ​න ගියහ. එයින් දිරිමත් වූ දඹුල්ල පන්දු යවන්නෝ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලකුණු 116 කට සීමා කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති LPL තර​ඟයේදී ලකුණු 50 ක ජයක් අත්කර ගත්හ.

මෙම තරගයේ ජයත් සමගින් දඹුල්ල පිල නැවත වරක් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත්තේය. දඹුල්ල අවුරා සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 කි.

ලකුණු 46 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් අසරණ වූ දඹුල්ල අවුරා පිලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් මැක්ඩොමට් සහ ඇලෙක්ස් රොස් එක්ව, ඕවර 9.5 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

80-90 දශක වලදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ අති විශිෂ්ට වේග පන්දු යවන්නකු වූ ක්‍රෙග් මැක්ඩොමට්ගේ පුතණුවන් වන බෙන්ජමින් මැක්ඩොමට්, පන්ඳු 46 කට මුහුණ දුන්නේය. ඔහු ලබාගත් ලකුණු 69 න් ලකුණු 40 ක් හතරේ සහ හයේ පහර වලිනි. පන්දු 38 කින් ලකුණු 52 ක් ලබාගත් ඇලෙක්ස් රොස් හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සැරසීය.

මතීෂ පතිරණ පමණක් කඩුලු 2 ක් දවාගත් අතර අනෙක් කඩුලු තුනම නසීම් ෂා, චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩසේ අතර බෙදී ගියේය.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිතිකරුවන් කිසිවකුට ලකුණු 21 සීමාව ඉක්මවා යා නොහැකි විය. බිනුර ප්‍රනාන්දු (18/2) සහ හසන් අලී (16/3) එක්ව කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ පළමු කඩුලු 5 ම ලකුණු 74 කට බිම දැමීය.

දඹුල්ල අවුරා – ඕවර 20 කදී කඩුලු 5 ට 166 යි

(බෙන් මැක්ඩොමට් නොදැවී 69, ධනංජය ද සිල්වා 11, ඇලෙක්ස් රොස් 52, මතීෂ පතිරණ 36/2)

කලම්බු ස්ට්‍රයිකර් ස් – ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 116 යි

(පැතුම් නිස්සංක 12, බාබර් අසාම් 11, නිරෝෂන් දික්වැල්ල 17, නුවනිඳු ප්‍රනාන්දු 21, ඉෆ්තාකාර් අහමඩ් 18, මොහොමඩ් නවාස් 20, බිනුර ප්‍රනාන්දු 18/2, හසන් අලී 16/3, නූර් අහමඩ් 14/2, දුෂාන් හේමන්ත 16/2)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑකම උපාංගයෙන් WhatsApp ගිණුම් කිහිපයක් හැසිරවීමට ​නව විශේෂාංගය ලඟදී​ම
Next Article මැතිව්ස් බී-ලව් කැන්ඩි ජයග්‍රහණය කරා ගෙනයයි
Stanly Kularathna

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.