Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»මැතිව්ස් බී-ලව් කැන්ඩි ජයග්‍රහණය කරා ගෙනයයි
Events

මැතිව්ස් බී-ලව් කැන්ඩි ජයග්‍රහණය කරා ගෙනයයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බී-ලව් කැන්ඩි කණ්ඩායමේ මොහොමඩ් හාරිස් (81) හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 22 කට වඩා ලබාගත නොහැකි විය. එහෙත් විස්සයි-20 තර​ඟ 191 ක අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් පන්දු 8 ක් ඇතුළත ජැෆ්නා කිංග්ස් පිලේ හොඳම පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූ බැවින්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති LPL තරගයේදී ලකුණු 08 ක තියුණු ජයක් ලබාගත් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ අත්කර ගත්හ.

ඊයේ පැවැති ​තරගයෙන් පසුව දඹුල්ල අවුරා කණ්ඩායම ශු.ල.වේ. 0.489 පසාද ලකුණු පුවරුවේ පෙරමුණේ සිටි නමුත්, බී-ලව් කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය 0.496 ක් විය. දෙපිලම තරග 6 කදී ප්‍රසාද ලකුණු 08ක් ලබා සිටිති.

ඊයේ පස්වරුවේ පැවැති තර​ඟයේදී කාසියේ වාසිය දිනාගත් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයන්ට තමන්ගේ තීරණය සිතූ තරම් වාසිදායක නොවීය. පාකිස්තානු ජාතික මොහොමඩ් හාරිස්, හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් ද සමගින්, පන්දු 51 කින් ලකුණු 8lක් ලබාගත් නමුත් කැන්ඩි පිලේ වෙනත් කිසිම පිතිකරුවකුට ලකුණු 22 පසුකර යා නොහැකි විය. එසේ වුවත් ලබාගත් ලකුණු 178 ආරක්‍ෂා කරගැනීම සඳහා අපූරු තීරණයක් ගත් නායක වනිඳු හසරංග, පළමුවෙන්ම පන්දු යැවීම ඇන්ජලෝ මැතිව්ට බාර කළේය.

ඕවර 3 ක් පමණක් යැවූ මැතිව්ස්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ජැෆ්නා කිංග්ස් පිලේ භයානකම ප්‍රහාරකයා වන රමනුල්ලා ගුර් බාස් දැවී ගියේය. මැතිව්ස්​ගේ දෙවැනි සහ තුන්වැනි ඕවර වල පළමු පන්දු දෙකේදීම නිශාන් මධුෂ්ක සහ චරිත් අසලංක දැවී ගිය බැවින්, ඕවර 4.1 කදී ජැෆ්නා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 16 කට කඩුලු 3 ක් ලෙසිනි. මැතිව්ස් විසින් යවන ලද පන්දු 8 ක් ඇතුළත ජැෆ්නා කිංග්ස් පිලේ ප්‍රබලතම පිතිකරුවෝ තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

ෂොයිබ් මලික් (55), ක්‍රිස් ලින් (27) සහ තිසර පෙරේරා (36) ඉලක්කය කරා ආසන්න වීමට බලවත් උත්සාහයක් ගත් නමුත් ලින් සහ තිසර පෙරේරා දෙදෙනාම නුවන් ප්‍රදීප්ට ගොදුරු විය.

ජැෆ්නා ජයග්‍රහණය සඳහා අවසන් ඕවර දෙකේදී ලකුණු 26 ක් අවශ්‍ය වූවත්, ෂොයිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ දෙදෙනාට ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි. මේ වන විට ලොව සිටින වඩාත්ම පළපුරුදු විස්සයි-20 පිතිකරුවා වන ෂොයිබ් මලික් (තරග 513 කදී ලකුණු 12,657) තවත් අර්ධ ශතකයක් තම වාර්තා පොතට ඇතුළත් කරගත්තේය.

බී-ලව් කැන්ඩි – ඕවර 20 කදී කඩුළු 8ට ලකුණු 178 යි

(මොහොමඩ් හාරිස් 81, ෆකර් සමාන් 22, ඇන්ජලෝ මැතිව්ස් 22, වනිඳු හසරංග 19, නුවන් තුෂාර 31/3, දුනිත් වෙල්ලාලගේ 43/2, ඩිල්ෂාන් මධුශංක 31/2)

ජැෆ්නා කිංග්ස් – ඕවර 20 කදී කඩුළු 6 ට 170 යි

(ක්‍රිස් ලින් 27, ෂොයිබ් මලික් නොදැවී 55, ඩේවිඩ් මිලර් 24, තිසර පෙරේරා 36, ඇන්ජලෝ මැතිව්ස් 10/3, නුවන් පුදීප් 48/2)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදඹුල්ල අවුරා පිලට ලකුණු 50 ක ජයක්
Next Article එයාර් ඇරබියා 2023 දෙවන කාර්තුවෙහි ඩොලර් මිලියන 125 ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි
Stanly Kularathna

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.