ඩුබායි සෞඛ්‍ය අධිකාරිය (DHA) සැප්තැම්බර් 10 ඉරිදා වැසියන් සඳහා දැවැන්ත සෞඛ්‍ය සමීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වේ. ඩිජිටල් ඩුබායි සහ ඩුබායි සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් කෙරෙන මෙම මුලපිරීම මහජන සෞඛ්‍යය සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇති බව වාර්තා වෙයි.

නිදන්ගත රෝග සහ සෞඛ්‍ය ගැටලු, ජීවන රටා තේරීම්, සෞඛ්‍ය වියදම් සහ සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කෙරේ.

සමීක්ෂණයට ලක් වූවන්ගේ දත්ත සහ තොරතුරුවල දැඩි පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය බලධාරීන් විසින් සහතික කරනු ඇත. ඩුබායි ගෘහස්ථ සෞඛ්‍ය සමීක්ෂණය 2023 ජාත්‍යන්තර ප්‍රොටෝකෝලවලට අනුකූලව පවත්වනු ලබන අතර මීට පෙර 2009, 2014 සහ 2019 දී සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

ක්ෂේත්‍ර සමීක්ෂණය සාමාන්‍ය ජනතාව සහ කම්කරු කණ්ඩායම් වලට අමතරව පුරවැසියන් සහ පදිංචිකරුවන් ලෙස ළමයින්, නව යොවුන් වියේ පසුවන්නන්, කාන්තාවන්, පිරිමින් සහ වැඩිහිටියන් ඇතුළු විවිධ කොටස් නියෝජනය වන ලෙ​ස තෝරාගත් සමාජයක් ඉලක්ක කරනු ඇත.

සමීක්ෂණය සඳහා සූදානම් වීමේ ක්‍රියා පටිපාටි ඉහළම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන අතර පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා දැඩි පාලනයකින් යුතුව ක්‍රියාත්මක කෙරේ.

සමීක්ෂණය සිදුකිරීමේ ක්‍රියාවලිය සර​ළ කර ඇති අතර විද්‍යුත් දත්ත පෝරමය පිරවීමෙන් සහ දියවැඩියාව සහ රුධිර පීඩනය වැනි සෞඛ්‍ය තත්ත්වයන් මැන බැලීමෙන් පටන් ගෙන සරල පියවර කිහිපයකින් එය සිදු කෙරේ.

සෞඛ්‍ය තත්ත්වයන් හඳුනාගෙන කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමට වැසියන්ට අවස්ථාව ලබා දීම සමීක්ෂණය අපේක්ෂා කරයි.

Share.

Comments are closed.