Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩි’කොක්ගේ ශතකය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි
Events

ඩි’කොක්ගේ ශතකය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 25, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 149 ක පහසු ජයක් වාර්තා කිරී​මට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 388 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට දකුණු අප්‍රිකානු පන්ඳු යවන්නන්ගේ දක්ෂ පන්ඳු යැවීම හමුවේ ඕවර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 233 ක් පමණි.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී, එක් අන්තයක් රැකගෙන පන්ඳුවට පහරදුන් මහමදුල්ලා රියාද් පන්ඳු 111 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 1 ක් සමග ලකුණු 111 ක් රැස්කළ නමුත් බංග්ලාදේශය කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. ජෙරල්ඩ් කොයෙට්සර් ලකුණු 63 කට කඩුළු 3 ක් බිඳහෙළු අතර මාකෝ ජැන්සන්, කගිසෝ රබාඩා සහ ලිසාඩ් විලියම්ස් කඩුළු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්ඳුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 382 ක් ලබාගැනීමට සමත් විය. ඔවුන් මෙම තරගාවලියේදී ලකුණු 350 සීමාව පසුකර ගිය තෙවැනි අවස්ථාවද මෙය විය. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක්, පන්ඳු 140 කින් ලකුණු 174 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි.

මෙම ඉනිමත් සමග එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම වාර සංඛ්‍යාවක් (3) ලකුණු 150 සීමාව පසුකර ගිය කඩුළු රකින්නා බවට පත්වීමට ඩි’කොක්ට හැකි විය. ලෝක කුසලාන තරගයකදී දකුණු අප්‍රිකානු පිතිකරුවකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයකදී පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය විය.

ලකුණු 36 කට කඩුළු 2 ක් බිඳවැටී තිබියදී නායක ඒඩ්න් මාක්‍රම් (60) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 137 කදී ලකුණු 131 ක් එක්කළ ඩි’කොක්, ඉන් නොනැවතී හෙන්රිච් ක්ලාසන් (90) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 87 කදී ලකුණු 147 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එහිදී පන්ඳු 69 කට මුහුණදුන් මාක්‍රම් හතරේ පහර 7 කින් සිය 9 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ක්ලාසන්, පන්ඳු 49 කදී වාර්තා වූ සිය 6 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 8 කින් සහ හතරේ පහර 2 කින් අලංකාර කළේය. අවසන් ඕවර කිහිපයේදී පන්ඳු 15 කට මුහුණදුන් ඩේවිඩ් මිලර් එහිදී නොදැවී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගිනි.

දකුණු අප්‍රිකාව – ඕවර 50 කදී කඩුළු 5 ක් දැවී 382

(ක්වින්ටින් ඩි’කොක් 174, ඒඩ්න් මාක්‍රම් 60, හෙන්රිච් ක්ලාසන් 90, ඩේවිඩ් මිලර් නොදැවි 34, හසන් මහමුද් 67/2)

බංග්ලාදේශය – ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 233

(ලිටන් දාස් 22, මහමදුල්ලා රියාද් 111, නසුම් අහමඩ් 19, හසන් මහමුද් 15, ජෙරල්ඩ් කොයෙට්සර් 62/3, මාකෝ ජැන්සන් 39/2, කගිසෝ රබාඩා 42/2, ලිසාඩ් විලියම්ස් 58/2)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි මාස 8 තුළ විද්‍යුත් ස්කූටර් අනතුරුවලින් 5 දෙනෙකු මියයයි: 29 දෙනෙකු තුවාල ලබයි
Next Article UAEහි ගිනි ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමට එරෙහිව අධිකාරිය අනතුරු අඟවයි: ඩිරාම් 2,000 ක දඩයක්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.