එමීර් රාජ්‍යයේ විශාලතම අධිවේගී මාර්ගයේ කොටසක් වන ඩුබායි sheikh zayed  මාර්ගය එලඹෙන ඉරිදා (නොවැම්බර් 26 ) විශාලතම ධාවන පථයක් බවට පත් වීමට නියමිතය.  මේ හේතුවෙන් sheikh zayed මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට සිදු වේ.  මාසයක් පුරා පැවති ඩුබායි යෝග්‍යතා අභියෝගයේ (Dubai Fitness Challenge ) අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කිරීමට මෙලෙස සැලසුම් කර තිබේ.

ඒ අනුව, ඩුබායි පොලීසියේ සුපිරි මෝටර් රථ පෙලපාළියකින් ධාවනයේ සමාරම්භය සිදුවේ.  මෙය නිදහස් ධාවන තරඟයක් වන අතර වයස් භේදයකින් හා ධාවන හැකියා මට්ටමකින් තොරව  සැමටම සහභාගී විය හැකි විවෘත තරඟයකි.   ධාවන මාර්ග දෙකක් මෙහිදී හදුන්වා දී තිබෙන අතර ඒවායේ ගමන් මාර්ග පහත පරිදි වේ.

1. ඩවුන් ටවුන් මාර්ගය – (5km ) එය අනාගත කෞතුකාගාරය sheikh zayed මාර්ගයෙන් ආරම්භ වී Burj Khalifa හා Dubai Opera හරහා Dubai mall අසලින් අවසන් වේ.

2.  Sheikh Zayed මාර්ගය – (10km)  අනාගත කෞතුකාගාරයෙන් ආරම්භ වී ඩුබායි ඇල පාලම හරහා ගොස් zayed මාර්ගය දිගේ DIFC ගේට්ටුව අසලින් අවසන් වේ.

මාර්ග දෙක සදහා වෙබ් අඩවිය හරහා නොමිලේ ලියාපදිංචි විය හැකි අතර ධාවකයන්ට තමන් කැමති මාර්ගයක් තෝරා ගැනීමට අවස්ථාව සලසා ඇත. ලියාපදිංචි සැමට බිබ් එකක් ලැබෙන අතර එය නොමැති අයට තරඟයට සහභාගී වීමට නොහැක. පසුගිය වසරේ මෙම ධාවන තරඟය සදහා Joggers, wheelers යන ධාවකයින් ඇතුලුව ධාවකයින් 193, 000 ක් පමණ සහභාගී වී ඇත. ලොව විශාලතම ප්‍රජා යෝග්‍යතා ඉසව්ව ලෙස මෙම අවස්ථාව වාර්තාගත විය. මෙවරද විශාල පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උප ජනාධිපති , අගමැති හා ඩුබායි පාලක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ උපදෙස් පරිදි ඩුබායි නගරය ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී අගනගරය බවට පත් කිරීමේ හා ඩුබායි නගරය ජීවත් වීමට ලොව ඇති හොදම නගරයක් බවට පත් කිරීමේ සැලසුමේ තවත් එක් පියවරක් ලෙස මෙම තරඟය හැඳින්විය හැකිය. 

Share.

Comments are closed.