ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කල අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය තව දුරටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21) නිවේදනය කලේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල හමුවේදී මේ පිළිබඳ නිවේදනයක් නිකුත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා ලෙස තවදුරටත් ෂම්මි ද සිල්වා මහතා පිළිගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබෙන අතර තහනම පැවතුනද ජාතික කණ්ඩායම සහභාගී වන තරඟාවලි සඳහා එයින් බලපෑමක් ඇති නොවන බවද සදහන් කලේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන මුදල් දැඩි පාලනයක් යටතේ නිදහස් කිරීමටද තීරණය කර ඇත.

තවද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19 පහළ ලෝක උපදාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කවුන්සිලය තීරණය කර තිබේ.
එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ICC නිවේදනය මෙසේය,

Share.

Comments are closed.